Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 10:8 - Sinhala New Revised Version

8 වළක් හාරා තබන්නා එහි වැටෙන්නේ ය; තාප්පයක් කඩන්නාට සර්පයෙක් දෂ්ට කරයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 වළක් හාරා තබන්නා එහි වැටෙන්නේ ය; තාප්පයක් කඩන්නාට සර්පයෙක් දෂ්ට කරයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 වළක් හාරා තබන්නා එහි වැටෙන්නේය; තාප්පයක් කඩන්නාට සර්පයෙක් දෂ්ටකරයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 10:8
13 හුවමාරු යොමු  

ඔහු කණින වළෙහි ඔහු ම වැටෙන්නේ ය; ඔහු පෙරළා හරින ගලට ඔහු ම යට වන්නේ ය.


එසේ හාමාන් විසින් මොර්දෙකයිට සාදන ලද එල්ලුම් ගහේ ම හාමාන් එල්ලා දමනු ලැබී ය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳිණි.


ඔවුන් කර්මෙල් කන්ද මුදුනෙහි සැඟවී සිටියත්, මම ඔවුන් සොයාගෙන අල්ලාගනිමි. ඔවුන් මට නොපෙනී මුහුදු පත්ලෙහි සැඟවුණත්, එහි දී ඔවුන් දෂ්ට කරන පිණිස මුහුදු සර්පයාට මම අණ කරමි.


ඒ දවසේ දී සිදු වන්නේ, සිංහයෙකුගෙන් බේරී දුවන මිනිසෙකු වලසෙකුට අසුවීම වැනි දෙයකි. නැතහොත්, මිනිසෙකු තම නිවෙසට පැමිණ බිත්තියේ අත තැබූ විට සර්පයෙකු දෂ්ට කිරීම වැනි දෙයකි.


තමාගේ අවවාදය ලෙස නො‍කරන ලද බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම් කොට, පිටත් ව සිය නගරයේ තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, පවුලේ කටයුතු ගැන විධි විධාන යොදා එල්ලී මැරුණේ ය. ඔහු තම පියාගේ සොහොන් ගෙයි තැන්පත් කරනු ලැබී ය.


ඔහු ඔප්‍රාහි තමාගේ පියාගේ ගෙදරට ගොස් ජෙරුබ්බාල්ගේ පුත්‍රයන් වන තමාගේ ම සහෝදරයන් සැත්තෑදෙනා එක ගලක් මත මැරුවේ ය. එහෙත්, ජෙරුබ්බාල්ගේ බාල ම පුත්‍රයා වන ජෝතාම් සැඟ වී සිටි බැවින් නොමැරී බේරුණේ ය.


ජෝවාබ්ගේ ආයුධ රැගත්, මෙහෙකරුවෝ දසදෙනෙක් වටකරින් සිට අබ්සලොම්ට පහර දී ඔහු මැරුවෝ ය.


මා දුක් බරින් යට වූ විට මාගේ සතුරෝ මා පයට දැලක් එළූ හ; මා වැටෙන පිණිස කැණූ වළෙහි ඔව්හු ම වැටුණෝ ය.


අවංක අය සිය දැහැමිකමින් ගැළවෙති; එහෙත් ද්‍රෝහියෝ සිය කූටෝපායවලට අසු වෙති.


ගල් වළක වැඩ කරන්නාට එයින් තුවාළ වෙයි; දර පළන්නාට එයින් අන්තරාය සිදු වෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්