ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 11:6 - Sinhala New Revised Version

අවංක අය සිය දැහැමිකමින් ගැළවෙති; එහෙත් ද්‍රෝහියෝ සිය කූටෝපායවලට අසු වෙති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අවංක අය සිය දැහැමිකමින් ගැළවෙති; එහෙත් ද්‍රෝහියෝ සිය කූටෝපායවලට අසු වෙති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඇද නැත්තන්ගේ ධර්මිෂ්ඨකම ඔවුන් ගළවයි; එහෙත් ද්‍රෝහිකාරයෝ තමුන්ගේ ප්‍රයෝගයෙන් අසුවනු ලබති.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 11:6
11 හුවමාරු යොමු  

තවද, මාගේ අවංක භාවය ද ඔබට සොයාගත හැක. ඔබ මාගේ කුලිය ගැන සෝදිසි කර බලන විට, එළුවන් අතරෙන් තිත් හෝ පුල්ලි හෝ නැති එකෙකු වත් බැටළුවන් අතරෙන් කළු පාට නැති එකෙකු වත් මට සිටියොත් ඌ සොරාගත් එකෙකු සැටියට ඔබට ගණන් ගත හැකි ය”යි කීවේ ය.


මා සතු සියල්ල ඔබ සොයා බැලූ නමුත්, ඔබ සතු කිසිවක් සොයාගත්තෙහි ද? යමක් සොයාගත්තෙහි නම්, එය මාගේ පිරිස හා ඔබේ පිරිස ඉදිරියෙහි තබන්න. එවිට අප දෙදෙන අතර විනිශ්චය ඔවුන්ට තීරණය කළ හැක.


තවදුරටත් රජ තෙම ෂිමෙයිට කතා කරමින්, “ඔබ මාගේ පිය වූ දාවිත්ට කළ සියලු දුෂ්ටකම් ඔබ ඉතා හොඳින් දන්නෙහි ය. එබැවින්, සමිඳාණන් වහන්සේ ඔබේ හිස පිට ඔබේ දුෂ්ටකම ආපසු හරවන සේක.


විජාතීහු වළක් කපා එම වළෙහි වැටී සිටිති. එලෙස ම උගුලක් අටවා එම උගුලට අසු වී සිටිති.


අභක්තිකයාගේ බසින් මිනිස්සු විනාශ වෙති; එහෙත් දමිටු අය ප්‍රඥාවෙන් ගැළවෙති.


දුදනාගේ පව්කම ඔහුට ම මලපතකි; ඔහු සිය පාප දැලෙහි පැටලෙයි.


වළක් හාරා තබන්නා එහි වැටෙන්නේ ය; තාප්පයක් කඩන්නාට සර්පයෙක් දෂ්ට කරයි.


ඉශ්රායෙල් සෙනඟ ද ආපසු හැරුණෝ ය. එවිට බෙන්ජමින්වරු විපත්තිය තමන් පිට පැමිණ තිබෙන බව දැක කැළඹී,