“ඔබේ මෙහෙකරු වූ මෝසෙස් මඟින් ඔබේ ශුද්ධ සබත් දවස් ද ඔබ ඔවුන්ට දන්වා, ආඥාවන් ද ව්‍යවස්ථාවන් ද ඔවුන්ට නියම කළ සේක.
හෙබ්‍රෙව් 3:5 - Sinhala New Revised Version සැබැවින් ම මෝසෙස්, දෙවියන් වහන්සේ මතු දවස කියන්නට යන දේ ගැන සාක්ෂියක් ලෙස උන් වහන්සේගේ සේවකයෙකු මෙන් මුළු ගෘහයෙහි විශ්වාසී ව සිටියේ ය. සිංහල කාලීන පරිවර්තනය මතු කල පවසන දෑ ගැන සාක්ෂි දරමින්, මෝසෙස් දෙවියන්වහන්සේගේ මුළු ගෘහයේ සේවකයකු මෙන් විශ්වාසවන්ත වූයේ ය. Sinhala New Revised Version 2018 සැබැවින් ම මෝසෙස්, දෙවියන් වහන්සේ මතු දවස කියන්නට යන දේ ගැන සාක්ෂියක් ලෙස උන් වහන්සේගේ සේවකයෙකු මෙන් මුළු ගෘහයෙහි විශ්වාසී ව සිටියේ ය. Sinhala Revised Old Version සැබවින් මෝසෙස් මතු කියන්ට තිබුණු දේ ගැන සාක්ෂියක් ලෙස උන්වහන්සේගේ මුළු ගෘහයේ සේවකයෙකු මෙන් විශ්වාසව සිටියේය; |
“ඔබේ මෙහෙකරු වූ මෝසෙස් මඟින් ඔබේ ශුද්ධ සබත් දවස් ද ඔබ ඔවුන්ට දන්වා, ආඥාවන් ද ව්‍යවස්ථාවන් ද ඔවුන්ට නියම කළ සේක.
ඔව්හු සමිඳාණන් වහන්සේ මිසර වාසීන්ට කළ ප්‍රබල ක්‍රියාව දුටහ. සෙනඟ සමිඳාණන් වහන්සේට ගරුබිය පා, උන් වහන්සේ ද උන් වහන්සේගේ සේවකයා වන මෝසෙස් ද කෙරෙහි විශ්වාසය තැබූ හ.
“තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ස්වාමියා විසින් පත් කරන ලද විශ්වාසී, සිහි නුවණ ඇති දාසයා කවරෙක් ද?
ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට, ‘යහපත්, විශ්වාසී දාසය, ඉතා අගෙයි; ඔබ ස්වල්පයක් ගැන විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්නැ’යි කී ය.
එවිට සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “ඉදින් ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ඔවුන් කෙරේ පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණ ඇති ගබඩාකාරයා කවරෙක් ද?
මෝසෙස් හා සියලු දිවැසිවරයන්ගෙන් පටන්ගෙන, මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන් සේක.
තවද උන් වහන්සේ කතා කරමින්, “මා පිළිබඳ මෝසෙස්ගේ ව්‍යවස්ථාවලියෙහි ද දිවැසාවලියෙහි ද ගීතාවලියෙහි ද ලියා ඇති හැම දෙය ම ඉෂ්ට විය යුතු යයි මා ඔබ සමඟ සිටිය දී ඔබට පැවසූ වචනයෙහි තේරුම මේ ය”යි වදාළ සේක.
ඔබ ශුද්ධ ලියවිල්ල හදාරන්නහු ය. එසේ කරන්නේ, ඒවායෙහි ඔබට සදාතන ජීවනය ඇතැ යි ඔබ සිතන බැවිනි. ඒවා ම මා ගැන සාක්ෂි දරන්නේ ය.
තවද ඔවුන් පාවුලුට දවසක් නියම කොට බොහෝ දෙනෙක් එදා ඔහුගේ නවාතැනට ආහ; ඔහු උදය පටන් සවස දක්වා දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට සාක්ෂි දෙමින්, ජේසුස් වහන්සේ ගැන ඔවුන් පහදන පිණිස මෝසෙස්ගේ ව්‍යවස්ථාවලියෙන් හා දිවැසිවරයන්ගේ පොත්වලින් කාරණා තේරුම් කර දුන්නේ ය.
‘දෙවියන් වහන්සේ මා එවූ ලෙස ම ඔබගේ සහෝදරයන් අතරෙන් ඔබට දිවැසිවරයෙකු එවන සේකැ’යි ඉශ්රායෙල් පුත්‍රයන්ට කීවේත්, මේ මෝසෙස් ම ය.
එහෙත්, දැන් මිනිසුන් දමිටු බවට පමුණුවාලීම පිළිබඳ දෙවියන් වහන්සේගේ ක්‍රියා මාර්ගය එළිදරව් වී තිබේ. ව්‍යවස්ථාව හා දිවැසාවලිය ඊට සාක්ෂි දුන් නමුත් එය කිසි සේත් ව්‍යවස්ථාව පිට රඳා නැත.
‘මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබේ ශ්‍රේෂ්ඨත්වය ද බාහු බලය ද ඔබේ සේවකයා හට පෙන්වීමට ඔබ පටන්ගෙන තිබේ. ඔබ සේ දස්කම් හා විස්කම් අනුව ක්‍රියා පෑමට සමත් අන් කවර දෙවි කෙනෙක් සගලොව හෝ නරලොව හෝ සිටිත් ද?
මා ශක්තිමත් කළා වූ ද, උන් වහන්සේගේ සේවය සඳහා පත් කිරීමට තරම් මා ඇදහිලිවන්ත යයි සැලකුවා වූ ද, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේට මම ස්තුති කරමි.
දෙවියන් වහන්සේ ආදි යුගවල දී, නොයෙක් විට ද විවිධාකාරයෙන් ද, දිවැසිවරයන් මඟින් අපේ පියවරුන්ට කතා කළ සේක.
මෝසෙස් දෙවියන් වහන්සේගේ ගෘහයෙහි විශ්වාස ව සිටි සේ ම, ජේසුස් වහන්සේ ද තමන් පත් කළ තැනැන් වහන්සේට විශ්වාස ව සිටින සේක.
මන්ද, සෑම ගෘහයක් ම නිර්මාණය කරන්නෙක් සිටියි. එහෙත් සියල්ල නිර්මාණය කරන්නේ දෙවියන් වහන්සේ ය.
මෝසෙස් මණ්ඩපය සාදන්නට යන කල: “කන්දේ දී නුඹට පෙන්වන ලද සැලැස්ම අනුව සියල්ල සාදන්නට බලාගනින්නැ”යි දෙවියන් වහන්සේ ආඥා කළ සේක. ඒ පූජකයෝ එලෙස ස්වර්ගීය දේවල සටහන හා ඡායාවක් ව තිබෙන දේවලට සේවය කරති.
මන්ද, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දෙවියන් වහන්සේ අබිමුවෙහි දැන් පෙනී සිටින පිණිස, නියම ශුද්ධස්ථානයේ ආදර්ශය ලෙස අතින් සැදූ ශුද්ධස්ථානයකට නොව, ස්වර්ගයට ම ඇතුළු වූ සේක.
දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙන් ඔබේ සහෝදරයන්ට විවේකය දෙන තෙක් ද උන් වහන්සේ ඔවුන්ට දෙන දේශය අයිති කරගන්න තෙක් ද ඔබ එලෙස ඔවුන්ට උපකාර කළ යුතු ය. ඉන්පසු සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් ජොර්දාන් ගඟින් එහා පෙරදිග දිශාවෙහි ඔබ හැමට දුන්, ඔබට අයිති වන දේශයට හැරී අවුත් එය භුක්ති විඳීමට පටන්ගන්නෝ ය”යි කීවේ ය.
“මාගේ සේවක වූ මෝසෙස් මළේ ය. දැන් ඉතින් නුඹත්, මේ මුළු සෙනඟත් නැඟිට, ඔවුන්ට එනම්, ඉශ්රායෙල් ජනතාවට මා දෙන්නට යන දේශයට ජොර්දාන් ගඟින් එගොඩ වී යන්න.
මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න.
ඔහු මෙසේ කෙළේ, සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් ඉශ්රායෙල් සෙනඟට අණ කළ ලෙස, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන පරිදි, ‘කිසිවෙකු විසින් යකඩ ආයුධයකින් නොකපන ලද පියවි ගල්වලින් ය.’ ඔව්හු ඒ පූජාසනය පිට සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කළෝ ය.
සියලු ඉශ්රායෙල්වරු ද ඔවුන්ගේ ප්‍රජා මූලිකයෝ ද නිලධාරීහු ද විනිශ්චයකාරයෝ ද ස්වදේශිකයෝ ද එසේ ම විදේශිකයෝ ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉසුලූ ලෙවී පූජකවරුන් ඉදිරියෙහි ගිවිසුම් කරඬුව දෙපසෙහි සිටියෝ ය. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් ගෙරසීම් කන්ද ඉදිරිපිට ද සෙසු දෙකෙන් කොටස ඒබාල් කන්ද ඉදිරියෙහි ද සිටියෝ ය. මෙසේ කෙළේ, පළමු කොට ඉශ්රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතු ය කියා සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් අණ කළ පරිදි ය.
ඔව්හු දෙවියන් වහන්සේගේ සේවකයා වූ මෝසෙස්ගේ ගීතිකාව ද බැටළු පෝතකයාණන්ගේ ගීතිකාව ද ගායනා කරමින් මෙසේ කී හ: “සව් බලැති ස්වාමීන් වන දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා උදාර ය, චමත්කාර ජනක ය. ජාතීන්ගේ රජාණෙනි, ඔබගේ මාර්ග සාධාරණ ය, සැබෑ ය.