යූදාද ඔහුගේ සහෝදරයෝද යෝසෙප්ගේ ගෙට පැමුණුණෝය. ඔහු ඒ වනතෙක් එහි සිටියේය. ඔව්හු වනාහි ඔහු ඉදිරියෙහි බිම වැටුණෝය;
1 කොරින්ති 14:25 - Sinhala Revised Old Version ඔහුගේ සිතේ රහස් එළිදරව්වන්නේය; මෙසේ ඔහු සැබවින් දෙවියන්වහන්සේ නුඹලා අතරෙහියයි ප්‍රකාශකරමින්, මුහුණින් වැටී දෙවියන්වහන්සේට නමස්කාරකරන්නේය. Sinhala New Revised Version තවද ඔහුගේ සිතෙහි රහස් හෙළිවනු ඇත. එවිට ඔහු මුණින්තලා වී, “සැබැවින් ම ඔබ අතර දෙවියන් වහන්සේ වැඩ සිටින සේකැ”යි ප්‍රකාශ කරමින් උන් වහන්සේ නමදින්නේ ය. සිංහල කාලීන පරිවර්තනය ඔහුගේ හදෙහි රහස් හෙළි වී, දෙවියන්වහන්සේ සැබවින් ම ඔබ අතරේ ය කියමින්, මුහුණ බිම ඔබා දෙවියන්වහන්සේට නමස්කාර කරනු ඇත. Sinhala New Revised Version 2018 තවද ඔහුගේ සිතෙහි රහස් හෙළිවනු ඇත. එවිට ඔහු මුණින්තලා වී, “සැබැවින් ම ඔබ අතර දෙවියන් වහන්සේ වැඩ සිටින සේකැ”යි ප්‍රකාශ කරමින් උන් වහන්සේ නමදින්නේ ය. |
යූදාද ඔහුගේ සහෝදරයෝද යෝසෙප්ගේ ගෙට පැමුණුණෝය. ඔහු ඒ වනතෙක් එහි සිටියේය. ඔව්හු වනාහි ඔහු ඉදිරියෙහි බිම වැටුණෝය;
එසේය, සියලු රජවරු උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නෝය. සියලු ජාතීහු උන්වහන්සේට මෙහෙකරන්නෝය.
ස්වාමීන්වහන්සේ කියනසේක්: මිසරයේ සම්පත්ද කූෂ්හි ලාභයද උස ඇති මනුෂ්‍යයෝවූ ෂෙබාවරුද නුඹ වෙතට පැමිණ නුඹට අයිතිවන්නෝය; ඔව්හු නුඹ පස්සේ එන්නෝය; ඔව්හු දම්වැල් සහිතව නුඹ වෙතට පැමිණ නුඹට වැඳ: සැබවින්ම නුඹ වෙත දෙවියන්වහන්සේ සිටිනසේක; උන්වහන්සේ ඇර අන් දෙවිකෙනෙක් ඇත්තේම නැතැයි කියමින් නුඹට කන්නලව්කරන්නෝයයි කියනසේක.
නුඹට පීඩාකළ අයගේ පුත්‍රයන්ද නැමි නැමී නුඹ වෙතට එනවා ඇත; නුඹව සුළුකළ සියල්ලන්ද නුඹේ පාමුල වැඳවැටෙනවා ඇත; ඔවුන් නුඹට: ස්වාමීන්වහන්සේගේ නුවරය කියාත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ සියොන්ය කියාත් කියනවා ඇත.
රජ දානියෙල්ට කථාකොට: සැබවින්ම නුඹලාගේ දෙවියන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, රජවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රහස් එළිදරව්කරන තැනන්වහන්සේය, මක්නිසාද මේ රහස එළිදරව්කරන්ට නුඹට පුළුවන්වීයයි කීවේය.
ඒ දවස්වලදී සියලු භාෂා ඇති ජාතීන්ගෙන් මනුෂ්‍යයන් දසදෙනෙක්, වස්ත්‍ර කොන අල්ලාගෙන, එසේය, යුදෙව් ජාතියේ මනුෂ්‍යයෙකුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන–අපි නුඹලා සමග යන්නෙමුව, මක්නිසාද දෙවියන්වහන්සේ නුඹලා සමග සිටින බව අප විසින් අසා තිබේයයි කියනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.
සීමොන් පේතෘස් ඒ දැක, යේසුස්වහන්සේගේ දණ ළඟ වැටී: ස්වාමිනි, මා වෙතින් ගිය මැනව; මම පව්කාර මනුෂ්‍යයෙකැයි කිවේය.
ඔහු යේසුස්වහන්සේ දැක මොරගසා, උන්වහන්සේ ඉදිරියෙහි වැටී: මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්ස, ඔබට මාගෙන් කම මොකද? මට වධ නොදෙන මෙන් ඉල්ලමියි මහත් හඬින් කීවේය.
එවිට ඔව්හු පේතෘස්ගේද යොහන්ගේද නිර්භීතකම දැක, ඔවුන් අපණ්ඩිතවූ නූගත් මනුෂ්‍යයන් බව දැන මවිතවූවෝය; ඔවුන් යේසුස්වහන්සේ සමඟ සිටි බව ඔව්හු ඇඳින්නෝය.
ස්වාමීන්වහන්සේ කෝපකරන හැටියට උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුවූ දේ කරමින් නුඹලා කළාවූ නුඹලාගේ සියලුම පාපවල් නිසා මම පළමු වතාවේ මෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වැටී දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කෑම නොකා වතුර නොබී සිටියෙමි.
වැඩිමහල්ලන් විසිසතරදෙනාද ජීවමාන සත්වයන් සතරදෙනාද වැටී: ආමෙන්, හලෙලූයා කියමින් සිංහාසනයේ වැඩහිඳින දෙවියන්වහන්සේට නමස්කාරකළෝය.
එසේ පොත ගත් කල, ජීවමාන සත්වයෝ සතරදෙනා සහ වැඩිමහල්ලෝ විසිහතරදෙනාත් එකිනෙකා වීණාවක්ද ශුද්ධවන්තයන්ගේ යාච්ඤා නමැති සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍රාද රැගෙන, බැටළුපැටවාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝය.
සාමුවෙල්ද සාවුල්ට උත්තර දෙමින්: දිවස් ඇත්තා මමය; මට පෙරටුව උස් තැනට යන්න, මක්නිසාද නුඹලා අද මා සමඟ කෑම කන්ට ඕනෑය. හෙට උදේ නුඹ යන්ට හරින්නෙමි, නුඹේ සිතේ තිබෙන සියල්ලද නුඹට දන්වන්නෙමි.