දාවිත් මීඛල්ට කථාකොට: ඒ සිද්ධවුණේ ස්වකීය සෙනඟ වන ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි අධිපතියා කොට පත්කරන පිණිස නුඹේ පියාත් ඔහුගේ මුළු වංශයත් පහකොට මා තෝරාගත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිය. ඒ නිසා මම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ක්‍රීඩාකරන්නෙමි,
1 තෙසලෝනික 3:9 - Sinhala Revised Old Version මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලා සඳහා ප්‍රීතිවන සියලු ප්‍රීතිය නිසා නුඹලා ගැන දෙවියන්වහන්සේට මොන ස්තූතියක් දෙන්ට අපට පුළුවන්ද? Sinhala New Revised Version ඔබ නිසා අපට ලැබී ඇති සකල ප්‍රීතිය ගැන දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපි කෙසේ ස්තුති කර සෑහීමකට පත් වෙමු ද? සිංහල කාලීන පරිවර්තනය ඔබ නිසා අපගේ දෙවියන්වහන්සේ ඉදිරියේ අප ලද සකල ප්‍රීතිය නිමිත්තෙන් ඔබ ගැන කෙලෙස නම් අපි දෙවියන්වහන්සේට ස්තුති කරන්න ද? Sinhala New Revised Version 2018 ඔබ නිසා අපට ලැබී ඇති සකල ප්‍රීතිය ගැන දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපි කෙසේ ස්තුති කර සෑහීමකට පත් වෙමු ද? |
දාවිත් මීඛල්ට කථාකොට: ඒ සිද්ධවුණේ ස්වකීය සෙනඟ වන ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි අධිපතියා කොට පත්කරන පිණිස නුඹේ පියාත් ඔහුගේ මුළු වංශයත් පහකොට මා තෝරාගත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිය. ඒ නිසා මම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ක්‍රීඩාකරන්නෙමි,
හෙසකියාද අධිපතීහුද ඇවිත් ගොඩවල් බලා ස්වාමීන්වහන්සේටත් උන්වහන්සේගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටත් ප්‍රශංසාකළෝය.
පසුව යේෂුවාද කද්මීයෙල්ද බානීද හෂබ්නෙයාද ෂේරෙබියාද හෝදියාද ෂෙබනියාද පෙතහියාද යන ලෙවීවරු කථාකොට: නුඹලා නැගිට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසාකරන්න. එසේය, සියලු ප්‍රශංසාවලටත් වර්ණනාවලටත් වඩා උසස්ව තිබෙන ඔබගේ තේජවත් නාමයට ප්‍රශංසාවේවා.
නුමුත් ධර්මිෂ්ඨයෝ සතුටුවෙත්වා; දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිමත්වෙත්වා. එසේය, ඔව්හු සන්තෝෂයෙන් ප්‍රීතිවෙත්වා.
තවද ක්‍රිස්තුස්වහන්සේ තුළ නිතරම අප ජයට පමුණුවන්නාවූ, සියලු තැන්වල අප ලවා උන්වහන්සේව දැනගැනීම නමැති සුවඳ පතුරුවන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා.
නුමුත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ස්ථානයේදී, නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ දාසයාද නුඹේ දාසීද නුඹේ දොරටු ඇතුළත වසන ලෙවීයයාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා කා, නුඹේ අත තබන සියල්ල ගැන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.
නුඹලා පන්නා දමන ජාතීන් විසින් උස් කඳු පිටද හෙල් පිටද සියලු අමු ගස් යටද තමුන්ගේ දෙවිවරුන්ට සේවය කළාවූ සියලු ස්ථාන විනාශකොට,
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ වැඩකරුවාද නුඹේ වැඩකාරීද නුඹේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාද නුඹලා අතරෙහි සිටින විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.
අපගේ බලාපොරොත්තුවත් ප්‍රීතියත් පාරට්ටුවේ ඔටුන්නත් කිමෙක්ද? අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ඊමේදී උන්වහන්සේ ඉදිරියෙහි නුඹලාම නොවේද?