මාක් 2:28 - Sinhala New Revised Version එහෙයින් මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය එබැවින් මනුෂ්‍ය පුත්‍රයාණෝ සබතේ ද ස්වාමියාණෝ යැ” යි පැවසූ සේක. Sinhala New Revised Version 2018 එහෙයින් මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය”යි වදාළ සේක. Sinhala Revised Old Version එබැවින් මනුෂ්‍ය පුත්‍රයා සබත් දවසේ පවා ස්වාමීයයි කීසේක. |
උන් වහන්සේ ඔවුන්ට කතා කොට, සබත පිහිටුවන ලද්දේ මිනිසා උදෙසා ය; මිනිසා සබත උදෙසා නොවේ;
ඉන්පසු, “සබත් දිනයේ දී කළ යුත්තේ යහපත ද අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නැසීම දැ”යි සෙනඟගෙන් ඇසූ සේක. එහෙත්, ඔව්හු නිහඬ ව සිටියහ.
උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය”යි ඔවුන්ට වදාළ සේක.
එහෙත්, ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ පියාණන් වහන්සේ නොනැවතී ම වැඩ කරන සේක; මමත් වැඩකරමි”යි වදාළ සේක.
එබැවින් පරිසිවරුන්ගෙන් සමහරෙක්, “ඒ මිනිසා සබත් විනය කඩ කරන බැවින් ඔහු දෙවියන් වහන්සේ වෙතින් පැමිණියෙක් නොවේ ය”යි කී හ. එහෙත් අන් සමහරෙක්, “පව්කාර මිනිසෙකුට මෙබඳු හාස්කම් කළ හැක්කේ කෙසේ දැ”යි ඇසූ හ. මෙසේ ඔවුන් අතර භේදයක් ඇති විය.
දෙවියන් වහන්සේ සියලු දේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට යටත් කර, උන් වහන්සේ සභාවේ මහේශාක්‍ය නායකයාණන් කොට පත් කළ සේක.
සමිඳාණන් වහන්සේගේ දවසේ දී මම ආත්මයාණන් වහන්සේ තුළ සිටියෙමි. එවිට හොරණෑ හඬක් වැනි මහත් ශබ්දයක් මා පිටුපසින් ඇසිණි.