තවද ස්වාමීන්වහන්සේ සාලමොන්ට විරුද්ධකාරයෙකු කොට ඒදොමිය හදද් නැගිටෙවුසේක. ඔහු ඒදොම් රජ වංශයේ කෙනෙකි.
1 රාජාවලිය 11:13 - Sinhala Revised Old Version නුමුත් මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මා විසින් තෝරාගත් යෙරුසලම නිසාත් නුඹේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමියි කීසේක. Sinhala New Revised Version තවද, මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත්, මා තෝරාගත් ජෙරුසලම නිසාත් නුඹේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 තවද, මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත්, මා තෝරාගත් ජෙරුසලම නිසාත් නුඹේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි”යි වදාළ සේක. |
තවද ස්වාමීන්වහන්සේ සාලමොන්ට විරුද්ධකාරයෙකු කොට ඒදොමිය හදද් නැගිටෙවුසේක. ඔහු ඒදොම් රජ වංශයේ කෙනෙකි.
(එක ගෝත්‍රයක් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් ඉශ්‍රායෙල්ගේ සියලු ගෝත්‍රවලින් මා විසින් තෝරාගත් නුවර වන යෙරුසලම නිසාත් ඔහුට වන්නේය.)
දාවිත්ගේ වංශයට මේ කාරණය නිසා පීඩාකරන්නෙමි, එහෙත් සෑම කාලයටම නොවේය කියා කියනසේකැයි කීවේය.
යෙරොබොවම් නැවත ආ බව සියලු ඉශ්‍රායෙල්වරු අසා සභාවට ඔහු ගෙන්වාගන සියලු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඔහු රජකොට පත්කළෝය. යූදා ගෝත්‍රයම මිස දාවිත්ගේ වංශය අනුව ගියාවූ වෙන කිසිවෙක් නොවීය.
මාගේ නාමය එහි වන්නේයයි ඔබ යම් ස්ථානයක් ගැන කීසේක්ද ඒ ස්ථානය වන මේ ගෘහය දෙස ඔබගේ ඇස් රෑ දාවල් ඇරී තිබේවා. මේ ස්ථානය දෙසට ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන යාච්ඤාවද ඇසුව මැනව.
නුමුත් ස්වාමීන්වහන්සේ ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සමඟ කළ තමන්ගේ ගිවිසුම නිසා ඔවුන්ට කරුණාකොට, ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන් සැලකූසේක. උන්වහන්සේ ඔවුන් නැතිකරන්ට අකැමැතිව, ඒ වන තුරු ඔවුන් තමන් ඉදිරියෙන් අහක නොදමා සිටිසේක.
ඒ නිසා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඉතා උදහස්වී තමන්ගේ ඇස් හමුයෙන් ඔවුන් පහකළසේක. ඉතුරුවුණේ යූදා ගෝත්‍රය පමණක්ය.
මක්නිසාද මා නිසාත් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මේ නුවර ගළවන්ට මම ඒක රැකගන්නෙමියි කියනසේකැයි කියා ඇරියේය.
තවද: මාගේ නාමය යෙරුසලමෙහි තබන්නෙමියි ස්වාමීන්වහන්සේ යම් ගෘහයක් ගැන කීසේක්ද ඒ ගෘහයෙහි ඔහු පූජාසන ගොඩනැගුවේය.
ස්වාමීන්වහන්සේ කථාකොට: මා විසින් ඉශ්‍රායෙල් පහකරදැමුවාක්මෙන් යූදාත් මාගේ ඇස් හමුයෙන් පහකරදමා, මා තෝරාගත් මේ නුවර වන යෙරුසලමද මාගේ නාමය එහි පවතින්නේයයි මා කී ගෘහයද අත්හැර දමන්නෙමියි කීසේක.
එසේවී නුමුත් ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ දාවිත්ට ඔහුගේ පුත්‍රයන් අතරෙන් නිතරම පහනක් දෙන්ට පොරොන්දුවුණු ලෙස, ඔහු නිසා යූදා නැතිකරන්ට අකැමැතිවූසේක.
නුමුත් ස්වාමීන්වහන්සේ දාවිත් සමඟ කළ ගිවිසුම නිසාද ඔහුටත් ඔහුගේ දරුවන්ටත් සෑම කල්හිම පහනක් දෙන්ට පොරොන්දුවූ නිසාද දාවිත්ගේ වංශය නැතිකරන්ට අකැමැතිවූසේක.
එවිට ජාතියේ තානාපතියන්ට දිය යුතු උත්තරය කිමෙක්ද? ස්වාමීන්වහන්සේ සියොන් පිහිටුවා තිබේ, උන්වහන්සේගේ සෙනඟ අතරෙන් පීඩිත අය එහි ආරක්ෂාව ලබන්නෝය කියාය.
මම සියොන් උදෙසාත් යෙරුසලම උදෙසාත් නිශ්ශබ්දව නොසිටින්නෙමි, එහි ධර්මිෂ්ඨකම ආලෝකය මෙන්ද එහි ගැළවීම ඇවිලෙන පහනක් මෙන්ද නික්මෙන තුරු නොනවතින්නෙමි.
උන්වහන්සේ යෙරුසලම පිහිටුවා පොළොවෙහි ඒක ප්‍රශංසාවක් කරන තුරු නුඹලා නිෂ්කලංක නොගන්න, උන්වහන්සේට නිෂ්කලංක නොදෙන්න.
මෙතැන් පටන් සදාකාලයටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිරකර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේගේ ජවලිතය මෙය ඉෂ්ටකරන්නේය.
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය පිහිටුවන්ට තෝරාගන්නාවූ ස්ථානයට මා විසින් නුඹලාට අණකරන නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලා කැමැත්තෙන්ම වෙන්නාවූ නුඹලාගේ සියලු විශිෂ්ට බාරද ගෙනවුත්,
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් නාමය තබන පිණිස නුඹලාගේ සියලු ගෝත්‍ර අතරෙන් තෝරාගන්න ස්ථානය වන උන්වහන්සේගේ වාසස්ථානයටම ළඟාවී එහි පැමිණෙන්න.
ඔවුන්ගේ දේශය හිමිකරගැනීමට නුඹ ඇතුල්වෙන්නේ නුඹේ ධර්මිෂ්ඨකම නිසාවත් නුඹේ සිතේ අවංකකම නිසාවත් නොවේ. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් නුඹ ඉදිරියෙන් පන්නාදමන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසාත් නුඹේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද ස්වාමීන්වහන්සේ දිවුළ වචනය ඉෂ්ටකරන පිණිසත්ය.