Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 33:14 - Sinhala Revised Old Version

14 මින්පසු ඔහු දාවිත්ගේ නුවරින් පිට ගීහොන්ට බස්නාහිරෙන් මිටියාවතෙහි මත්ස්‍ය–දොරටුවෙන් ඇතුල්වන තැන දක්වා ඕපෙල් වටේට ඉතා උසට පවුරක් ගොඩනගා, යූදාහි පවුරු ඇති සියලු නුවරවල සේනාපතීන් සිටෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මින්පසු ඔහු දාවිත්ගේ නුවරින් පිට ගීහොන්ට බස්නාහිරෙන් මිටියාවතෙහි මත්ස්‍ය-දොරටුවෙන් ඇතුළු වන තැන දක්වා ඕපෙල් තාප්පය වටේට ඉතා උසට පවුරක් ගොඩනඟා, ජුදා දේශයෙහි පවුරු ඇති සියලු නගරවල සේනාපතීන් සිටෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මින්පසු ඔහු දාවිත්ගේ නුවරින් පිට ගීහොන්ට බස්නාහිරෙන් මිටියාවතෙහි මත්ස්‍ය-දොරටුවෙන් ඇතුළු වන තැන දක්වා ඕපෙල් තාප්පය වටේට ඉතා උසට පවුරක් ගොඩනඟා, ජුදා දේශයෙහි පවුරු ඇති සියලු නගරවල සේනාපතීන් සිටෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 33:14
12 හුවමාරු යොමු  

මත්ස්‍ය දොරටුව හස්සෙනායාගේ පුත්‍රයෝ ගොඩනැගුවෝය; ඔව්හු ඒකේ බාල්ක පිහිටුවා ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තැබුවෝය.


ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඉහළ දොරටුවද ඕපෙල් පවුරේ බොහෝ තැන්ද ගොඩනැගුවේය.


රජද: නුඹලාගේ ස්වාමිහුගේ සේවකයන් කැඳවාගන මාගේ පුත්‍රවූ සාලමොන් මාගේම අශ්වතරයා පිට නංවාගන ගීහොන්ට යන්න.


එම දවසේම මත්ස්‍ය දොරටුවෙන් ඝෝෂාවක්ද දෙවෙනි කොටසෙන් කෑමොරගැසීමක්ද හෙල්වලින් බිඳීම් ගබ්දයක්ද වන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


එප්‍රායිම් දොරටුවට උඩිනුත් පුරාණ දොරටුව ළඟිනුත් මත්ස්‍ය-දොරටුවද හනනේල්ගේ කොත සහ හම්මෙයාගේ කොත ළඟිනුත් බැටළු-දොරටුව දක්වා ගොස්, හිරගෙයි දොරටුව ළඟ නැවතුණෝය.


මෙම හෙසකියා ගීහොන්හි වතුරේ ඉහළ උල්පත නවත්වා ඒවා දාවිත්ගේ නුවරට බස්නාහිරෙන් කෙළින් බැසඑන්ට සැලැස්සුවේය. හෙසකියා තමාගේ සියලු වැඩවලදී සඵලවුණේය.


ඔහු ධෛර්ය උපදවාගෙන, කඩා වැටී තිබුණු මුළු පවුර කොත් දක්වා ගොඩනැගුවේය, පිටතින් ඔහු තවත් පවුරක් ගොඩනගා, දාවිත්ගේ නුවර තිබුණ මිල්ලෝ සවිකර, බොහෝ ආයුධ හා පලිස් සෑදුවේය.


ඔව්හු රජුට මෙහෙකළාවූ අයය, ඔවුන් ඇර රජු විසින් මුළු යූදාහි බලකොටු නුවරවල සිටෙවු අයත් මෙහෙකළෝය.


ශාදොක් පූජකයා හා නාතාන් අනාගතවක්තෘ ගීහොන්හිදී ඔහු රජකොට ආලේපකළෝය. නුවර පිළිරැව්දෙන තරම් ඔව්හු ප්‍රීතිවෙවී එතැනින් නැගී ආවෝය. නුඹලාට ඇසුණු ඝෝෂාව ඒකය.


මක්නිසාද මාළිගාව පාළුවී ජනගහනවූ නුවර අත්හරිනු ලබන්නේය; හෙළත් මුරකොටුවත් හැමකාලයටම ගුහාවල්ද වල් කොටළුවන්ට ප්‍රීතියක්ද රැළවලට තෘණ බිම්ද වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්