ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 25:3 - Sinhala New Revised Version

නුවණ නැති අය සිය පහන් ගෙන යද්දී ඒ සමඟ තෙල් ගෙන ගියේ නැත.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

මන්ද නුවණ නැත්තියන් පහන් රැගෙන ගිය නමුදු, ඒ සඳහා තෙල් ගෙන ගියේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නුවණ නැති අය සිය පහන් ගෙන යද්දී ඒ සමඟ තෙල් ගෙන ගියේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද නුවණ නැත්තියෝ තමුන්ගේ පහන් ගෙනයද්දී තමුන් සමඟ තෙල් නොගෙනගියෝය.

පරිච්ඡේදය බලන්න



මතෙව් 25:3
12 හුවමාරු යොමු  

සිය වෙළඳ ව්‍යාපාරවලින් ලාභ ඇති බව ඈ දනියි; රෑ යාමවල ඇගේ පහන නොනිවී දැල්වෙයි.


ඔව්හු දැහැමි ක්‍රියා කරන, දෙවිඳුන්ගේ නියෝග අත්නෑර සිටින ජාතියක් යයි සිතාගෙන, දවස් පතා මා සොයති; මාගේ මාර්ගයන් දැනගන්න ප්‍රසන්න වෙති; සාධාරණ විනිශ්චයයන් මාගෙන් ඉල්ලති; දෙවිඳුන් වෙත ළඟා වීමට ප්‍රසන්න වෙති.”


ඔහු සතුරු සේනා එනු දැක හොරණෑව පිඹ, ඒ ගැන සෙනඟට දන්වනු ඇත.


“ස්වර්ග රාජ්‍යය මෙසේ උපමා කළ හැකි ය. තෙල් පහන් රැගෙන මනාලයා පෙරමඟට යුවතියෝ දස දෙනෙක් ගියෝ ය.


ඔවුන් අතරෙන් පස් දෙනෙක් නුවණ නැති අය ය; පස් දෙනෙක් නුවණ ඇති අය ය.


එහෙත්, නුවණ ඇති අය සිය පහන් ගෙන යද්දී ඒ සමඟ බඳුන්හි තෙල් ගෙන ගියහ.


දේව භක්තික පෙනුම ඔවුන්ට තිබුණත්, එහි බලය ප්‍රතික්ෂේප කරති. එබඳු අයගෙන් අහක් වී සිටින්න.


කිසිවෙකු දේව වරප්‍රසාදයෙන් බැහැර නොයන ලෙස ද, කිසිවෙකු තිත්තකමේ මූලයක් වී ගැටළු මතුකර, බොහෝ දෙනා දූෂ්‍ය නොකරන ලෙස ද,


“සර්දිස් සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘දෙවියන් වහන්සේගේ ආත්මයන් සත් දෙනා හා තාරකා සත දරන තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක. ඔබේ ක්‍රියා මම දනිමි. නමින් ඔබ ජීවත් ව සිටියත්, සැබැවින් ම ඔබ මළ කෙනෙකි.