එවිට ඈ: ලේවලට පළිගන්න අය විසින් තවත් විනාශනොකරන පිණිසද ඔවුන් මාගේ පුත්‍රයා නැතිනොකරන පිණිසද රජ්ජුරුවෝ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකෙරෙත්වයි කීවාය. ඔහුද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹේ පුත්‍රයාගේ ඉසකෙසක්වත් බිම නොවැටෙන්නේයයි කීවේය.
1 රාජාවලිය 1:52 - Sinhala Revised Old Version සාලමොන්ද: ඔහු විශ්වාස මනුෂ්‍යයෙක් බව පෙනුණොත් ඔහුගේ හිසකෙසක්වත් බිම නොවැටෙන්නේය. නුමුත් ඔහු අත නපුරුකම සම්බවුණොත් ඔහු නසින්නේයයි කීවේය. Sinhala New Revised Version සලමොන් රජ තෙම ද, “ඔහු විශ්වාස මනුෂ්‍යයෙකු බව මට පෙනේ නම්, ඔහුගේ කෙස් ගහක් වත් බිම නොවැටෙන්නේ ය. එහෙත්, ඔහු දුෂ්ට කෙනෙකු බව පෙනේ නම්, ඔහු නසින්නේ ය”යි කීවේ ය. Sinhala New Revised Version 2018 සලමොන් රජ තෙම ද, “ඔහු විශ්වාස මනුෂ්‍යයෙකු බව මට පෙනේ නම්, ඔහුගේ කෙස් ගහක් වත් බිම නොවැටෙන්නේ ය. එහෙත්, ඔහු දුෂ්ට කෙනෙකු බව පෙනේ නම්, ඔහු නසින්නේ ය”යි කීවේ ය. |
එවිට ඈ: ලේවලට පළිගන්න අය විසින් තවත් විනාශනොකරන පිණිසද ඔවුන් මාගේ පුත්‍රයා නැතිනොකරන පිණිසද රජ්ජුරුවෝ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකෙරෙත්වයි කීවාය. ඔහුද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹේ පුත්‍රයාගේ ඉසකෙසක්වත් බිම නොවැටෙන්නේයයි කීවේය.
අදොනියා සාලමොන් රජුට භයවී–සාලමොන් රජු තමාගේ මෙහෙකරුවා කඩුවෙන් නොමරන ලෙස අද මට දිවුරාවායි කියමින් පූජාසනයේ අං අල්ලාගෙන සිටීයයි සාලමොන්ට දන්වනලද්දේය.
එවිට සාලමොන් රජ මිනිසුන් යවා ඔහු පූජාසනය ළඟින් ගෙන්විය. ඔහු ඇවිත් සාලමොන් රජුට වැන්දේය. සාලමොන්ද: නුඹේ ගෙට යන්නැයි ඔහුට කීවේය.
ධර්මිෂ්ඨ තැනන්වහන්සේ දුෂ්ටයාගේ වංශය ගැන කල්පනාකරනසේක; උන්වහන්සේ දුෂ්ටයන් විපතට හෙළාදමනසේක.
එබැවින් කෑම කන මෙන් නුඹලාට අවවාදකරමි. මක්නිසාද එය නුඹලාගේ ආරක්ෂාව පිණිස ඕනෑකෙරේ. නුඹලාගෙන් කිසිවෙකුගේ ඉසකේ ගහක්වත් නැති නොවන්නේයයි කීවේය.
එවිට සෙනඟ සාවුල්ට කථාකොට: ඉශ්‍රායෙල්හි මේ මහත් ගැළවීම සිද්ධකළ යොනාතාන් නසින්ට ඕනෑද? එසේ නොවේවා. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම ඔහුගේ හිසෙන් කේශයක්වත් බිම නොවැටෙන්නේය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේ සමඟ අද දවසේ ක්‍රියාකෙළේයයි කීවෝය. මෙසේ යොනාතාන් නොනසින ලෙස සෙනඟ ඔහු මුදාගත්තෝය.