Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 15:15 - Sinhala Revised Old Version

15 ෂල්ලුම්ගේ අනික් ක්‍රියාද ඔහු කළාවූ කුමන්ත්‍රණයද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ෂල්ලුම්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ කුමන්ත්‍රණය ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ෂල්ලුම්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ කුමන්ත්‍රණය ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 15:15
6 හුවමාරු යොමු  

ශෙකරියාගේ අනික් ක්‍රියා ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.


ආහබ්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඔහු සෑදූ ඇත් දත් ගෙයද ගොඩනැගූ සියලු නුවරවල්ද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?


රෙහොබොවම්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?


යෙරොබොවම්ගේ අනික් කාරණා එනම්, ඔහු යුද්ධකළ හැටිද රජකම්කළ හැටිද ඉශ්‍රායෙල් රජවරුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.


එවිට ගාදීගේ පුත්‍රවූ මෙනහෙම් තිර්ශා සිට පිටත්වී සමාරියට ඇවිත් යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම්ට සමාරියේදී පහරදී ඔහු මරා, ඔහු වෙනුවට රජවුණේය.


එකල මෙනහෙම් තිප්සාටත් එහි සිටි සියල්ලන්ටත් තීර්ශා පටන් එහි පළාත්වලටත් පහර දුන්නේය. ඔවුන් ඔහුට නුවර දොරටු නොහැරිය බැවින් ඔහු ඔවුන්ට පහරදී එහි සිටි සියලු ගර්භීණීන් ඉරාදැමුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්