මාගේ පියා ඔබ පිට බර වියගහක් තැබී ය. මම ඔබේ වියගහ වඩා බර කරන්නෙමි. මාගේ පියා කසවලින් ඔබට දඬුවම් කෙළේ ය. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි’ කියා කිව යුතු ය”යි දැන්වූහ.
මතෙව් 11:29 - Sinhala New Revised Version මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත. සිංහල කාලීන පරිවර්තනය මා හදවතින් මෘදුව, යටහත්ව සිටින බැවින් මගේ වියගහ කරට ගෙන, මගෙන් ඉගෙන ගන්න; එවිට ඔබගේ ජීවාත්මයට සහනය ලැබේ. Sinhala New Revised Version 2018 මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත. Sinhala Revised Old Version මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. |
මාගේ පියා ඔබ පිට බර වියගහක් තැබී ය. මම ඔබේ වියගහ වඩා බර කරන්නෙමි. මාගේ පියා කසවලින් ඔබට දඬුවම් කෙළේ ය. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි’ කියා කිව යුතු ය”යි දැන්වූහ.
සමිඳුනි, මාගේ සිත තුළ අහංකාරයක් නැත. උදාරම් ලෙස මම ඇස් නොඔසවමි. වඩා උසස් දේ ගැන වත්, මාගේ තරම ඉක්මවා යන දේ ගැන වත් මම කරදර නොවෙමි.
වෙහෙස වූ ඔබට විවේකයත්, සැප පහසුවත් දෙන්න එතුමන් පොරොන්දු වූ නමුත්, එතුමන්ට සවන් දෙන්න ඔබ කැමැති නොවූවහු ය.
දුප්පත් සහ යටහත් පහත් අය ඉශ්රායෙල්හි ස්වාමීන් වන ශුද්ධ තැනැන් වහන්සේ දෙන ප්‍රීතිය නැවත ලබන්නෝ ය.
සමිඳාණන් වහන්සේ සිය සෙනඟට මෙසේ වදාරන සේක: “මං සන්ධිවල සිට බලා, පුරාණ මාර්ග මොනවා දැ යි ද යහපත් මාර්ගය කුමක් දැ යි ද අසා ඒ මඟ ඇවිදින්න; එවිට නුඹලාට සහනය ලැබෙන්නේ ය.”
සියොන් පුරඟන, ප්‍රීති ප්‍රමෝද වන්න; ජෙරුසලම් පුරඟන සොම්නස් හඬ නඟන්න. ඔබේ රජතුමාණෝ ඔබ වෙත වඩින සේක. එතුමාණෝ, ජයාන්විත විජයශ්‍රීයෙන් පැමිණෙන සේක. යටහත් සිතින් කොටළුවෙකු පිට නැඟ, එසේ ය, කොටළු දෙනකගේ පැටවෙකු පිට නැඟ පැමිණෙන සේක.
ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, “මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි.
“බලන්න, ඔබේ රජ කොටළුවෙකු පිට, එසේ ය, කොටළු වස්සෙකු පිට නැඟී, යටහත් පහත් ලෙස ඔබ වෙත එන්නේ යයි සියොන් වැසියන්ට දන්වන්න” යනුයි.
මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.
“එහෙයින් යමෙක් මාගේ වචන අසා, ඒවා පිළිපදී ද, ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැණවතෙකුට සමාන ය.
ඒ සිද්ධිය බලන පිණිස මිනිස්සු පිටත් ව අවුත්, ජේසුස් වහන්සේ වෙත පැමිණ, දුෂ්ටාත්මයන් දුරු කරනු ලැබූ මිනිසා ඇඳුම් ඇඳ, හොඳ සිහි කල්පනාවෙන් ජේසුස් වහන්සේගේ පාමුල ඉඳිනු දැක බිය වූ හ.
‘දෙවියන් වහන්සේ මා එවූ ලෙස ම ඔබගේ සහෝදරයන් අතරෙන් ඔබට දිවැසිවරයෙකු එවන සේකැ’යි ඉශ්රායෙල් පුත්‍රයන්ට කීවේත්, මේ මෝසෙස් ම ය.
ව්‍යවස්ථාවෙන් බැහැර වූවන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාවෙන් බැහැර වූවන්ට, මම ව්‍යවස්ථාවෙන් බැහැර වූ කෙනෙක් වීමි. මා එසේ කෙළේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවෙන් බැහැර නොවූවත්, ක්‍රිස්තුන් වහන්සේගේ ව්‍යවස්ථාවට ඇතුළත් වී සිටින කෙනෙකු වශයෙනි.
ඉදිරිපිට සිටිය දී බියසුල්ලෙකැ යි ද ඈත්ව සිටිය දී එඩිතර කෙනෙකැ යි ද ඔබ කියන පාවුලු වන මම ක්‍රිස්තුන් වහන්සේගේ මුදුමොළොක් බව පෙරදැරි කොටගෙන ඔබගෙන් ඉල්ලීමක් කරමි.
බොරු තර්ක හා දෙවියන් වහන්සේ පිළිබඳ ව දැනගැන්මට විරුද්ධ ව නැඟුණු හැම උස් පවුරක් ම බිඳ හෙළමු. තවද, අපි සැම සිතුවිල්ලක් ම වහල් කොටගෙන, එය ක්‍රිස්තුන් වහන්සේ යටතේ කීකරුකමට පත් කරමු.
ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අපි ඔබට කුමන අවවාද අනුශාසනා දුනිමු දැ යි ඔබ දන්නහු ය.
එවිට ගිනි ජාලා ඇති වේ. දෙවියන් වහන්සේ අඳුනාගන්නේ නැති අයටත්, අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන අයටත් උන් වහන්සේ දඬුවම් කරන සේක.
මෙසේ උන් වහන්සේ සම්පූර්ණත්වය ලැබ, තමන් වහන්සේට කීකරු වන සියල්ලන්ගේ සදාතන විමුක්තිදායකයාණෝ වූ සේක.
උන් වහන්සේ තුළ ජීවත් වන්නේ යයි කියන තැනැත්තා, ක්‍රිස්තුන් වහන්සේ ජීවත් වුණාක් මෙන් ජීවත් විය යුතු ය.