Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 22:24 - Sinhala New Revised Version

24 තමන් අතරෙන් ශ්‍රේෂ්ඨතම ලෙස සැලකිය යුත්තේ කවරෙක් දැ යි ශ්‍රාවකයන් අතර විවාදයක් ඇති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

24 තමන් අතරින් වඩාත් උත්තමයා ලෙස සැලකිය යුත්තේ කවුරුදැයි ඔවුන් අතරේ විවාදයක් ඇති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 තමන් අතරෙන් ශ්‍රේෂ්ඨතම ලෙස සැලකිය යුත්තේ කවරෙක් දැ යි ශ්‍රාවකයන් අතර විවාදයක් ඇති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 ඔවුන්ගෙන් ඉතා උතුම්කොට ගණන්ගනු ලබන්නේ කවරෙක්දැයි ඔවුන් අතරේ විවාදයක්ද හටගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 22:24
11 හුවමාරු යොමු  

තමන් අතරෙන් ශ්‍රේෂ්ඨතම තැනැත්තේ කවරෙක් දැ යි ඔවුන් අතර විවාදයක් මතු විය.


එහෙත් ඔව්හු නිහඬ වූ හ. මන්ද, වඩා උසස් කවරෙක් දැ යි මඟ දී තම තමන් අතර ඔවුන් විවාද කළ බැවිනි.


ප්‍රේමය, ඉවසිලිවන්ත ය, කරුණාවන්ත ය; ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වන්නේ නැත;


සුහද සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. ගෞරවයෙන් තමාට වඩා අනෙක් අය උතුම් කොට සලකන්න.


එවේලෙහි ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, “ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ කවරෙක් දැ”යි ඇසූහ.


එවිට එය කරන්නට යන්නේ ඔවුන්ගෙන් කවරෙක් දැ යි ඔව්හු තම තමන් අතර විමසන්නට පටන්ගත්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්