Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 42:7 - Sinhala New Revised Version

7 මා එසේ කෙළේ, නුඹ අන්ධයන්ගේ ඇස් පහදන පිණිසත්, සිරගෙයි සිරකරුවන් ද දඟගෙයි අඳුරෙහි වසන්නන් ද මුදන පිණිසත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 මා එසේ කෙළේ, නුඹ අන්ධයන්ගේ ඇස් පහදන පිණිසත්, සිරගෙයි සිරකරුවන් ද දඟගෙයි අඳුරෙහි වසන්නන් ද මුදන පිණිසත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 එසේ කරන්නේ අන්ධවූ ඇස් අරින්ටත් හිරකාරයන් හිරගෙයින්ද අන්ධකාරයෙහි ඉන්නන් ඇඳිරි ගෙයින්ද පිටතට ගෙනෙන්ටත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 42:7
24 හුවමාරු යොමු  

මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්න ද සිරකරුවන්ට නිදහස දන්වන්න ද එතුමාණෝ මා ආලේප කළ සේක.


හිරකරුවන්ට, ‘නිදහස් ව යන්න’ කියා ද අඳුරේ සිටින්නන්ට, ‘ආලෝකයට එන්න’ කියා ද මම කියන්නෙමි. හැම මාර්ගයක දී ම ඔවුන්ට කෑම ලැබෙයි. ඔවුන් යන කවර මාවතක දී වුව ද පාළු වී ගිය කඳු මුදුන් පිට ඔවුන්ට ආහාර ඇති වේ.


අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේ ය. බිහිරන්ගේ කන් ඇරෙන්නේ ය.


මෙසේ ඔවුන්ට සිහිකල්පනාව ආ විට, ඔව්හු, යක්ෂයා විසින් සිය කැමැත්ත කරවාගන්න පිණිස තමන් අසු කරගන්නා ලද උගුලෙන් මිදෙන්නෝ ය.


අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති; බිහිරන්ට ඇසෙයි; මළාහු නැඟිටුවනු ලබති; දිළිඳුන්ට සුබ අස්න ප්‍රකාශ කරනු ලැබේ.


එවිට උන් වහන්සේ ශුද්ධ ලියවිල්ල ඔවුන්ට වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා කතා කොට,


එහෙයින් ඔබ ධනවත් වන පිණිස ගින්නෙන් පවිත්‍ර කළ රන් ද, නග්න භාවයේ විළිලජ්ජාව එළි නොවන පිණිස ඇඳගන්නට ධවල වස්ත්‍ර ද, ඇස් පෙනෙන පිණිස ආලේප කිරීමට අඳුන් ද, මාගෙන් මිලට ගන්නා ලෙස මම අවවාද කරමි.


ජේසුස් වහන්සේ කතා කොට: “මා මෙලොවට වැඩියේ විනිශ්චය සඳහා ය. එයින්, පෙනීම නැත්තන්ට පෙනීම ඇති වනු ඇත, පෙනීම ඇත්තන්ට පෙනීම නැති වනු ඇතැ”යි වදාළ සේක.


ඒ දවස පැමිණි විට පොතකින් කියවන විට බිහිරන්ට ඇසෙනු ඇත. අඳුරෙහි ජීවත් වූ අන්ධයින්ට ඇස් පෙනීම ලැබෙනු ඇත.


එහෙයින්, අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනැන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක් ද රාජකීය පූජක පෙළක් ද ශුද්ධ ජාතියක් ද දෙවියන් වහන්සේ සතු සෙනඟක් ද වන්නහු ය.


මා අදහාගැනීමෙන් ඔවුන් පව් කමාව ද, දෙවියන් වහන්සේගේ ම ජනතාව අතරෙහි උරුමයක් ද ලබන පිණිස ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයට ද, සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතට ද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පැහැදවීමට ඔවුන් වෙතට ඔබ යවමි’යි වදාළ සේක.


අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝ ය, ගන’ඳුරු දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් දැන් බැබළෙන්නේ ය.


“අන්ධකාරයෙන් ආලෝකය නික්ම ඒවා”යි වදාළ එම දෙවියන් වහන්සේ ම, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය, අපගේ සිත් තුළ බැබළෙවූ සේක.


එහෙත්, එතුමන්ගේ සෙනඟ කොල්ලකෑමට ගොදුරු වූ හ. ඔවුන් ඇඳිරි ගෙවල්හි වසනු ලැබ, හිරගෙවල්හි සඟවා තබනු ඇත. ඔව්හු ගළවන්න කිසිවෙකු නැති ව කොල්ලකෑමට ගොදුරු වී සිටිති. ඔව්හු නිදහස් කරන්න කිසිවෙකු නැති ව සොරා කෑමට ගොදුරු වී සිටිති.


අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙන යන්නෙමි: ඔවුන් නොදත් මාර්ගවලින් යන්න මම සලස්වන්නෙමි. ඔවුන් ඉදිරියේ අන්ධකාරය ආලෝකයට හරවා, ඇද තැන් ඇද හරින්නෙමි. මම මේ දේවල් නොවරදවා ම කරන්නෙමි. මම ඔවුන් අත් නොහරින්නෙමි.


“ගොස් සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැ”යි වදාළ සේක. (සිලෝවම් යන්නෙහි අර්ථය ‘එවන ලද්දේ ය’ යනු යි.) එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආපසු පැමිණියේ ය.


මා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ බැවින් මාගේ පැමිණිල්ල ඉදිරිපත් කර විනිශ්චය ඉටුවන තුරු මම උන් වහන්සේගේ උදහස ඉවසන්නෙමි. අන්තිමේ දී උන් වහන්සේ මාගේ සතුරන්ගෙන් මා ආරක්ෂා කොට ඔවුන්ගෙන් මට සිදු වී ඇති විපත්ති පිළිබඳ විනිශ්චය ඉෂ්ට කරන සේක. උන් වහන්සේ මා ආලෝකයට පමුණුවනු ඇත. මම ද උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම දැක ප්‍රීති ප්‍රමෝද වන්නෙමි.


රූප වඳින්නෝ ද පිළිම ගැන පාරට්ටු කරන්නෝ ද ලජ්ජා වෙත් වා! සියලු දෙවි දේවතාවෝ දෙවිඳුන්ට හිස නමත් වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්