මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයට නුඹ මුරකාරයෙකු කෙළෙමි. නුඹ මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාදකරන්න.
1 තෙසලෝනික 4:2 - Sinhala Revised Old Version මක්නිසාද අපි ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන් නුඹලාට මොන ආඥා දුනිමුද කියා නුඹලා දන්නහුය. Sinhala New Revised Version ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අපි ඔබට කුමන අවවාද අනුශාසනා දුනිමු දැ යි ඔබ දන්නහු ය. සිංහල කාලීන පරිවර්තනය යේසුස් ස්වාමින්වහන්සේගේ ආධිපත්‍යය යටතේ අප ඔබට දුන් ආඥා කවරේ ද කියා ඔබ දන්නහු ය. Sinhala New Revised Version 2018 ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අපි ඔබට කුමන අවවාද අනුශාසනා දුනිමු දැ යි ඔබ දන්නහු ය. |
මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයට නුඹ මුරකාරයෙකු කෙළෙමි. නුඹ මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාදකරන්න.
මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.
මම ව්‍යවස්ථාව නැත්තවුන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාව නැත්තන්ට ව්‍යවස්ථාව නැතිකෙනෙකු මෙන් වුණෙමි. එහෙත් දෙවියන්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවක් නැතුව නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවට යටත්ව සිටිමි.
ඉතින්, සහෝදරයෙනි, නුඹලා කොයි ආකාර හැසිර දෙවියන්වහන්සේ ප්‍රසන්නකරන්ට ඕනෑද කියා නුඹලා අපෙන් දැනගත් ලෙසද, නුඹලා හැසිරෙන ලෙසද, වඩ වඩා කරන මෙන් ස්වාමිවූ යේසුස්වහන්සේ තුළ අපි නුඹලාගෙන් ඉල්ලමින් අවවාදකරමුව.
මක්නිසාද යමෙක් වැඩකරන්ට කැමති නැත්නම් ඔහු කෑම නොකා සිටීවා කියා අපි නුඹලා සමඟ සිටිද්දීම පවා නුඹලාට අණකෙළෙමුව.
තවද, සහෝදරයෙනි, අපෙන් ලැබූ නියෝග ප්‍රකාරයට නොව, අනියම් ලෙස හැසිරෙන්නාවූ සියලු සහෝදරයන්ගෙන් වෙන්ව සිටින මෙන් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අපි නුඹලාට අණකරමුව.