Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 21:18 - Sinhala Revised Old Version

18 නුමුත් නුඹලාගේ හිසකෙසක්වත් නැති නොවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 එහෙත් ඔබගේ කෙස් ගහක් පමණ වත් නාස්ති නොවන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 එහෙත් ඔබගේ හිස කෙසක් පමණවත් නැති නො වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එහෙත් ඔබගේ කෙස් ගහක් පමණ වත් නාස්ති නොවන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 21:18
7 හුවමාරු යොමු  

නුඹලාගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ.


එවිට සෙනඟ සාවුල්ට කථාකොට: ඉශ්‍රායෙල්හි මේ මහත් ගැළවීම සිද්ධකළ යොනාතාන් නසින්ට ඕනෑද? එසේ නොවේවා. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම ඔහුගේ හිසෙන් කේශයක්වත් බිම නොවැටෙන්නේය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේ සමඟ අද දවසේ ක්‍රියාකෙළේයයි කීවෝය. මෙසේ යොනාතාන් නොනසින ලෙස සෙනඟ ඔහු මුදාගත්තෝය.


එබැවින් කෑම කන මෙන් නුඹලාට අවවාදකරමි. මක්නිසාද එය නුඹලාගේ ආරක්ෂාව පිණිස ඕනෑකෙරේ. නුඹලාගෙන් කිසිවෙකුගේ ඉසකේ ගහක්වත් නැති නොවන්නේයයි කීවේය.


නුඹලාගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ. භයනොවෙන්න. නුඹලා බොහෝ ගේකුරුල්ලන්ට වඩා අගේය.


එවිට ඈ: ලේවලට පළිගන්න අය විසින් තවත් විනාශනොකරන පිණිසද ඔවුන් මාගේ පුත්‍රයා නැතිනොකරන පිණිසද රජ්ජුරුවෝ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකෙරෙත්වයි කීවාය. ඔහුද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹේ පුත්‍රයාගේ ඉසකෙසක්වත් බිම නොවැටෙන්නේයයි කීවේය.


ඔබ පස්සේ එළවාගන ඇවිත් ඔබගේ ප්‍රාණය හානිකරන්ට මනුෂ්‍යයෙක් නැගුටුණත්, මාගේ ස්වාමියාගේ ප්‍රාණය ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත ජීවතුන්ගේ මිටියෙහි බඳිනු ලැබ, ඔබගේ සතුරන්ගේ ප්‍රාණ උන්වහන්සේ ගල් පටියෙන් මෙන් විසිකරදමනසේක.


මාගේ නාමය නිසා සියල්ලෝම නුඹලාට වෛරවන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්