හිතෝපදේශ 2:14 - Sinhala New Revised Version ඔවුන්ගේ සතුට නපුර කිරීමට ය; ඔවුන්ගේ ප්‍රීතිය දුෂ්ට උපායවලට ය; Sinhala New Revised Version 2018 ඔවුන්ගේ සතුට නපුර කිරීමට ය; ඔවුන්ගේ ප්‍රීතිය දුෂ්ට උපායවලට ය; Sinhala Revised Old Version ඔව්හු නපුර කිරීමට සන්තෝෂවී, නපුරුකමේ ප්‍රයෝගවලට ප්‍රීතිමත්වෙති. |
“මා ප්‍රේම කරන සෙනඟ නපුරු ක්‍රියා කරති. මාගේ මාලිගාවේ සිටීමට ඔවුන්ට ඇති අයිතිය කුමක් ද? බාරහාර ඔප්පු කිරීමෙන් හා සතුන් පූජා කිරීමෙන් විපතෙන් බේරෙන්න පුළුවනැ යි ඔව්හු සිතත් ද? ඒ මඟින් තමන්ට පවිත්‍ර විය හැකි යැ යි ඔව්හු සිතත් ද?
බබිලෝනිවරු බිලිකටුවලින් මිනිසුන් අල්ලා ගනිති; දැල් දමා ඇදගෙන, අතංගුවෙන් ඔවුන් එකතුකර ඒ ගැන ප්‍රීති වෙමින් උදන් අනති.
ඒ කාලයේ දී, මාගේ සෙනඟ වන නුඹලා මට විරුද්ධ ව කළ ද්‍රෝහි ක්‍රියා නිසා ලජ්ජාවට පත් නොවන්නහු ය. මන්ද, අහංකාරි, අභිමානවත් සියලු දෙනා මම නුඹලා අතරෙන් පහ කරන්නෙමි. ඉන්පසු නුඹලා කිසි කලෙක මාගේ ශුද්ධ කන්දෙහි කැරලි නොගසන්නහු ය.
මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුසු ය, යන දෙවියන් වහන්සේගේ නියෝගය දැන දැනත් ඒ දේ ම කරති. එපමණක් නොව, ඒ දේ කරන අයට අනුබල ද දෙති.