Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 21:4 - Sinhala Revised Old Version

4 තවද: මාගේ නාමය යෙරුසලමෙහි තබන්නෙමියි ස්වාමීන්වහන්සේ යම් ගෘහයක් ගැන කීසේක්ද ඒ ගෘහයෙහි ඔහු පූජාසන ගොඩනැගුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 තවද, ‘මාගේ නාමය ජෙරුසලමෙහි තබන්නෙමි’යි සමිඳාණන් වහන්සේ යම් මාලිගාවක් ගැන වදාළ සේක් ද ඒ මාලිගාවෙහි ඔහු පූජාසන ගොඩනැඟුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 තවද, ‘මාගේ නාමය ජෙරුසලමෙහි තබන්නෙමි’යි සමිඳාණන් වහන්සේ යම් මාලිගාවක් ගැන වදාළ සේක් ද ඒ මාලිගාවෙහි ඔහු පූජාසන ගොඩනැඟුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 21:4
18 හුවමාරු යොමු  

මාගේ නාමය එහි වන්නේයයි ඔබ යම් ස්ථානයක් ගැන කීසේක්ද ඒ ස්ථානය වන මේ ගෘහය දෙස ඔබගේ ඇස් රෑ දාවල් ඇරී තිබේවා. මේ ස්ථානය දෙසට ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන යාච්ඤාවද ඇසුව මැනව.


ඔහුම මාගේ නාමයට ගෘහයක් ගොඩනගන්නේය, ඔහුගේ රජකමේ සිංහාසනයද සදාකාලේටම ස්ථිරකරන්නෙමි.


මාගේ නාමය තබා තිබෙන ගෘහය අපවිත්‍ර කරන්ට ඔව්හු තමුන්ගේ පිළිකුල් දේවල් එහි තැබුවෝය.


ස්වාමීන්වහන්සේ කථාකොට: නුඹ මා ඉදිරියෙහි ඔප්පුකළ නුඹේ යාච්ඤාවත් කන්නලව්වත් ඇසුවෙමි. නුඹ ගොඩනැගූ මේ ගෘහයෙහි මාගේ නාමය සදාකාලේටම තබන පිණිස ඒක විශුද්ධකෙළෙමි; මාගේ ඇස්ද මාගේ සිතද නිරන්තරයෙන් මෙහි වන්නේය.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් නාමය තබන පිණිස නුඹලාගේ සියලු ගෝත්‍ර අතරෙන් තෝරාගන්න ස්ථානය වන උන්වහන්සේගේ වාසස්ථානයටම ළඟාවී එහි පැමිණෙන්න.


පස්වලින් පූජාසනයක් මට සාදා නුඹේ දවන පූජාද නුඹේ ශාන්ති පූජාද නුඹේ බැටළුවන්ද නුඹේ ගවයින්ද එහි පූජාකරව. මා විසින් මාගේ නාමය සඳහන් කරන සියලු තැන්වලදී නුඹ වෙතට අවුත් නුඹට ආශීර්වාදකරන්නෙමි.


මක්නිසාද මේ නුවර මා ඉදිරියෙන් පහකරවන හැටියට ඒක ගොඩනැගූ දා පටන් අද දක්වා මාගේ උදහසත් මාගේ කෝපයත් ඉපදවීමට හේතුවක්ව තිබුණේය.


ඔව්හු තව දුරටත් මට මෙසේ කළෝය: එම දවසේ ඔව්හු මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකොට, මාගේ සබත් කෙලසුවෝය.


ඔහු ආහාස්ගේ උඩුමහලේ පියස්ස උඩ තිබුණාවූ, යූදාහි රජවරුන් විසින් සෑදුවාවූ පූජාසනද ස්වාමීන්වහන්සේගේ මිදුල් දෙකේ මනස්සේ විසින් සෑදූ පූජාසනද කඩා එතනින් හෙළාදමා, ඒවායේ කුඩු කිද්‍රොන් ඔයට විසිකෙළේය.


ස්වාමීන්වහන්සේ කථාකොට: මා විසින් ඉශ්‍රායෙල් පහකරදැමුවාක්මෙන් යූදාත් මාගේ ඇස් හමුයෙන් පහකරදමා, මා තෝරාගත් මේ නුවර වන යෙරුසලමද මාගේ නාමය එහි පවතින්නේයයි මා කී ගෘහයද අත්හැර දමන්නෙමියි කීසේක.


මා විසින් මාගේ සෙනඟ මිසර දේශයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමය එහි වන පිණිස ගෘහයක් ගොඩනගන්ට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් කිසි නුවරක් තෝරා නොගතිමි; මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියාව සිටින්ට කිසි මනුෂ්‍යයෙක්ද තෝරා නොගතිමි.


නුමුත් මාගේ නාමය තැබීමට යෙරුසලමද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි ප්‍රධානියා වන පිණිස දාවිත්ද තෝරාගතිමියි කියා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ටකළසේක.


මක්නිසාද යූදාහි දරුවෝ මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මාගේ නාමය තබා තිබෙන ගෘහය අපවිත්‍ර කරන්ට ඔවුන් තමුන්ගේ පිළිකුල් දේවල් එහි තබා තිබේ.


ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද මොලෙක්ට දවා කැපකරන්ට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතෙහි තිබෙන බාල්ගේ උස් තැන් ගොඩනැගුවෝය. එසේ යූදාවරුන් විසින් පව්කරන හැටියට ඒ පිළිකුල කිරීමට මා ඔවුන්ට අණකළේවත් එය මාගේ සිතට පැමුණුණේවත් නැත.


ඔව්හු තමුන්ගේ පිළිමවලට තමුන්ගේ පුත්‍රයන් මරා දුන්නායින් පසු මාගේ ශුද්ධස්ථානය කෙලෙසන ලෙස එම දවසේම ඊට ඇතුල්වූවෝය. එසේය, මාගේ ගෘහය මැද ඔව්හු මෙසේ කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්