හිතෝපදේශ හා උපහැරණ ද
හිතෝපදේශයක් හා උපහැරණයක්ද ඥානවන්තයන්ගේ වචන හා ඔවුන්ගේ ගැඹුරු කීම්ද තේරුම්ගන්න හැටියට
මෙසේ ඔහු රජු සමඟ කතා කරද්දී අමශියා ඔහුට කතා කොට, “ඔබ රජුගේ මන්ත්‍රීවරයෙකු කොට පත් කෙළෙමු ද? ඔබ මැරුම්කන්න කැමැති නැත්නම් නිකම් සිටින්නැ”යි කීවේ ය. එවිට දිවැසිවරයා නැවතී, “ඔබ මාගේ දැනුමැතිකම නොඅසා මෙය කළ බැවින්, දෙවියන් වහන්සේ ඔබ විනාශ කරන්න තීරණය කර ගත් බව මට පෙනේ ය”යි කීවේ ය.
දැනුම් තේරුම් ඇති භවතුනි, මෙය අසන්න. දෙවිඳාණෝ කිසිදාක වරදක් කරන සේක් ද? සව් බලැති උතුමාණෝ අයුත්තක් කරන සේක් ද?
“ඉතින් ජෝබ්, ඔබ නුවණ ඇති කෙනෙක් නම්, මේ මාගේ වචනයට සවන් දෙන්න.
“ප්‍රඥාවන්තයෙනි, මට කන් දෙන්න; හසළ බුද්ධිමතුනි, ම බසට සවන් දෙන්න.
සිහි නුවණ ඇති උදවිය, නැණ නුවණ ඇති හැම දෙන, මට මෙසේ කියනු නිසැක ය;
අවවාදය පිළිගන්නා දැනුමට පෙම් කරන්නෙකි; එහෙත් තරවටුව නොඉවසන්නා මෝඩයෙකි.
උඩඟු මිනිසා ප්‍රඥාව සොයතත්, එය නොලබයි; බුද්ධිමතා පහසුවෙන් ම දැනුම ලබයි.
බුද්ධිමත් සිත දැනුම ලබාගනියි; නැණවතාගේ අවධානය ප්‍රඥාව දෙසට ය.
උඩඟු මිනිසාට තළන්න, අනුවණයා නැණවත් වන්නේ එවිට ය. තේරුම් ඇත්තාට ඔවා බස් දෙන්න, ඔහු දැනුම ලබන්නේ එවිට ය.
උඩඟු මිනිසාට තළන්න, එවිට නූගතා ගුරුකම් ලබයි. නැණවතාට ඔවා බස් දෙන්න, එවිට ඔහු වැඩියෙනුත් දැනුම ලබයි.
මාගේ උපදෙස් ප්‍රතික්ෂේප නොකරන්න; ඊට කන් දී නැණවත් වන්න.
ගරහන්නෙකුට කිසිදාක අවවාද නොකරන්න; අවවාද කළොත්, ඔහු ඔබට සතුරෙක් වනු ඇත. නුවණැත්තෙකුට අවවාද කරන්න, ඔහු ඔබට මිතුරෙකු වනු ඇත.
බුද්ධිමතෙකුට අනුශාසනා කරන්න, ඔහු තවත් බුද්ධිමත් වෙයි. දැහැමියෙකුට උගන්වන්න, ඔහුගේ දැනුම තවත් දියුණු වෙයි.
මිනිස් ලොවෙහි තව දෙයක් මම තේරුම්ගතිමි. ශීඝ්‍ර ධාවකයාට නිතර ම දිනුම නොලැබේ. යුද බිමෙහි විකුම් පාන අයට නිතර ම ජය නොලැබේ. ප්‍රඥාවන්තයාට නිතර ම තම ජීවිකාව කරගත නොහැකි ය. බුද්ධිමත් අය නිතර ම ධනවත් අය නොවෙති. දක්ෂ විචක්ෂණ අය නිතර ම ඉහළ තනතුරු නොලබති. ඔය කාටත් අවසානය එළඹිය හැකි ය.
සිහි නුවණ ඇත්තන්ට මෙන් මම ඔබට කතා කරමි. මා කියන දේ ඔබ ම විනිශ්චය කරන්න.
ඒවා ආරක්ෂා කරමින් පිළිපදින්න. මෙසේ කිරීමෙන් සෙසු ජාතීන් ඉදිරියෙහි ඔබේ පැණවත්කමත්, නැණවත්කමත් කැපී පෙනෙනු ඇත. මේ නීති සියල්ල ගැන ඔවුන්ට සැළ වන විට, ‘මේ ශ්‍රේෂ්ඨ ජාතියට අයිති සෙනඟ කෙතරම් පැණවත් ද නැණවත් ද’ කියා ඔවුන් විස්මපත් වනු ඇත.