Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 19:19 - Sinhala Revised Old Version

19 මාගේ පනත් රක්ෂාකරන්න. නුඹේ ගවයන්ට වෙනස් වර්ගයක සතුන් සමඟ සංවාසය කරන්ට ඉඩ නොදියයුතුය. දෙවර්ගයක බීජ නුඹේ කෙතේ නොවපුළ යුතුය. දෙවර්ගයක නූල් මිශ්‍රකර වියාපු වස්ත්‍රයක් හැඳ නොගත යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 “මාගේ නීති නුඹලා ඉටු කළ යුතු ය. නුඹලාගේ ගවයන්ට වෙන වර්ගයක සතුන් සමඟ පට්ටි ගැසීමට ඉඩ නොදිය යුතු ය. දෙවර්ගයක ධාන්‍ය බීජ නුඹලාගේ කෙතේ නොවැපිරිය යුතු ය. හණ සහ ලෝම මිශ්‍ර ව සාදන ලද වස්ත්‍රයක් ද ඇඟලා නොගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 “මාගේ නීති නුඹලා ඉටු කළ යුතු ය. නුඹලාගේ ගවයන්ට වෙන වර්ගයක සතුන් සමඟ පට්ටි ගැසීමට ඉඩ නොදිය යුතු ය. දෙවර්ගයක ධාන්‍ය බීජ නුඹලාගේ කෙතේ නොවැපිරිය යුතු ය. හණ සහ ලෝම මිශ්‍ර ව සාදන ලද වස්ත්‍රයක් ද ඇඟලා නොගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 19:19
18 හුවමාරු යොමු  

අබ්සලොම්ගේ වැඩකාරයෝ අබ්සලොම් අණකළ ලෙස අම්නොන්ට කළෝය. එවිට රජුගේ සියලු පුත්‍රයෝ නැගිට තම තමුන්ගේ අශ්වතරයන් පිට නැගී පලාගියෝය.


අබ්සලොම් තම අශ්වතරයා පිට නැගී යද්දී දාවිත්ගේ සේවකයන්ට මුණගැසුණේය. අශ්වතරයා මහත් අලෝන ගසක ඝන ශාඛා යටින් යද්දී ඔහුගේ හිස අලෝන ගසට අසුවී ඔහු අහසටත් පොළොවටත් අතරේ එල්ලී උන්නේය; ඔහු නැගීසිටි අශ්වතරයා යන්ට ගියේය.


ඔවුන්ගේ අශ්වයෝ හත්සිය තිස් හදෙනෙක්ය; ඔවුන්ගේ අශ්වතරයෝ දෙසිය හතළිස් පස්දෙනෙක්ය;


රජද: නුඹලාගේ ස්වාමිහුගේ සේවකයන් කැඳවාගන මාගේ පුත්‍රවූ සාලමොන් මාගේම අශ්වතරයා පිට නංවාගන ගීහොන්ට යන්න.


ඉඳින් අනුග්‍රහයෙන් නම් තවත් ක්‍රියාවලින් නොවේ. එසේ නොවේ නම් අනුග්‍රහය තවත් අනුග්‍රහය නොවේ. එසේවී නම් කිමෙක්ද?


ශිබෙයොන්ගේ දරුවෝ ආයා සහ අනාය. තමාගේ පියවූ ශිබෙයොන්ගේ කොටළුවන් වනයෙහි ගොදුරු කවද්දී උණු දිය උල්පත් සම්බවුණේ මේ අනාටය.


නුඹලා මාගේ විනිශ්චයයන් ඉෂ්ටකර මාගේ පනත් පවත්වා ඒවායේ හැටියට හැසිරෙන්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


එබැවින් නුඹලා මාගේ සියලු පනත්ද මාගේ සියලු විනිශ්චයයන්ද පවත්වා ඒවා ඉෂ්ටකරන්න. මම ස්වාමීන්වහන්සේයයි කීසේක.


මාගේ පනත් රක්ෂාකරමින් ඒවා ඉෂ්ටකරන්න. මම නුඹලා පවිත්‍රකරන ස්වාමීන්වහන්සේය.


එබැවින් මාගේ ආඥා රක්ෂාකොට ඒවා පවත්වන්න. මම ස්වාමීන්වහන්සේය.


එබැවින් මාගේ පනත් ඉෂ්ටකොට, මාගේ විනිශ්චයයන් පවත්වා, ඒවා රක්ෂාකරන්න; එවිට නුඹලා දේශයෙහි සුවසේ වාසයකරනවා ඇත.


ඉතින් ඉශ්‍රායෙල්වරුනි, නුඹලා ජීවත්ව සිට නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන දේශයට ඇතුල්වී ඒක හිමිකරගන්නා පිණිස පවත්වන්ට මා විසින් නුඹලාට උගන්වන පනත්වලටද විනිශ්චයවලටද ඇහුම්කන්දෙන්න.


බලව, නුඹලා හිමිකරගන්ට ඇතුල්වන දේශයේදී නුඹලා විසින් පවත්වන පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙසම පනත්ද විනිශ්චයන්ද නුඹලාට ඉගැන්වීමි.


උන්වහන්සේ ඔවුන්ට උපමාවක්ද කියමින්: කිසිවෙක් අලුත් වස්ත්‍රයකින් කැබෙල්ලක් ඉරාගෙන පරණ වස්ත්‍රයකට මහන්නේ නැත; මැහුවොත් අලුත් එක ඉරෙනවාත් ඇර අලුත් එකෙන් ගත් කැබෙල්ල පරණ එකට සම නොවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්