මිශ්පා පළාතේ අධිපතියා වූ කොල්-හෝශෙගේ පුත් ෂල්ලුම් උල්පත් දොරටුව අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහු එය ගොඩනඟා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කර රජ උයන ළඟ දාවිත්ගේ නුවර සිට බසින පඩි පෙළ දක්වා ෂෙලහේ පොකුණේ පවුර ගොඩනැඟුවේ ය.
යොහන් 9:7 - Sinhala New Revised Version “ගොස් සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැ”යි වදාළ සේක. (සිලෝවම් යන්නෙහි අර්ථය ‘එවන ලද්දේ ය’ යනු යි.) එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආපසු පැමිණියේ ය. සිංහල කාලීන පරිවර්තනය “ගොසින්, සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැ” යි පැවසූ සේක. (සිලෝවම් යන්න “එවන ලද්දේ ය” යනුයි) එබැවින් ඔහු ගොස්, සෝදා, පෙනීම ඇතුව, ආපසු ආවේ ය. Sinhala New Revised Version 2018 “ගොස් සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැ”යි වදාළ සේක. (සිලෝවම් යන්නෙහි අර්ථය ‘එවන ලද්දේ ය’ යනු යි.) එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආපසු පැමිණියේ ය. Sinhala Revised Old Version නුඹ ගොස් සිලෝවම් පොකුණෙන් සෝදාගන්නැයි ඔහුට කීසේක. (සිලෝවම් යන වචනයේ අර්ථය එවනලද්දේය යනුයි.) එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආවේය. |
මිශ්පා පළාතේ අධිපතියා වූ කොල්-හෝශෙගේ පුත් ෂල්ලුම් උල්පත් දොරටුව අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහු එය ගොඩනඟා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කර රජ උයන ළඟ දාවිත්ගේ නුවර සිට බසින පඩි පෙළ දක්වා ෂෙලහේ පොකුණේ පවුර ගොඩනැඟුවේ ය.
එතුමාණෝ සිරකරුවන් මුදන සේක; අන්ධයන්ගේ ඇස් පහදන සේක; වැටී ගියවුන් නඟා සිටුවන සේක; සමිඳාණෝ දමිටුන්ට ප්‍රේම කරන සේක.
සමිඳාණන් වහන්සේ ඔහුට උත්තර දෙමින්, “මිනිසාගේ මුඛය නිර්මාණය කෙළේ කවරෙක් ද? යමෙකු ගොළු කරන්නේ හෝ බිහිරි කරන්නේ හෝ යමෙකුට පෙනීම දෙන්නේ හෝ යමෙකු අන්ධයෙකු කරන්නේ හෝ කවරෙක් ද? එසේ කරනුයේ සමිඳාණන් වහන්සේ වන මම නොවෙම් ද?
මා එසේ කෙළේ, නුඹ අන්ධයන්ගේ ඇස් පහදන පිණිසත්, සිරගෙයි සිරකරුවන් ද දඟගෙයි අඳුරෙහි වසන්නන් ද මුදන පිණිසත් ය.
දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “අධිකරණය ඉදිරියට මාගේ සෙනඟ කැඳවන්න. ඔවුන්ට ඇස් ඇති නමුත් ඔව්හු අන්ධ ය; ඔවුන්ට කන් ඇති නමුත් බිහිරි ය.
“මේ සෙනඟ හෙමින් ගලා බැස යන ෂිලොවාහි දිය ඇල එපා කොට, රෙශීන් ද පෙකා රජු ද ඉදිරියේ වෙවුළන බැවින්,
අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති; බිහිරන්ට ඇසෙයි; මළාහු නැඟිටුවනු ලබති; දිළිඳුන්ට සුබ අස්න ප්‍රකාශ කරනු ලැබේ.
සිලෝවම් හී බලකොටුව වැටී ඊට යට වී මළ දසඅට දෙන ජෙරුසලමෙහි විසූ අන් හැමට ම වඩා දුෂ්ට වූ හ යි ඔබ සිතන්නාහු ද?
එසේ නම්, දෙවියන් වහන්සේ විසින් කැප කරනු ලැබ ලොවට එවන ලද තැනැත්තා වන මා ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා’යි කී නිසා, ‘ඔබ දේවාපහාස කරන්නෙහි ය’යි මා ගැන කියන්නහු ද?
එහෙත් ඔවුන්ගෙන් සමහරෙක්, “අන්ධයාගේ ඇස් පෑදුවේ උන් වහන්සේ නොවෙත් ද? එසේ නම්, මේ මිනිසාගේ මරණය වළක්වන්නට උන් වහන්සේට නොහැකි වී දැ”යි කී හ.
ඔහු පිළිතුරු දෙමින්, “ජේසුස් නම් කෙනෙක් මඬ සාදා මගේ ඇස්වල ගල්වා, ‘සිලෝවම් පොකුණට ගොස් සෝදාගන්නැ’යි මට කී හ. මම ගොස් සෝදාගෙන පෙනීම ලබාගතිමි”යි කී ය.
ජේසුස් වහන්සේ කතා කොට: “මා මෙලොවට වැඩියේ විනිශ්චය සඳහා ය. එයින්, පෙනීම නැත්තන්ට පෙනීම ඇති වනු ඇත, පෙනීම ඇත්තන්ට පෙනීම නැති වනු ඇතැ”යි වදාළ සේක.
මා අදහාගැනීමෙන් ඔවුන් පව් කමාව ද, දෙවියන් වහන්සේගේ ම ජනතාව අතරෙහි උරුමයක් ද ලබන පිණිස ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයට ද, සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතට ද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පැහැදවීමට ඔවුන් වෙතට ඔබ යවමි’යි වදාළ සේක.
මිනිස් දුර්වලතා නිසා, ව්‍යවස්ථාවට ඉටු කළ නොහැකි දෙය දෙවියන් වහන්සේ ඉටු කළ සේක. එසේ කෙළේ, පාපයේ බලය බිඳින පිණිස, ස්වකීය පුත්‍රයාණන්ට අපේ පාපී වූ මිනිස් කයට සමාන කයක් දී එවමින්, ඒ මිනිස් කයේ සිටිය දී දෙවියන් වහන්සේ විසින් පාපයට විරුද්ධ ව තීන්දුව දීමෙනි.
එහෙත් කාලය සම්පූර්ණ වූ කල, දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපත ලත්, ව්‍යවස්ථාව යටතේ උපන්, සිය පුත්‍රයාණන් එවා වදාළ සේක.