Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 21:5 - Sinhala New Revised Version

5 හිතා මතා, ක්‍රියාශීලී ව වැඩ කරන මිනිසාට සමෘද්ධිය නියත ය; ඉක්මන්කාර මිනිසාට දිළිඳුකම සිකුරු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 හිතා මතා, ක්‍රියාශීලී ව වැඩ කරන මිනිසාට සමෘද්ධිය නියත ය; ඉක්මන්කාර මිනිසාට දිළිඳුකම සිකුරු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ; එහෙත් ඉක්මන්කාරයා ඉක්මන්වෙන්නේ හිඟවීමට පමණකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 21:5
10 හුවමාරු යොමු  

අලසකමින් දිළිඳුකම උපදියි; කඩිසරකමින් ධනය උපදියි.


අලස අය ආසා වුවත් කිසිත් නොලබති; ක්‍රියාශීලී අය සව් සැපත ම භුක්ති විඳිති.


සොරකම් කළ අය තවත් සොරකම් නොකරත් වා. ඒ වෙනුවට දුගීන්ට උපකාර කළ හැකිවන සේ වෙහෙස මහන්සි දරා අවංක වැඩක් කරත් වා.


කෝපයට පමා වන්නා ඉතා නුවණැති කෙනෙකි; වහා කිපෙන්නා සිය මෝඩකම විදහා පාන්නේ ය.


වස්තු ලෝභියා වස්තුව සොය සොයා වේගයෙන් දුවයි; කවදා හරි හිඟකමට පැමිණෙන බව ඔහු නොදනියි.


මුල දී වහා ගොඩනඟන සම්පතින් අන්තිමේ දී වැඩි සෙතක් නැත.


දැනුමෙන් තොර උද්‍යෝගය හොඳ නැත, ඉක්මන් වීමෙන් කරදර ඇති වේ.


හිතා මතා කතා නොකරන මිනිසෙක් ඇද් ද? එවැන්නෙකුට වඩා අනුවණයෙකුට අනාගතයක් ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්