ඒ දවසේ ම ඊසාක්ගේ මෙහෙකරුවෝ විත් ඔවුන් කැණූ ළිඳක් ගැන කතා කරමින්, “අපට වතුර සම්බ විය”යි ඔහුට කී හ.
හිතෝපදේශ 10:4 - Sinhala New Revised Version අලසකමින් දිළිඳුකම උපදියි; කඩිසරකමින් ධනය උපදියි. Sinhala New Revised Version 2018 අලසකමින් දිළිඳුකම උපදියි; කඩිසරකමින් ධනය උපදියි. Sinhala Revised Old Version අලස අතකින් ක්‍රියාකරන්නා දිළිඳුවන්නේය; එහෙත් උත්සාහ ඇත්තාගේ හස්තය ධනය උපදවන්නේය. |
ඒ දවසේ ම ඊසාක්ගේ මෙහෙකරුවෝ විත් ඔවුන් කැණූ ළිඳක් ගැන කතා කරමින්, “අපට වතුර සම්බ විය”යි ඔහුට කී හ.
ගිම්හානයෙහි අස්වැන්න රැස් කරන්නා නැණවත් පුතෙකි; අස්වැන්න කාලයෙහි නිදන්නා නින්දිත පුතෙකි.
කෙනෙක් අත මිට දිගහැර දෙතත් පොහොසත් වෙති; තව කෙනෙක් දැඩි මසුරුකමින් දෙතත් දිළිඳු වෙති.
හිතා මතා, ක්‍රියාශීලී ව වැඩ කරන මිනිසාට සමෘද්ධිය නියත ය; ඉක්මන්කාර මිනිසාට දිළිඳුකම සිකුරු ය.
නැති වී යන ආහාරය සඳහා නොව, සදාතන ජීවනයට ඉවහල් වන ආහාරය සඳහා වීර්ය වඩන්න. මේ ආහාරය ඔබට ප්‍රදානය කරන්නේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය. පියාණන් වන දෙවියන් වහන්සේ මුද්‍රාව තබා ඇත්තේ උන් වහන්සේ මත ය”යි වදාළ සේක.
එහෙයින් මාගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, සමිඳාණන් වහන්සේ තුළ ඔබගේ සේවය නිරර්ථක නොවන බව ඔබ දන්නා බැවින් ස්ථිර වන්න. නොසෙල් වී සිටින්න. සමිඳාණන් වහන්සේගේ සේවයෙහි අධික ලෙස නිරතවන්න.