1 පේත්‍රැස් 3:13 - Sinhala Revised Old Version තවද නුඹලා යහපත් දෙය ගැන ජ්වලිතව සිටිහු නම්, නුඹලාට අනතුරු කරන්නේ කවුද? Sinhala New Revised Version ඔබ යහපතට කැප වී සිටින්නහු නම් ඔබට අනතුරු කරන්නේ කවරෙක් ද? සිංහල කාලීන පරිවර්තනය යහපත කිරීමට ඔබ උද්යෝගී නම්, ඔබට අනතුරු කරන්නේ කවුරු ද? Sinhala New Revised Version 2018 ඔබ යහපතට කැප වී සිටින්නහු නම් ඔබට අනතුරු කරන්නේ කවරෙක් ද? |
දුෂ්ටයාගේ මාර්ගය ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් ධර්මිෂ්ඨකම අනුව යන්නාට උන්වහන්සේ ප්‍රේමකරනසේක.
මනුෂ්‍යයෙකුගේ මාර්ගවලට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන කල උන්වහන්සේ ඔහුගේ සතුරන් පවා ඔහු හා සමඟිකරවනසේක.
නුඹ ඔහු රැගෙන, ඔහු හොඳට බලාගෙන, ඔහුට කිසි අනතුරක් නොකොට, ඔහු නුඹට කියන හැටියටම ඔහුට කරන්නැයි කීවේය.
මක්නිසාද ආණ්ඩුකාරයෝ නපුරු ක්‍රියාවට මිස යහපත් ක්‍රියාවට භය උපදවන්නෝ නොවෙති. නුඹ මුලාදෑනියාට භයක් නැතුව සිටින්ට කැමැත්තෙහිද? යහපත් දේ කරන්න, එවිට ඔහුගෙන් නුඹට ප්‍රශංසාව ලැබේ.
තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.
ප්‍රේමය අනුව යන්න; ආත්මික දීමනාවලටද ආශාවෙන්න, ප්‍රධානකොට ධර්මවාක්‍ය කියන්ට ආශාවෙන්න.
කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්ට බලාගෙන, එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත්වූ දේ කරන්න.
යහපත් ක්‍රියා ගැන ප්‍රසිද්ධවූ, දරුවන් ඇතිකළාවූ, ආගන්තුක සත්කාරකළාවූ, ශුද්ධවන්තයන්ගේ පාද සේදුවාවූ, පීඩා විඳින්නන්ට උපකාරකළාවූ, සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදී සිටියාවූ තැනැත්තියක්ය.
උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා, යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන්ම දුන්සේක.
ප්‍රේමවන්තය, නපුර නොව යහපත ආදර්ශකොට ගන්න. යහපත්කම් කරන්නා දෙවියන්වහන්සේගෙන්ය. නපුර කරන්නා දෙවියන්වහන්සේ දුටුවේ නැත.