හිතෝපදේශ 10:24 - Sinhala New Revised Version දුෂ්ටයා බිය වන දේ ම ඔහු පිටට එයි; ධර්මිෂ්ඨයා කැමැති වන දේ ම ඔහුට දෙනු ලැබෙයි. Sinhala New Revised Version 2018 දුෂ්ටයා බිය වන දේ ම ඔහු පිටට එයි; ධර්මිෂ්ඨයා කැමැති වන දේ ම ඔහුට දෙනු ලැබෙයි. Sinhala Revised Old Version දුෂ්ටයා භයවෙන දේම ඔහු පිටට පැමිණෙයි; ධර්මිෂ්ඨයා ආශාවන දේ ඔහුට දෙනුලබන්නේය. |
තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ගේ පැතුම් එතුමාණෝ ඉටු කරන සේක. ඔවුන්ගේ මොරගැසීම් අසා ඔවුන් ගළවන සේක.
ඒවායින් ඔබ විපතට වැටෙන විට මම සිනාසෙන්නෙමි; භීතිය පැමිණෙන විට ද මම සමච්චල් කරන්නෙමි.
භීතිය, කුණාටුවක් මෙන් ඔබට පැමිණි විට ද විනාශය, සුළි සුළඟක් මෙන් එන විට ද සිත් වේදනා හා දුක ඇති වන විට ද මම සමච්චල් කරමි.
එබැවින් මම ඔවුන්ට නිසි විපත්ති නියම කොට, ඔවුන් බිය වන දේ ඔවුන් පිට පමුණුවන්නෙමි. මන්ද, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු දුන්නේ නැත. මා කතා කළ විට කිසිවෙකු සවන් දුන්නේ නැත. ඔව්හු මා ඇස් හමුයෙහි නපුරු දේ කර, මට අප්‍රසන්න දේ තෝරාගත්හ.”
නුඹලා කඩුවට බිය ව සිටියහු ය. මම ද නුඹලා පිට කඩුව පමුණුවන්නෙමි යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
මේ වනතෙක් ඔබ මාගේ නාමයෙන් කිසිවක් ඉල්ලා නැත. ඉල්ලන්න, ඔබට ලැබේ; මෙසේ ඔබගේ ප්‍රීතිය පූර්ණ වන්නේ ය.”
අපට ඇත්තේ විනිශ්චය ගැනත්, විරුද්ධවාදීන් දවාලන උදහස් ගින්න ගැනත් බියෙන් බලා සිටීම පමණකි.