Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 12:16 - Sinhala New Revised Version

16 සියලු ඉශ්රායෙල්වරු රජු තමන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, රජුට උත්තර දෙමින්, “දාවිත්ගෙන් අපට ඇති කොටස කුමක් ද? ජෙස්සේගේ පුතුගෙන් අපට උරුමයක් නැත. ඉශ්රායෙල්වරුනි, ඔබේ ගෙවලට යන්න. ඉතින් දාවිත් රජතුමෙනි, ඔබ ඔබේ ම ගෝත්‍රය බලාගන්නැ”යි කියා තම තමන්ගේ ගෙවලට ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 සියලු ඉශ්රායෙල්වරු රජු තමන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, රජුට උත්තර දෙමින්, “දාවිත්ගෙන් අපට ඇති කොටස කුමක් ද? ජෙස්සේගේ පුතුගෙන් අපට උරුමයක් නැත. ඉශ්රායෙල්වරුනි, ඔබේ ගෙවලට යන්න. ඉතින් දාවිත් රජතුමෙනි, ඔබ ඔබේ ම ගෝත්‍රය බලාගන්නැ”යි කියා තම තමන්ගේ ගෙවලට ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 සියලු ඉශ්‍රායෙල්වරු රජ තමුන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, සෙනඟ රජුට උත්තරදෙමින්: දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක්ද? යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්‍රායෙල්වරුනි, නුඹලාගේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත්, නුඹ නුඹේම වංශය බලාගන්නැයි කීවෝය. මෙසේ ඉශ්‍රායෙල්වරු තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 12:16
32 හුවමාරු යොමු  

බෙන්ජමින් ජාතිකයෙකු වන බික්‍රිගේ පුත් ෂෙබා නම් දුර්ජන මිනිසෙක් එහි සිටියේ ය. ඔහු හොරණෑව පිඹ, මොරගසා, “දාවිත් සමඟ ගනුදෙනු අපට නැත, ජෙස්සේගේ පුත්‍රයාගෙන් කිසි උරුමයක් අපට නැත; ඉශ්රායෙල්වරුනි, එකිනෙකා තම තමාගේ කූඩාරම්වලට යේවා”යි කී ය.


එලෙස ම ඉශ්රායෙල්හි රජකම් කරන පිණිස සෑම කල්හි ම දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු නැඟී එන බවට මාගේ මෙහෙකරු වූ දාවිත් සමඟ මා කළ ගිවිසුමත්, මාගේ සේවක පූජකයන් වන ලෙවීවරුන් සමඟ මා කළ ගිවිසුමත් අවලංගු කිරීමට පුළුවන්කමක් නැත.


රජු තමන්ට ඇහුම්කන් නුදුන් බව සියලු ඉශ්රායෙල්වරුන් දුටු කල, ඔව්හු රජුට උත්තර දෙමින්, “දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක් ද? ජෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්රායෙල්වරුනි, ඔබේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත් තුමෙනි, ඔබ ඔබේ ම වංශය බලාගන්නැ”යි කීවෝ ය. මෙසේ සියලු ඉශ්රායෙල්වරු තම තමන්ගේ කූඩාරම්වලට ගියෝ ය.


සිරියාවේ හමුදා ඉශ්රායෙල් දේශයට පිවිස සිටින බව ජුදාවේ රජුට දන්වන ලදී. එවිට රජ ද සෙනඟ ද සුළඟට සැලෙන ගස් මෙන් චංචල වූ හ.


එහි දාවිත්ගෙන් පැවැතෙන්නෙකු බලවත් රජෙකු කරන්නෙමි. මාගේ අභිෂේක ලත් තැනැත්තාට පහනක් මෙන් දිළෙන්නට සලසන්නෙමි.


මිනිසාගේ උදහසින් පවා ඔබේ මහිමය වැඩි වන්නේ ය. ඒ උදහසින් මිදෙන අය ඔබේ මංගල්‍යය පවත්වන්නෝ ය.


එක එක මනුෂ්‍යයා තම තමාගේ නුවරටත්, රටටත් යේ වා යි කියා ඉර බහින වේලාවේ කඳවුර පුරා ප්‍රසිද්ධියක් කරන ලදී.


එවිට ඔහු කතා කොට, “සියලු ඉශ්රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසිර සිටිනු මම දිටිමි. තවද, සමිඳාණෝ මෙසේ වදාරන සේක; ‘මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සාමදානයෙන් හැරී යත් වා!’ “යි කීවේ ය.


මෙලෙස සලමොන්ගේ පාපය නිසා දාවිත්ගේ වංශයට පීඩා කරන්නෙමි. එහෙත්, එය සදහට ම නොවනු ඇත.’ “


මාගේ නාමය තබන්නට මා විසින් තෝරාගන්න ලද නගරය වන ජෙරුසලමේ මාගේ මෙහෙකරු වූ දාවිත්ගේ වංශයෙන් පැවතෙන්නෙකු මා ඉදිරියෙහි සිටින පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි.


එහෙත්, මම මුළු රාජ්‍යය ඔහුගේ අතින් නොගෙන මා විසින් තෝරාගන්න ලද, මාගේ ආඥා හා පණත් රක්ෂා කළ, මාගේ මෙහෙකරු වූ දාවිත් නිසා ඔහුගේ මුළු ජීවිත කාලය තුළ අධිපති ව සිටින්න ඔහුට ඉඩ හරින්නෙමි.


තවද, මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත්, මා තෝරාගත් ජෙරුසලම නිසාත් නුඹේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි”යි වදාළ සේක.


තවද, දාවිත් රජ අබිෂයිටත්, තමාගේ සියලු සේවකයන්ටත් කතා කොට, “බලන්න, මට දාව උපන් මාගේ ම පුත්‍රයා මා නසන්නට සොයන්නේ නම්, ඊට කොපමණ වැඩියෙන් මේ බෙන්ජමින් ජාතිකයාට දැන් එසේ කරන්නට බැරි ද? ඔහු නිකම් සිටියා වේ, දෙස් කීවා වේ; මන්ද, එලෙස කරන්නට සමිඳාණන් වහන්සේ වදාළ සේක.


පණිවුඩකාරයෙක් දාවිත් කරා පැමිණ, “ඉශ්රායෙල් මිනිසුන්ගේ සිත් අබ්සලොම් දෙසට ඇදී ගොස් ඇතැ”යි කී ය.


එපමණක් නොව, ජෙරුබ්බාල් හෙවත් ගිඩියොන් ඉශ්රායෙල් ජනයාට කළ සියලු යහපත් දේට ඔබින ලෙස ඔහුගේ පවුලට ඔව්හු කෙළෙහිගුණ ද නොදැක්වූ හ.


එසේ වුව ද මා තමන් කෙරේ රජකම් කරනවාට කැමැති නුවූ මේ මාගේ සතුරන් මෙ‍හි ගෙනවුත් මා ඉදිරියෙහි ම මරා දමන්නැ’යි කීවේ ය.”


එහෙත් ඔහුගේ නගරවැසියෝ ඔහුට වෛර වී, ‘මේ මනුෂ්‍යයා අප කෙරේ රජකම් කිරීම අපේ කැමැත්ත නොවේ ය’යි කියනු පිණිස නියෝජිත පිරිසක් ඔහු පස්සේ යැවූ හ.


එවිට පේදුරු, “මා දිවි ඇතිතෙක් කවදාවත් මාගේ පාද සෝදන්නට නම් ඔබ වහන්සේට ඉඩ නොදෙමි”යි කී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබ නොසේදුවොත් මා සමඟ සම්බන්ධකමක් ඔබට නැතැ”යි ඔහුට වදාළ සේක.


එබැවින් සමිඳාණන් වහන්සේ සලමොන්ට කතා කොට, “නුඹ මාගේ ගිවිසුම ද මා නුඹට අණ කළ මාගේ ආඥා ද නොපවත්වා මෙසේ කළ බැවින් සැබැවින් ම රාජ්‍යය නුඹෙන් උදුරා නුඹේ මෙහෙකරුවාට දෙන්නෙමි.


එහෙත්, ඔහුගේ පුත්‍රයා අතින් රාජ්‍යය ගෙන ගෝත්‍ර දහයක් ඔබට දෙන්නෙමි.


“ඉශ්රායෙල් රාජ්‍යය ජුදාවෙන් වෙන් වූ කාලයේ පටන් නුවූ විරූ අන්දමේ දුක් කරදර සමිඳාණන් වහන්සේ නුඹ පිටත්, නුඹේ සෙනඟ පිටත්, මුළු රජ පවුල පිටත් පමුණුවන සේක. උන් වහන්සේ අසිරියාවේ රජු නුඹට විරුද්ධ ව එවන සේක.”


ජුදා රාජ්‍යය සහ එයට සම්බන්ධ ඉශ්රායෙල් දරුවන් ගැන ලියන්න. තව ලීයක් රැගෙන ජෝසෙප් සහ එයට සම්බන්ධ ඉශ්රායෙල් ගෝත්‍රය ගැන ඒ පිට ලියන්න.


ඒබෙද්ගේ පුත් ගයල් කතා කොට, “අප විසින් අබිමෙලෙක්ට සේවය කරනු ලැබීමට ඔහු කවරෙක් ද? ෂෙකෙම් වැසියෝ කවුරු ද? අබිමෙලෙක් ජෙරුබ්බාල්ගේ පුත්‍රයා නොවේ ද? ඔහුගේ අධිපතියා ශෙබුල් නොවේ ද? අප ඔහුට සේවය කරන්නේ කුමට ද? ඔබේ ගෝත්‍රය පිහිටෙවු, ඔබේ පියා වූ හාමොර්ට පක්ෂපාත ව සිටින්න. එසේ නම්, අප ඔබට සේවය කළ යුත්තේ මන් ද?


මුදු මොළොක් පිළිතුර කෝපය පහකරයි; රළු පරුස වදන තරහ අවුස්සයි.


යම් රාජ්‍යයක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ රාජ්‍යයට පවතින්න නොහැකි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්