ඔහු ඒදොම්හි හැම තැනම මුරකාර සමුදාවල් තැබුවේය, සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජයදුන්සේක.
1 රාජාවලිය 2:3 - Sinhala Revised Old Version නුඹ කරන සියල්ලේදීද නුඹ යන සෑම තැන්වලදීද නුඹට ශුභසිද්ධ වෙන පිණිසත්, ස්වාමීන්වහන්සේ මට කථාකොට–නුඹේ පුත්‍රයෝ තමුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මා ඉදිරියෙහි සැබෑකමින් හැසිරෙන හැටියට තමුන්ගේ මාර්ගය බලාගන්නෝ නම් ඉශ්‍රායෙල් සිංහාසනය පිට හිදීමට නුඹට කෙනෙක් නැතුව නොයන්නේයයි කියා උන්වහන්සේ කීවාවූ තමන්ගේ වචනය උන්වහන්සේ ඉෂ්ටකරන පිණිසත්, Sinhala New Revised Version ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නියමයන් ඉටු කරමින්, දෙවි මඟ ගමන් කරන්න. ඔබ කරන සියල්ලේ දී ද ඔබ යන සෑම තැන්වල දී ද ඔබට ශුභසිද්ධිය සැලසෙන පිණිස මෝසෙස්ගේ නීති සංග්‍රහයේ සටහන් පරිදි උන් වහන්සේගේ ආඥා හා පණත් ද විනිශ්චයයන් හා ශික්ෂා පද ද පිළිපදින්න. Sinhala New Revised Version 2018 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නියමයන් ඉටු කරමින්, දෙවි මඟ ගමන් කරන්න. ඔබ කරන සියල්ලේ දී ද ඔබ යන සෑම තැන්වල දී ද ඔබට ශුභසිද්ධිය සැලසෙන පිණිස මෝසෙස්ගේ නීති සංග්‍රහයේ සටහන් පරිදි උන් වහන්සේගේ ආඥා හා පනත් ද විනිශ්චයයන් හා ශික්ෂා පද ද පිළිපදින්න. |
ඔහු ඒදොම්හි හැම තැනම මුරකාර සමුදාවල් තැබුවේය, සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජයදුන්සේක.
දමස්කයේ සිරියාවෙහි මුරකාර සමුදාවල් තැබුවේය. සිරියවරුද දාවිත්ට මෙහෙකරුවෝව කප්පන් ගෙනාවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක.
සාලමොන් තමාගේ පියවූ දාවිත්ගේ නියෝග ලෙස හැසිර ස්වාමීන්වහන්සේට ප්‍රේම කෙළේය. නුමුත් ඔහු උස් තැන් පිට පූජා හා සුවඳ දුම් ඔප්පුකෙළේය.
ස්වාමීන්වහන්සේද ඔහු හා සමඟ සිටිසේක; ඔහු ගිය ගිය තැන සමෘද්ධවිය. ඔහු අෂූර්හි රජුට විරුද්ධව කැරළි ගසා, ඔහුට සේවය නොකොට සිටියේය.
ඔබගේ ආඥාද ශික්ෂාද පනත්ද පවත්වන්ටත්, මේ සියල්ලම ඉෂ්ටකරන්ටත්, මා විසින් සූදානම්කර තිබෙන මාලිගාව ගොඩනගන්ටත් මාගේ පුත්‍රවූ සාලමොන්ට සම්පූර්ණ සිතක් දුනමැනවයි කීවේය.
උන්වහන්සේගේ ශික්ෂා පවත්වන්නාවූ, මුළු සිතින් උන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.
ස්වාමීන්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත්කරන්නේය. ස්වාමීන්ගේ සාක්ෂිය සත්‍යය, නුවණ නැත්තන් ඥානවත්කරන්නේය.
සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.
නුඹලා නොනස්නා පිණිස සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ රෑ දාවල් සත් දවසක් සිටිමින් ස්වාමීන්වහන්සේගේ නියමය පවත්වන්න. මක්නිසාද එසේ මට අණකර තිබේයයි කීවේය.
මා විසින් සියලු ඉශ්‍රායෙල්වරුන් උදෙසා හොරෙබ්හිදී මාගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට අණකළ ව්‍යවස්ථාව වන නියෝග සහ විනිශ්චයන් සිහිකරන්න.
ඔවුන්ගේ දේශය අල්ලාගෙන, රූබෙන්වරුන්ටද ගාද්වරුන්ටද මනස්සේගේ අන්ධගෝත්‍රයටද එය උරුමයක් කොට දුනිමුව.
ඉතින් ඉශ්‍රායෙල්වරුනි, නුඹලා ජීවත්ව සිට නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන දේශයට ඇතුල්වී ඒක හිමිකරගන්නා පිණිස පවත්වන්ට මා විසින් නුඹලාට උගන්වන පනත්වලටද විනිශ්චයවලටද ඇහුම්කන්දෙන්න.
ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් ආ කල මෝසෙස් යොර්දානෙන් එගොඩදී හෙෂ්බොන්හි වාසයකළාවූ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ දේශයෙහි බෙත්-පෙයෝර් ඉදිරිපිට තිබෙන මිටියාවතේදී ඔවුන්ට කියාදුන් ශික්ෂාද පනත්ද විනිශ්චයවල්ද මේවාය.
බලව, නුඹලා හිමිකරගන්ට ඇතුල්වන දේශයේදී නුඹලා විසින් පවත්වන පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙසම පනත්ද විනිශ්චයන්ද නුඹලාට ඉගැන්වීමි.
අද මා විසින් නුඹලා ඉදිරිපිට තබන මේ මුළු ව්‍යවස්ථාව මෙන් ධර්මිෂ්ඨවූ පනත් හා විනිශ්චයන් ඇත්තේ වෙන කොයි මහත් ජාතියකටද?
මෝසෙස් සියලු ඉශ්‍රායෙල්වරුන් කැඳවා ඔවුන්ට කථාකොට: එම්බා ඉශ්‍රායෙල්වරුනි, අද නුඹලා අසාගන සිටියදී මා කියන පනත්ද විනිශ්චයවල්ද අසන්න; නුඹලා ඒවා ඉගෙනගෙන ඒවා කරන්ට බලාගන්න.
එහෙත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලා ප්‍රේමකොට, උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙමින්, උන්වහන්සේගේ ආඥා පවත්වා, උන්වහන්සේට ඇලුම්ව සිට, නුඹලාගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද උන්වහන්සේට සේවය කරන හැටියට ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹලාට අණකළ ආඥාවද ව්‍යවස්ථාවද රක්ෂාකරන්ට හොඳාකාරයෙන් බලාගන්නැයි කීවේය.
එබැවින් නුඹලා අතරේ ඉතිරිව සිටින මේ ජාතීන් අතරෙහි නොගැවසී, ඔවුන්ගේ දෙවිවරුන්ගේ නාම සඳහන් නොකොට, ඔවුන් ගැන නොදිවුරවා, ඔවුන්ට සේවය නොකර නමස්කාර නොකර සිටින පිණිස,
පිලිස්තිවරුන්ගේ අධිපතීහු පිටත්ව ආවෝය. තවද ඔව්හු යම් පමණ වර පිටත්ව ආවෝද එපමණ වර දාවිත් සාවුල්ගේ සියලු සේවකයන්ට වඩා නුවණින් හැසුරුණේය; ඒ නිසා ඔහුගේ නාමය ඉතා අනර්ඝ කොට සලකන ලද්දේය.
දාවිත් වනාහි සාවුල් තමා යැවූ හැම තැනටම ගොස් නුවණින් හැසුරුණේය. සාවුල් ඔහු යුද්ධකාරයන් කෙරෙහි ප්‍රධානියා කෙළේය, මුළු සෙනඟද සාවුල්ගේ සේවකයෝද ඊට ප්‍රසන්නවූහ.