හිතෝපදේශ 27:20 - Sinhala New Revised Version පාතාලය හා අවීචිය කවදාවත් තෘප්තියට නොපැමිණෙයි; මිනිසාගේ තෘෂ්ණාව ද කවදාවත් සෑහීමට පත් නොවෙයි. Sinhala New Revised Version 2018 පාතාලය හා අවීචිය කවදාවත් තෘප්තියට නොපැමිණෙයි; මිනිසාගේ තෘෂ්ණාව ද කවදාවත් සෑහීමට පත් නොවෙයි. Sinhala Revised Old Version ෂෙයෝලද අබද්දොනද කිසිකලක තෘප්තියට පැමිණෙන්නේ නැත; මනුෂ්‍යයාගේ ඇස්ද කිසිකලෙක තෘප්තියට නොපැමිණේ. |
පාතාලය හා අපාය වුව ද සමිඳුන්ගේ බැල්මෙන් සැඟවී නැත; එසේ නම් මිනිස් හදවත එතුමන්ගේ බැල්මෙන් සැඟවිය හැකි ද?
හැම දෙය ම වෙහෙස ගෙන දෙන සුළු ය. එය කියා නිම කළ නොහැකි වෙහෙසකි. දැකීමෙන් ඇස තෘප්තියට නොපැමිණෙයි; ඇසීමෙන් කන තෘප්තියට නොපැමිණෙයි.
කාත් කවුරුත් නැති ව, හුදකලා ව වසන කෙනෙක් ඇත. ඔහුට පුත්‍රයෙක් වත්, සහෝදරයෙක් වත් නැත; එහෙත්, ඔහුගේ සියලු ම වැඩකටයුතුවල නිමාවක් නැත; ඔහු තමා උපයන වස්තුවෙන් තෘප්තියට නොපැමිණෙයි. “මම මෙසේ පණ නොතකා, වෙහෙස වී, සැපක් නැති ව වැඩ කරන්නේ කා උදෙසා දැ”යි ඔහු නොඅසයි. මෙය ද නිසරු දෙයකි, කාලකණ්ණි ජීවිතයකි.
මිනිසෙකු කොයි දෙය කරන්නේත් බඩවියත පුරවාගැනීමට ය. එහෙත්, ඔහුගේ සාගින්න කවදාවත් නොනිවෙයි.
පාතාල ලෝකය ඔවුන් ගිලින්න කට අයාගෙන සිටියි. එය ජෙරුසලමේ ප්‍රභූවරුන් ද කෑ කෝ ගසන කලබලකාරී පොදු සමූහයා ද ගිලගනියි.
එහෙත්, නුඹේ නෙතත්, සිතත් ආත්මාර්ථයට පමණක් යොමු වී ඇත. නුඹ අහිංසකයන් මරන්නෙහි ය; සෙනඟට සැහැසිකම් හා පීඩා කරන්නෙහි ය. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.”
වස්තුව රවටන සුලු ය. පාතාලය මෙන් කට අයාගත් තෘෂ්ණාව ඇත; මරණය මෙන් තෘප්තියක් නොලබන, සියලු ජාතීන් තම ආශාව සඳහා රැස් කරන්නාවූ සියලු මිනිසුන් තම වාසියට හරවාගන්නාවූ මිනිසා අහංකාරී නොසංසුන් කෙනෙකි.
“නුඹලා බොහෝ බලාපොරොත්තු වූ නමුත්, නුඹලාට ලැබුණේ ස්වල්පයකි. නුඹලා අස්වැන්න ගෙදර ගෙනා විට මම එය පිඹ දැම්මෙමි. මා එසේ කරන්නේ මන් ද? සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ මාලිගාව නටබුන් වී තිබිය දී ඒ ගැන නොසලකා නුඹලා එකිනෙකා තම තමාගේ ගෙවල් ගැන සැලකිලිමත් වන නිසා ය.
මන්ද, ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, කාමරාගයත්, මාංසික තෘෂ්ණාවත්, අහංකාරකමත් ඇතිවන්නේ පියාණන් වහන්සේගෙන් නොව ලෝකයෙන් ය.