පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”යි වදාළ සේක.
හිතෝපදේශ 18:22 - Sinhala New Revised Version බිරිඳක සොයා ගන්නා යහපතක් සොයා ගනී; දෙවිඳුන්ගෙන් ලත් ප්‍රසාදයකි. Sinhala New Revised Version 2018 බිරිඳක සොයා ගන්නා යහපතක් සොයා ගනී; දෙවිඳුන්ගෙන් ලත් ප්‍රසාදයකි. Sinhala Revised Old Version භාර්යාවක සොයන්නා යහපතක් සොයාගන්නේය, ඔහුට ස්වාමීන්වහන්සේගෙන් කරුණාවද ලැබේ. |
පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”යි වදාළ සේක.
ඊසාක් ද, රෙබෙකා තම මවගේ කූඩාරමට ගෙනැවිත්, ඇය සරණ පාවාගත්තේ ය. ඈ ඔහුගේ බිරිඳ වූවා ය. ඔහු ඇයට ප්‍රේම කෙළේ ය. මෙලෙස ඊසාක් තම මවගේ මරණින් පසු සැනසීමට පත් විය.
ජාකොබ් ද එසේ කර, මංගල සතිය සම්පූර්ණ කළ පසු, ලාබන් ඔහුට තම දුව වන රාකෙල්, බිරිඳ වශයෙන් සරණ පාවා දුන්නේ ය.
ගුණසම්පන්න වනිතාව ඇගේ ස්වාමි පුරුෂයාට කිරුළකි; එහෙත් ඔහුට අවමන් ගෙන දෙන කාන්තාව ඔහුගේ ඇටකටුවලට පිළිකාවකි.
ගෙවතු හා වස්තුව පියාගෙන් ලැබෙන උරුමයකි; නුවණින් ක්‍රියා කරන බිරිඳ දෙවි තුම දෙන දීමනාවකි.
උන් වහන්සේ මිහි පිට ඔබට දී තිබෙන ඔබේ නිෂ්ඵල ජීවිතයේ සියලු දවස්වල ඔබ ප්‍රේම කරන ඔබේ භාර්යාව සමඟ ජීවිතයේ ප්‍රීතිය භුක්ති විඳින්න. මන්ද, ජීවිතයෙන් ද මිහි පිට ඔබ ගන්න වෙහෙසෙන් ද ඔබට ලැබෙන එක ම කොටස එය වේ.
ජාකොබ්ට මෙසොපොතේමියාවට පලා යන්නට සිදු විය. එහි දී භාර්යාවක ලබාගන්න පිණිස සේවය කරමින් බැටළුවන් බලාගත්තේ ය.
එහෙත්, අනාචාරය බහුල ව පවතින නිසා හැම මිනිසෙකුට ම භාර්යාවක් ද හැම ස්ත්‍රියකට ම ස්වාමි පුරුෂයෙකු ද සිටිය යුතු ය.
තවද, මළ මිනිසාගේ පවුලට කුඹුර උරුම වන පිණිස මාලොන්ගේ වැන්දඹුව වන මෝවබ් ජාතික රූත් මාගේ භාර්යාව වශයෙන් ද ගන්නෙමි. මෙසේ කිරීමෙන් ඔහුගේ නාමය ඔහුගේ සෙනඟ අතරේ ද ඔහු උපන් නගරයේ ද අමතක නොවී පවතිනු ඇත. මේ බවට ඔබ හැම අද දින සාක්ෂිකාරයෝ වන්නහු ය.”