උඩඟුකම වාද විවාද ඇති කරයි; ඔවා බස් පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත.
උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ.
සියලු ඉශ්රායෙල්වරු රජු තමන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, රජුට උත්තර දෙමින්, “දාවිත්ගෙන් අපට ඇති කොටස කුමක් ද? ජෙස්සේගේ පුතුගෙන් අපට උරුමයක් නැත. ඉශ්රායෙල්වරුනි, ඔබේ ගෙවලට යන්න. ඉතින් දාවිත් රජතුමෙනි, ඔබ ඔබේ ම ගෝත්‍රය බලාගන්නැ”යි කියා තම තමන්ගේ ගෙවලට ගියෝ ය.
ඔබ හිස උදුම්වාගෙන ඒදොම්වරුන්ට පහර දුන් බව සැබෑ ය. ඔබේ සිත ද උඩඟු වී තිබේ. ඒ ගෞරවය ඔබට සෑහේ. දැන් ඉතින් ගෙදර නවතින්න. ඔබ ද ඔබ සමඟ ජුදාවරුන් ද වැටෙන ලෙස ඔබ අන්තරායට මැදි වන්නේ මන්දැ”යි ජුදාහි රජු වන අමශියාට කියා යැවී ය.
නිරායාසයෙන් ලබන සම්පත වහා නැති වී යයි; වැර වීරියෙන් ලබන වස්තුව තව තව වැඩි වෙයි.
දමිටුන්ගේ එළිය දීප්තිමත් ව බබළයි; එහෙත් අදමිටුන්ගේ පහන නිවීගෙන යයි.
නඩුහබ පටන්ගැනීම අමුණක් බිඳීම වැනි ය; වාද විවාද හටගන්න පෙර ඒවා වැළැක්වීම හොඳ ය.
අවවාදයට සවන් දී උපදෙස් පිළිගන්න; එවිට ඔබ මතු දවස නැණවතෙක් වන්නෙහි ය.
හොඳ අවවාද ඇති විට ඔබට සඵලය ඇත; සියුම් සැලසුම නැති ව රණබිමට නොයන්න.
ගර්විත උඩඟු මිනිසාගේ නම ‘ගරහන්නා’ යනුයි. ඔහු උද්ධච්ඡ ව අහංකාරයෙන් ක්‍රියා කරයි.
ඔබ දුටු යමක් ගැන ඉක්මන් වී උසාවි නොයන්න; වෙන සාක්ෂිකරුවෙකු ඔබ නිරුත්තර කළොත් කුමක් කරන්න ද?
තණ්හාව ඇත්තා කලහ අවුස්සයි; සමිඳුන් කෙරේ විශ්වාසය තබන්නාට සෞභාග්‍යය ඇත.
තමන් අතරෙන් ශ්‍රේෂ්ඨතම ලෙස සැලකිය යුත්තේ කවරෙක් දැ යි ශ්‍රාවකයන් අතර විවාදයක් ඇති විය.
උඩඟුකමින් පිරුණු තැනැත්තෙකි; ඔහු සෑම දේ ගැන සැක කිරීමෙන් ද, වචන ගැන ප්‍රශ්න කිරීමෙන් ද උමතු වූවෙකි. එයින් ඊර්ෂ්‍යාව ද කලහ ද අපහාසය ද කූට අවිශ්වාසය ද
ඔබ අතර ආරාවුල් හා කලකෝලාහල ඇති වෙන්නේ කෙසේ ද? ඒවා හටගන්නේ ඔබගේ ඉඳුරන් තුළ සටන් කරන තෘෂ්ණාවලින් නොවේ ද?
ඒ දුටු සියල්ලෝ, “ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් ආ දා පටන් අද දක්වා මෙබඳු දෙයක් සිදු වුණේ වත්, දකින්නට ලැබුණේ වත් නැත. මේ ගැන සිතට ගෙන, සාකච්ඡා කොට තීරණයකට පැමිණෙන්නැ”යි කීවෝ ය.