Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 1:5 - Sinhala Revised Old Version

5 එකල හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා: මම රජවෙමියි කියා තමාම උසස්කරගෙන රථද අසරුවන්ද තමාට පෙරටුව දුවන පිණිස මනුෂ්‍යයන් පනස්දෙනෙක්ද සපයාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එකල හග්ගිත්ගේ පුත් අදොනියා, “මම රජ වෙමි”යි තමා ම උසස් කරගෙන රථ ද අසරුවන් ද තමාට පෙරටුවෙන් දුවන පිණිස මිනිසුන් පණස්දෙනෙකු ද සපයාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එකල හග්ගිත්ගේ පුත් අදොනියා, “මම රජ වෙමි”යි තමා ම උසස් කරගෙන රථ ද අසරුවන් ද තමාට පෙරටුවෙන් දුවන පිණිස මිනිසුන් පනස්දෙනෙකු ද සපයාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 1:5
19 හුවමාරු යොමු  

ඉන්පසු අබ්සලොම් රථයක්ද අශ්වයන්ද තමාට පෙරටුවෙන් දුවන්ට මනුෂ්‍යයන් පනස් දෙනෙක්ද පිළියෙළ කරගත්තේය.


සතරවෙනියා හග්ගිත්ගේ පුත්‍රවූ අදොනියාය; පස්වෙනියා අබිටල්ගේ පුත්‍රවූ ෂෙපටියාය;


නුඹලාට කියමි–අනික් තැනැත්තා නොව මොහු ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබ තමාගේ ගෙදරට ගියේය. මක්නිසාද තමුන්ම උසස්කරගන්න හැමදෙනා යටත්කරනු ලබන්නෝය; තමාම යටත්කරගන්නා උසස්කරනු ලබන්නේයයි කීසේක.


මක්නිසාද තමුන්ම උසස්කරගන්න හැමදෙනාම පහත්කරනු ලබන්නෝය; තමාම යටත්කරගන්නා උසස්කරනු ලබන්නේයයි කීසේක.


ඔවුන්ගේ දේශය රන් රිදීවලින් පිරී තිබේ, ඔවුන්ගේ වස්තුවලට කෙළවරක්ද නැත; ඔවුන්ගේ දේශය අශ්වයන්ගෙන් පිරී තිබේ, ඔවුන්ගේ රථද කෙළවරක් නැතුව තිබේ.


විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය.


විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි.


තවද දාවිත් රජ මුළු සභාවට කථාකොට කියනුයේ: දෙවියන්වහන්සේ විසින් තෝරාගත් එකම තැනැත්තා වන මාගේ පුත්‍රවූ සාලමොන් තවම ළාබාලය, වැඩෙත් මහත්ය. මක්නිසාද මාලිගාව මනුෂ්‍යයාට නොව දෙවිවූ ස්වාමීන්වහන්සේටය.


ස්වාමීන්වහන්සේ මට බොහෝ පුත්‍රයන් දුන්සේක; නුමුත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ස්වාමීන්වහන්සේගේ රජකම්කිරීමේ සිංහාසනයේ හිඳින පිණිස මාගේ සියලු පුත්‍රයන් අතරෙන් මාගේ පුත්‍රවූ සාලමොන් තෝරාගත්සේක.


එබැවින් මා පිහිටෙවුවාවූ, මාගේ පියවූ දාවිත්ගේ සිංහාසනය පිට මා හිඳෙවුවාවූ, තමන්වහන්සේ පොරොන්දුවූ ලෙස මට වංශයක් උපදවා දුන්නාවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම සැබවින් අදොනියා අද දවසෙහි මරනු ලබන්නේයයි කීය.


එවිට නාතාන් සාලමොන්ගේ මව්වූ බැත්-ෂෙබාට කථාකොට: අපේ ස්වාමිවූ දාවිත් නොදැනුවත්ව හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා රජවී සිටින බව නුඹට සැලනොවීද?


තවමත් මාගේ සෙනඟ යන්ට නොහරින ලෙස ඔවුන්ට විරුද්ධව උසස්වන්නෙහිද?


තුන්වෙනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුවවූ මයකාගේ පුත්‍රවූ අබ්සලොම්ය; හතරවෙනියා හග්ගිත්ගේ පුත්‍රවූ අදොනියාය;


නුඹලාට කොයි එක වඩා හොඳද–යෙරුබ්බාල්ගේ සියලු පුත්‍රයන් එනම් සැත්තෑදෙනෙක් නුඹලා කෙරෙහි අධිපතිකම්කිරීමද නොහොත් එක්කෙනෙක් නුඹලා කෙරෙහි අධිපතිකම්කිරීමද කියා ෂෙකෙම්හි සියලු වැසියන් ඉදිරියෙහි කථාකරනලෙස නුඹලාගෙන් ඉල්ලමි; මා වනාහි නුඹලාගේ ඇට හා මාංසය බවත් සිහිකරන්නැයි කීවේය.


තරුණියද ඉතා ශෝභනව සිටියාය; ඈ රජුට සාත්තුකාරියක් වී ඔහුට මෙහෙවර කළාය. එහෙත් රජ ඈ නොහැඳින්නේය.


එවිට ඔහු: රාජ්‍යය මට ලැබෙන්නට තිබුණු බවත් මා රජකම්කරනවා ඇත කියා සියලු ඉශ්‍රායෙල්වරුන් මා ගැන බලා සිටිය බවත් නුඹ දන්නෙහිය. නුමුත් රජකම වෙනස්වී මාගේ සහෝදරයාට ගියේය. මක්නිසාද ඒක ඔහුට ස්වාමීන්වහන්සේගෙන් ලැබුණේය.


එකල හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා සාලමොන්ගේ මෑණියන්වූ බැත්-ෂෙබා ළඟට ආයේය. නුඹ එන්නේ සමාදානයෙන්දැයි ඈ ඇසුවාය. සමාදානයෙන්යයි ඔහු කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්