ඔහුට තමාගේ දෙවෙනි රථයෙන් යන්ට සැලැස්විය. මිනිස්සුද: දණ නමව් කියා මොරගසමින් ඔහුට පෙරටුව ගියෝය. ඵාරාවෝ මුළු මිසර දේශය කෙරෙහි ඔහු අධිපති කොට තැබුවේය.
1 රාජාවලිය 1:33 - Sinhala Revised Old Version රජද: නුඹලාගේ ස්වාමිහුගේ සේවකයන් කැඳවාගන මාගේ පුත්‍රවූ සාලමොන් මාගේම අශ්වතරයා පිට නංවාගන ගීහොන්ට යන්න. Sinhala New Revised Version රජ තෙම ඔවුන් අමතා, “ඔබේ ස්වාමීන්ගේ නිලධාරීන් කැඳවාගෙන, මා පුත් සලමොන් මාගේ ම කොටළුවා පිට නංවාගෙන ගීහොන් නමැති දිය උල්පත් ළඟට යන්න. Sinhala New Revised Version 2018 රජ තෙම ඔවුන් අමතා, “ඔබේ ස්වාමීන්ගේ නිලධාරීන් කැඳවාගෙන, මා පුත් සලමොන් මාගේ ම කොටළුවා පිට නංවාගෙන ගීහොන් නමැති දිය උල්පත් ළඟට යන්න. |
ඔහුට තමාගේ දෙවෙනි රථයෙන් යන්ට සැලැස්විය. මිනිස්සුද: දණ නමව් කියා මොරගසමින් ඔහුට පෙරටුව ගියෝය. ඵාරාවෝ මුළු මිසර දේශය කෙරෙහි ඔහු අධිපති කොට තැබුවේය.
අබ්සලොම්ගේ වැඩකාරයෝ අබ්සලොම් අණකළ ලෙස අම්නොන්ට කළෝය. එවිට රජුගේ සියලු පුත්‍රයෝ නැගිට තම තමුන්ගේ අශ්වතරයන් පිට නැගී පලාගියෝය.
මෙසේ ශාදොක් පූජකයාද නාතාන් අනාගතවක්තෘද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද කෙරෙතිවරුද පෙලෙතිවරුද බැස ගොස් දාවිත් රජුගේ අශ්වතරයා පිට සාලමොන් නංවාගන ගීහොන්ට ගියෝය.
එකල හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා: මම රජවෙමියි කියා තමාම උසස්කරගෙන රථද අසරුවන්ද තමාට පෙරටුව දුවන පිණිස මනුෂ්‍යයන් පනස්දෙනෙක්ද සපයාගත්තේය.
රජ ඔහු වෙනුවට සේනාව කෙරෙහි යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අබියාතර් වෙනුවට පූජකවූ ශාදොක්ද පත්කළේය.
ඔව්හු ඒ දවසේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මහත් සන්තෝෂයෙන් කමින් බොමින් දෙවෙනි වර දාවිත්ගේ පුත්‍රවූ සාලමොන් රජකමට පත්කළෝය, තවද ඔහු ස්වාමීන්වහන්සේ උදෙසා ප්‍රධානාධිපතියා කොටද ශාදොක් පූජකයා කොටද ආලේපකළෝය.
මෙම හෙසකියා ගීහොන්හි වතුරේ ඉහළ උල්පත නවත්වා ඒවා දාවිත්ගේ නුවරට බස්නාහිරෙන් කෙළින් බැසඑන්ට සැලැස්සුවේය. හෙසකියා තමාගේ සියලු වැඩවලදී සඵලවුණේය.
මින්පසු ඔහු දාවිත්ගේ නුවරින් පිට ගීහොන්ට බස්නාහිරෙන් මිටියාවතෙහි මත්ස්‍ය–දොරටුවෙන් ඇතුල්වන තැන දක්වා ඕපෙල් වටේට ඉතා උසට පවුරක් ගොඩනගා, යූදාහි පවුරු ඇති සියලු නුවරවල සේනාපතීන් සිටෙවුවේය.
මාගේ පනත් රක්ෂාකරන්න. නුඹේ ගවයන්ට වෙනස් වර්ගයක සතුන් සමඟ සංවාසය කරන්ට ඉඩ නොදියයුතුය. දෙවර්ගයක බීජ නුඹේ කෙතේ නොවපුළ යුතුය. දෙවර්ගයක නූල් මිශ්‍රකර වියාපු වස්ත්‍රයක් හැඳ නොගත යුතුය.