ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 2:6 - Sinhala New Revised Version

මන්ද, ප්‍රඥාව සමිඳුන්ගේ ම දීමනාවකි. දැනුම හා ඥානය පහළ වන්නේ සමිඳුන්ගේ මුවෙනි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මන්ද, ප්‍රඥාව සමිඳුන්ගේ ම දීමනාවකි. දැනුම හා ඥානය පහළ වන්නේ සමිඳුන්ගේ මුවෙනි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද ප්‍රඥාව දෙන්නේ ස්වාමීන්වහනසේය; උන්වහන්සේගේ මුඛයෙන් දැනගැන්මද ඥානයද පැමිණෙන්නේය.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 2:6
32 හුවමාරු යොමු  

දෙවියන් වහන්සේ සලමොන්ගේ සිතේ නිදන් කළ ඔහුගේ ප්‍රඥාව අසන පිණිස සකල දේශවාසීහු ඔහු වෙත පැමිණියෝ ය.


බලන්න, මම නුඹේ ඉල්ලීම ලෙස ඉටු කරමි. නුඹට සමාන කෙනෙකු නුඹට පළමුවෙන් සිටියේ වත්, නුඹට පසු ව සිටින්නේ වත් නැති වන ලෙස තියුණු නැණනුවණ නුඹට දෙමි.


එබැවින් ඔබේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස, හොඳ නරක දැනගන්න පුළුවන් වන ලෙස ඥානවන්ත සිතක් ඔබේ දාසයාට දුන මැනව, මන්ද, ඔබේ මේ මහා සෙනඟ විනිශ්චය කරන්න කවරෙකුට පුළුවන් දැ”යි කීවේ ය.


දෙවියන් වහන්සේ ඉමහත් ප්‍රඥාවත්, විචක්ෂණ බුද්ධියත්, මුහුදු වෙරළේ වැලි මෙන් පෘථුල ඥානයත් සලමොන් රජු හට දුන් සේක.


එසේය, ඔබ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා රක්ෂා කරන පිණිස ඔබට නැණනුවණ සහ බුද්ධි මහිමය දී, ඉශ්රායෙල්වරුන් ගැන වගකීමක් ඔබට දෙන සේක් වා!


“එස්රා, ඔබ යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින සියලු සෙනඟ විනිශ්චය කරන පිණිස, ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව දන්න විනිශ්චයකාරයන් ද නඩුකාරයන් ද ඔබට ප්‍රදානය කොට ඇති ඔබේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලෙස පත් කරගන්න; නොදන්න අයට එය උගන්වන්න.


එවිට පෙළපත් වශයෙන් ජන සංගණනයක් කරන පිණිස උත්තමයන් ද නිලධාරීන් ද සෙනඟ ද රැස් කරවන්නට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතෙහි අදහසක් ඇති කළ සේක. පළමුවෙන් ම ආ අයගේ පෙළපත් ලේඛනය මට සම්බ විය. එහි මෙසේ ලියා තිබුණි.


දෙවිඳුන් වෙත ප්‍රඥාව හා බලය යන දෙක ම ඇත. විනිශ්චය හා නුවණ එතුමන් අතෙහි ය.


බලය හා දක්ෂකම එතුමන් වෙත ඇත. රැවටෙන්නාත්, රවටන්නාත් දෙදෙනා ම එතුමන්ගේ බලය යටතේ ය.


එතුමාණන්ගේ මුවින් ඔවදන් ගෙන, එතුමන් වදන් ඔබේ සිතෙහි නිදන් කරගන්න.


එහෙත්, මිනිසාට ප්‍රඥාව දෙන්නේ, සව් බලැති දෙවිඳුන්ගේ ආනුභාවය බව දැන් මම දනිමි.


ඔබේ නියෝග මඟින් මට නැණනුවණ ලැබේ. එබැවින් සියලු වංක මාර්ග මම නුරුස්සන්නෙමි.


මට මනා අවබෝධය දුන මැනව. එවිට ඔබේ ව්‍යවස්ථාව රක්ෂා කරන්නෙමි; එසේ ය, මාගේ මුළු සිතින් එය පිළිපදින්නෙමි.


ඔබේ ආඥා නිතර ම මා සමඟ ය. එයින් මාගේ සතුරන්ට වඩා මම පැණවත් වෙමි.


සමිඳුන්ගේ ව්‍යවස්ථාව පරිසමාප්ත ය; ජීවිතය පණ ගන්වන්නේ ය. සමිඳුන්ගේ නීතිය සත්‍යවාදී ය; අනුවණයන්ට නුවණ දෙන්නේ ය.


සමිඳුන්ගේ අණපණත් සාධාරණ ය; සිතට සතොස වඩන්නේ ය. සමිඳුන්ගේ අණසක පැහැදිලි ය; දෙනෙතට එළිය දෙන්නේ ය,


සත්‍යයට හා අවංක බවට ඔබ ප්‍රිය කරන සේක. එබැවින් සැබෑ ප්‍රඥාව මට ඉගැන්නුව මැනව.


විජාතීන්ට දඬුවම් දෙන දෙවිඳාණෝ දඬුවම් නොදෙන සේක් ද? මිනිසාට නැණනුවණ දෙන සමිඳාණෝ මිනිස් සිතුවිලි නොදන්න සේක් ද?


තවද, මම ඔහු දේවාත්මානුභාවයෙන් ද නන්වැදෑරුම් නිර්මාණ ශිල්පය පිළිබඳ දක්ෂතාවෙන් ද හැකියාවෙන් ද අවබෝධයෙන් ද පූර්ණ කෙළෙමි.


අනුශාසනාව ඔබට පහනකි, උවදෙස් ඔබට එළියකි, ගුරූපදේශ ඔබට ජීවන මඟකි.


දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ව සිටින මනුෂ්‍යයාට උන් වහන්සේ ප්‍රඥාවත්, අවබෝධයත්, ප්‍රීතියත් දෙන සේක. එහෙත්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ව සිටින අයට හිමි වන පිණිස, උන් වහන්සේ පව්කාරයාට වෙහෙස දරා වස්තු රැස්කර තැබීමට සලස්වන සේක. මෙය ද නිෂ්ඵල දෙයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.


නුඹේ දරුවන්ට ස්වාමීන් වන මම උගන්වන්නෙමි. ඔවුන්ගේ සෞභාග්‍යය අධික වන්නේ ය.


එහෙත්, නුඹලා මෙසේ පිළිතුරු දිය යුතු ය: “සමිඳාණන් වහන්සේ නුඹලාට උගන්වන දේට සවන් දෙන්න, අනවිනකාරයන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන දෙයින් කිසි යහපතක් සිදු නොවේ.”


ඒ තරුණයන් සතරදෙනාට දෙවියන් වහන්සේ සාහිත්‍ය විෂයය හා ශිල්ප ශාස්ත්‍රය පිළිබඳ මනා දැනුමක් හා අවබෝධයක් දුන් සේක. සියලු ආකාර දර්ශන හා ස්වප්න තේරුම් කර දීමේ වරම ද දානියෙල්ට තිබිණි.


කාලයන් ද අවස්ථාවන් ද වෙනස් කරන්නේත්, රජවරුන් පහ කරන්නේත්, පත් කරන්නේත්, පැණවතුන්ට දැනුම හා නැණවතුන්ට නුවණ දෙන්නේත් එතුමාණෝ ය.


මාගේ පියවරුන්ගේ දෙවිඳුනි, මා හට ඥාන ශක්තිය දුන් බැවින් ද අපේ යැදුමට සවන් දී රජුගේ පැනය ඔබ අපට පහදා දුන් බැවින් ද ඔබට මම තුති පැසසුම් කරමි.”


මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි.


‘සියල්ලෝ ම දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලබති’යි දිවැසාවලියෙහි ලියා ඇත. දෙවියන් වහන්සේට සවන් දී, උන් වහන්සේගෙන් ඉගෙනගත් සියල්ලෝ ම මා වෙත එති.


සෑම යහපත් දීමනා ද සියලු අගනා ත්‍යාග ද නොවෙනස් වන සුලු, පහ ව යන බවට ඡායා මාත්‍රයකුදු නැති ආලෝකයේ පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේ ය.


ඔබගෙන් යමෙකුට ප්‍රඥාව නැත්නම්, ඔහු දෙවියන් වහන්සේගෙන් එය ඉල්ලා සිටී වා. එවිට සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන දෙවියන් වහන්සේ එය ඔහුට ප්‍රදානය කරන සේක.