ඔවුන් මා අත්හැර තමන්ගේ සියලු හස්ත කර්මාන්තවලින් මා කෝප කරවන හැටියට වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කළ බැවින්, මාගේ උදහස මේ දේශය පිට වගුරුවා තිබේ. එය නිවෙන්නේ නැත.’
විලාප ගී 2:3 - Sinhala New Revised Version එතුමාණෝ නොනිවෙන උදහසින් ඉශ්රායෙල්ගේ බලය සහමුලින් ම සිඳදැමූ සේක. සතුරන් පැමිණි විට අපට උදව් නුදුන් සේක. වටකරින් නාස්ති කරන ඇවිලෙන ගින්නක් මෙන් එතුමාණෝ ජාකොබ් දවා ලූ සේක. Sinhala New Revised Version 2018 එතුමාණෝ නොනිවෙන උදහසින් ඉශ්රායෙල්ගේ බලය සහමුලින් ම සිඳදැමූ සේක. සතුරන් පැමිණි විට අපට උදව් නුදුන් සේක. වටකරින් නාස්ති කරන ඇවිලෙන ගින්නක් මෙන් එතුමාණෝ ජාකොබ් දවා ලූ සේක. Sinhala Revised Old Version උන්වහන්සේ බලවත් උදහසෙන් ඉශ්‍රායෙල්ගේ අඟ සහමුලින් සිඳ දැමූසේක; තමන්ගේ දකුණත සතුරා ඉදිරියෙන් පස්සට ඇදගත්සේක. වටකරින් නාස්තිකරන ඇවිළෙන ගින්නක් මෙන් උන්වහන්සේ යාකොබ් දැවූසේක. |
ඔවුන් මා අත්හැර තමන්ගේ සියලු හස්ත කර්මාන්තවලින් මා කෝප කරවන හැටියට වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කළ බැවින්, මාගේ උදහස මේ දේශය පිට වගුරුවා තිබේ. එය නිවෙන්නේ නැත.’
එහි දාවිත්ගෙන් පැවැතෙන්නෙකු බලවත් රජෙකු කරන්නෙමි. මාගේ අභිෂේක ලත් තැනැත්තාට පහනක් මෙන් දිළෙන්නට සලසන්නෙමි.
මහෝත්තමයාණන්ට විරුද්ධ ව අහංකාර නොවන්න; මැවුම්කරුන් හට විරුද්ධ ව උඩඟුවෙන් කතා නොකරන්න.
අහෝ සමිඳුනි! ඔබ කොපමණ කල් කෝප වී සිටින සේක් ද? සදහට ම ද? ඔබේ උදහස කොපමණ කල් ගින්න මෙන් දැවෙන්නේ ද?
සමිඳුනි, ඔබ සදහට ම අපෙන් ඈත් වී සිටින සේක් ද? කොපමණ කලක් ඔබේ උදහස් ගින්න ඇවිලෙන්නේ ද?
ගින්නෙන් පිදුරු දැවී යන්නාක් මෙන් බලවත් අය තමන්ගේ ම පවිටු ක්‍රියාවලින් විනාශවන්නෝ ය. එය නැවැත්වීම කිසිවෙකුට වත් නොහැකි වේ.
ඒ නිසා එතුමාණෝ සිය කෝපාග්නිය අපට දැනෙන්නත්, යුද්ධයේ දරුණුකම විඳින්නත් සැලැසූ සේක. ගින්නක් මෙන් එතුමන්ගේ උදහස ඉශ්රායෙල් පුරා ඇවිළී ගියේ ය. එහෙත්, ඉශ්රායෙල් එයින් කිසිවක් තේරුම් නොගත්තේ ය. දැවුණු නමුත් එය සිතට නොගත්තේ ය.
එහෙත්, මම නුඹලාගේ ක්‍රියාවල විපාකය හැටියට නුඹලාට දඬුවම් කරන්නෙමි. මම එහි ඇති කැළෑ රොදට ගිනිලන්නෙමි. ඊට හාත්පසින් ඇති සියලු තැන් එයින් දැවී යන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
ජුදාහි වැසියෙනි, ජෙරුසලමේ වැසියෙනි, නුඹලාගේ සිතෙන් පාප මල කපා හරින්න. එසේ නොකළොත්, නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගිනි මෙන් නික්ම කිසිවෙකුට නිවන්නට බැරි ලෙස ඇවිලෙනු ඇත.”
මෝවබ්හි තෙද බලය බිඳ දමා ඇත; එහි පරාක්‍රමය විනාශ කර ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මේ ස්ථානය පිට මාගේ කෝපය හා උදහස වගුරුවන්නෙමි. මිනිසුන් පිට මෙන් ම, මෘගයන්, කෙතේ ගස් සහ භූමියේ පල කෙරෙහි ද මම එය වගුරුවමි. මාගේ කෝපය නොනිවෙන ගින්නක් වැනි ය.
එතුමාණෝ මාගේ ඇටකටු තුළට ඉහළින් ගින්නක් එවූ සේක. එතුමාණෝ මාගේ පාදවලට දැලක් දැමූ සේක. මා පහතට හෙළූ සේක. මා තනිවන්න සලසා, දවස මුළුල්ලේ බෙලහීනයෙකු ද කළ සේක.
සමිඳාණෝ තම කෝපය නොවළක්වා තමන්ගේ බලවත් උදහස වැගිරෙවු සේක. සියොන්හි ගින්නක් ඇවිළු සේක. එයින් එහි අත්තිවාරම් දැවී ගියේ ය.
“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එය විනාශ කරන පිණිස, මම උරණ වී චණ්ඩ කුණාටුවක් ද කෝප වී ධාරානිපාත වැස්සක් ද උදහස් වී ගල් වර්ෂා ද එවන්නෙමි.
ඔවුන් යුද්ධ හොරණෑව පිඹ සියල්ල සූදානම් කර තිබේ. එහෙත්, කිසිවෙක් සටනට නොයති. මන්ද, මාගේ කෝපය එහි මුළු සමූහයා කෙරෙහි ඇත්තේ ය.”
උන් වහන්සේගේ කෝපයට මුහුණ පෑ හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ ඇවිලෙන උදහසේ දී නොනැසී සිටිය හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ කෝපාග්නිය දැල්වෙන විට පර්වත පවා ධූලි මෙන් උන් වහන්සේ ඉදිරියෙහි ඇද හැළෙන්නේ ය.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උඩඟු අය ද නපුරු අය ද පිදුරු පෝරණුවක දැවෙන්නාක් මෙන් දැවී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී කිසිවෙක් ඉතිරි නොවන සේ දැවී යන්නෝ ය.
කමත හොඳ හැටි පිරිසිදු කරන පිණිසත්, ධාන්‍ය පොළා සිය අටුවෙහි රැස් කරන පිණිසත්, උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත; එහෙත් බොල් නොනිවෙන ගින්නෙන් දවනු ලැබේ ය”යි කී ය.
මාගේ කෝපයෙන් ගින්නක් ඇවිළී, පාතාල ලෝකයේ ගැඹුර තෙක් ගොස් දැවී, මිහිතලය අස්වැන්න සමඟ ගිනිබත් වනු ඇත. කඳුවල පදනම් ද දැවෙනු ඇත.