සෙකරියා 1:21 - Sinhala New Revised Version “මොවුන් අවුත් සිටින්නේ කුමට දැ”යි මම ඇසීමි. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “කිසිවෙකු නැවත නොනැඟිටින ලෙස ජුදා රට විසුරුවාදැමූ ජාතීහු මොවුහු වෙති. ඔවුන් පැමිණෙන්නේ, ඒ ජාතීන් බිය ගන්වා ජුදා රට විසුරුවාදමන්නට බලය යෙදූ ජාතීන් මැඩලීමට ය”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 “මොවුන් අවුත් සිටින්නේ කුමට දැ”යි මම ඇසීමි. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “කිසිවෙකු නැවත නොනැඟිටින ලෙස ජුදා රට විසුරුවාදැමූ ජාතීහු මොවුහු වෙති. ඔවුන් පැමිණෙන්නේ, ඒ ජාතීන් බිය ගන්වා ජුදා රට විසුරුවාදමන්නට බලය යෙදූ ජාතීන් මැඬලීමට ය”යි වදාළ සේක. Sinhala Revised Old Version එවිට මම: මොවුන් මක්කරන්ට එනවාදැයි ඇසීමි. උන්වහන්සේ කථාකොට: මේවා වනාහි කිසිවෙකු විසින් තමාගේ හිස නොඔසවන තරම් යූදා විසුරුවා දැමූ අංය. මොවුන් එන්නේ ඒවා භයගන්වා, යූදා දේශය විසුරුවාදමන්ට අඟ එසෙවූ ජාතීන්ගේ අං හෙළාදමන්ටයයි කීසේක. |
බලනු මැනව, ඔබේ විරුද්ධකරුවෝ කලබල කරන්නෝ ය. ඔබේ සතුරෝ කැරලි ගසන්නෝ ය. ඔබට විරුද්ධ ව නැඟී සිටින්නෝ ය.
සමිඳාණෝ තමන් යෝජනා කළ දේ ඉටු කළ සේක. එතුමාණෝ පුරාණයේ සිට නියම කර තිබුණු තර්ජන ක්‍රියාත්මක කළ සේක. එතුමාණෝ අනුකම්පා විරහිත ව ඔබ විනාශ කළ සේක. සතුරා ඔබට විරුද්ධ ව සන්තෝෂ වන්න සලස්වා, ඔබේ එදිරිකාරයන්ගේ බලය වැඩි කළ සේක.
එවිට, හණ රෙදි හැඳගෙන ගඟේ උඩහින් සිටි මිනිසා සිය දකුණත ද වමත ද අහස දෙසට ඔසවා, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේගේ නමින් දිවුරා, “අවුරුදු තුනහමාරකට ඒවා පවතිනු ඇත. ශුද්ධවන්ත සෙනඟගේ බලය නැති වී ගිය පසු මේ සියල්ල ඉෂ්ට වන්නේ ය”යි කියනු ඇසීමි.
“එහි තේරුම කුමක් දැ”යි මා සමඟ සිටි දේව දූතයාගෙන් මම ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, “මේවා ජුදා, ඉශ්රායෙල් හා ජෙරුසලම විසුරුවාදැමූ ලෝක බලවත්තු සතරදෙනා ය”යි කීවේ ය.