Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 29:19 - Sinhala Revised Old Version

19 ඔබගේ ආඥාද ශික්ෂාද පනත්ද පවත්වන්ටත්, මේ සියල්ලම ඉෂ්ටකරන්ටත්, මා විසින් සූදානම්කර තිබෙන මාලිගාව ගොඩනගන්ටත් මාගේ පුත්‍රවූ සාලමොන්ට සම්පූර්ණ සිතක් දුනමැනවයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ඔබේ ආඥා ද ශික්ෂා ද පණත් ද පිළිපදින්නටත්, මේ සියල්ල ම ඉෂ්ට කරන්නටත්, මා සූදානම් කර තිබෙන මාලිගාව ගොඩනඟන්නටත් මාගේ පුත් සලමොන්ට ස්ථිර සිතක් දුන මැනව.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඔබේ ආඥා ද ශික්ෂා ද පනත් ද පිළිපදින්නටත්, මේ සියල්ල ම ඉෂ්ට කරන්නටත්, මා සූදානම් කර තිබෙන මාලිගාව ගොඩනඟන්නටත් මාගේ පුත් සලමොන්ට ස්ථිර සිතක් දුන මැනව.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 29:19
12 හුවමාරු යොමු  

දෙවියන්වහන්ස, රජ්ජුරුවන්ට ඔබගේ විනිශ්චයන්ද රාජ පුත්‍රයාණන්ට ඔබගේ ධර්මිෂ්ඨකමද දුන මැනව.


සාලමොන්, මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක. නුඹ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹට සම්බවෙනවා ඇත; නුමුත් නුඹ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ නුඹ සදාකාලයටම අහක දමනවා ඇත.


සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.


මෙන්න, මාගේ විපතේදී ස්වාමීන්වහන්සේගේ ගෘහයට රන් තලෙන්ත ලක්ෂයකුත් රිදී තලෙන්ත දශ ලක්ෂයකුත් ගණන් නැති තරම් පිත්තලත් යකඩත් සූදානම්කෙළෙමි; ඒවා අතිශයින් බොහෝය. ඒ ඇර ලීද ගල්ද සූදානම්කෙළෙමි; ඒවාට තව එකතුකරන්ට නුඹට පුළුවන.


මා ලජ්ජා නොවන පිණිස මාගේ සිත ඔබගේ පනත්වල සම්පූර්ණව පවතීවා.


අපේ පියවරුන්වූ ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ අදහස හා කල්පනා ඔබගේ සෙනඟගේ සිත්වල සදාකාලේටම පිහිටුවා, ඔවුන්ගේ සිත් ඔබ වෙතටම නමාගතමැනව.


අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කළ බව සිහිකළ මැනවයි කියා තදින් ඇඬුවේය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම යාකොබ්ගේ කූඩාරම්වල වහල්කම පහකොට, ඔහුගේ වාසස්ථානවලට අනුකම්පාකරන්නෙමි; නුවරද එහි හෙලපිට ගොඩනගනු ලැබ, මාළිගාව තිබුණු හැටියට පවතින්නේය.


අන් දෙවිවරුන් කෙරෙහි භය නොපවත්වා, උන්වහන්සේ ලියාදුන් නියෝගද පනත්ද ව්‍යවස්ථාද ආඥාද සෑම කල්හිම පවත්වන්ට බලාගන්න.


ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා, කමාවී, ඔබ අපේ පියවරුන්ට දුන් භූමිය මතු පිට ඔවුන් ජීවත්වෙන සියලු දවස්වල ඔබ කෙරෙහි භයවී ඔබගේ මාර්ගවල හැසිරෙන පිණිස,


උන්වහන්සේ ඔබගේ සෙනඟ ධර්මිෂ්ඨකමින්ද ඔබගේ දුප්පතුන් යුක්තියෙන්ද විනිශ්චයකරන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්