අලසයා දඩයමේ ගියත් කෑමට මස් නොලබයි; එහෙත් කඩිසර මිනිසා සාර අස්වැන්නක් ලබයි.
අලසයා දඩයමෙන් ගත් දේ පුලුස්සානොගනියි; එහෙත් කඩිසරවීම මනුෂ්‍යයන්ට අනර්ඝ සම්පතක්ය.
දුදනන් සතු වස්තු රැසකට වඩා සුදනා සතු වස්තු බිඳක් යහපත.
අලසකමින් දිළිඳුකම උපදියි; කඩිසරකමින් ධනය උපදියි.
ධර්මිෂ්ඨයා සිය අසල්වැසියා හට මඟපෙන්වයි; දුෂ්ටයන්ගේ මාර්ගය ඔවුන් මුළා කරයි.
අලස අය ආසා වුවත් කිසිත් නොලබති; ක්‍රියාශීලී අය සව් සැපත ම භුක්ති විඳිති.
කරදර සහිත විපුල සැප සම්පතට වඩා, සමිඳුන් කෙරේ ගරුබිය ඇති ව හිඟකම හොඳ ය.
වංකකමින් ලබන සැප සම්පත් රාශියට වඩා අවංකකමින් උපයන අල්පයක් වුව ද යහපත.
ඔබ කෑදර නම් කෑදරකම දමනය කරගන්න.
දොර, අසව්ව පිට ඒ මේ අත හැරෙයි, අලසයා ද තම යහනේ ඒ මේ අත පෙරළෙයි.
අලසයා බත් පිඬ ගන්න බඳුනට අත දමයි; එහෙත් එය කටට ගන්න වත් කම්මැළි ය.