දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?
විනිශ්චයකාරයෝ 15:14 - Sinhala New Revised Version ඔහු ලෙහි නගරයට පැමිණි කල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැඟුවෝ ය. සමිඳාණන්ගේ ආත්මානුභාවය බලවත් ලෙස සම්සොන් කෙරෙහි පැමිණියේ ය. ඔහුගේ අත් බැඳ තිබුණු කඹ ගින්නෙන් දැවී ගිය හණ මෙන් විය. ඔහුගේ අත්වලින් බැඳුම් ද ලිහී වැටුණේ ය. Sinhala New Revised Version 2018 ඔහු ලෙහි නගරයට පැමිණි කල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැඟුවෝ ය. සමිඳාණන්ගේ ආත්මානුභාවය බලවත් ලෙස සම්සොන් කෙරෙහි පැමිණියේ ය. ඔහුගේ අත් බැඳ තිබුණු කඹ ගින්නෙන් දැවී ගිය හණ මෙන් විය. ඔහුගේ අත්වලින් බැඳුම් ද ලිහී වැටුණේ ය. Sinhala Revised Old Version ඔහු ලෙහියට පැමිණිකල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැගුවෝය. ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ අත් බැඳ තිබුණු ලනු ගින්නෙන් දාලාගිය හණ මෙන් විය, තවද ඔහුගේ අත්වලින් බැඳුම් ලිහී වැටුණේය. |
දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?
‘ඉශ්රායෙල් ජනයා රටේ ඔබමොබ යමින් ද පාළුකරයට මැදි ව සිටිමින් ද ඇතැ’යි පාරාවෝ සිතනු ඇත.
සෙනඟ පලා ගිය බව මිසරයේ රජුට දන්වන ලදී. එවිට ඔහු ද ඔහුගේ නිලධාරීහු ද ඔවුන් ගැන තම සිත් වෙනස් කොට, “ඉශ්රායෙල් ජනයා වහල් සේවයෙන් මුදා හැරීමෙන් අප කෙළේ කුමන ක්‍රියාවක් දැ”යි කියාගත්හ.
මාගේ සතුරෙනි, මාගේ වැටීම ගැන ප්‍රීති නොවන්න. මම වැටී සිටින නමුත් නැවත නැඟිටින්නෙමි. මා දැන් අඳුරෙහි සිටින නමුත් සමිඳාණන් වහන්සේ මාගේ ආලෝකය වන සේක.
එකල දේව දූතයා මට කතා කරමින්, “සෙරුබ්බාබෙල්ට සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය දෙන්නැ”යි කී ය. එය මෙසේ ය: “නුඹට ජය අත් වන්නේ සේනා බලයෙන් වත්, සිය ශක්තියෙන් වත් නොව, මාගේ ආත්මානුභාවයෙන් ය.
එසේ ය, මේ ස්ත්‍රීවරුන්ට උපකාර කරන ලෙස මාගේ සැබෑ පංගුකාරයෙකු වන ඔබෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් ද මාගේ අනෙක් හවුල් සේවකයන් ද ඇතුළු ව මා සමඟ සුබ අස්න සඳහා සේවය කළෝ ය. ඔවුන්ගේ නාම ජීවන පොතෙහි ලියා ඇත.
එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරේ පැමිණියේ ය. ඔහු අෂ්කෙලොන්ට ගොස්, එහි මිනිසුන් තිස්දෙනෙකු මරා, ඔවුන්ගෙන් කොල්ලකාගෙන ප්‍රහේලිකාව තෝරා දුන් අයට ඇඳුම් කට්ටල දුන්නේ ය. ඔහු ඉමහත් කෝපයෙන් ඇවිළී තමාගේ පියාගේ ගෙදරට ගියේ ය.
එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේ ය. සම්සොන් තමාගේ අතේ කිසිදු අවියක් නැති ව, එළු පැටවෙකු ඉරා දමන ලෙස ඌ ඉරා දැමුවේ ය. එහෙත්, ඔහු කළ දේ ඔහුගේ පියාට වත්, මවට වත් ඔහු දැන්නුවේ නැත.
ඔව්හු ද, “ඔබ බැඳ ඔවුන් අතට පාවා දෙනවා මිස සැබැවින් අපි ඔබ නොමරන්නෙමු”යි ඔහුට කියා, අලුත් කඹ දෙකකින් ඔහු බැඳ පර්වතයෙන් ගෙනාවෝ ය.
එවිට දෙලීලා අලුත් කඹ ගෙන ඔහු බැඳ, “සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්නට එති”යි ඔහුට කෑ ගසා කීවා ය. මිනිස්සු ද ඇතුළු ගෙයි සැඟවී බලා සිටියෝ ය. ඔහු තමාගේ අත් බැඳ තිබූ කඹ නූල් පොටක් මෙන් කඩා දැමුවේ ය.
සෙනඟ සම්සොන් දුටු කල, ඔවුන්ගේ දෙවියන්ට ප්‍රශංසා කළෝ ය. “අපේ දෙවියෝ අපේ දේශය නාස්ති කළ, බොහෝ දෙනෙකු මරා දැමූ, අපේ සතුරා අපේ අතට පාවා දුන්නාහ”යි කී හ.
මිනිස්සු ගෙයි ඇතුළු කාමරයක සැඟවී බලාගෙන සිටියෝ ය. ඈ කතා කොට, “සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්න එති”යි ඔහුට කෑ ගසා කීවා ය. එවිට ඔහු, හණ නූලක් ගින්න වැදුණු විට ම කැඩෙන්නාක් මෙන් ඒ දුනු ලණු කඩා දැමුවේ ය. එබැවින් ඔව්හු ඔහුගේ යෝධ ශක්තියේ රහස නොදත්හ.
සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි පැමිණියෙන්, ඔහු ඉශ්රායෙල්වරුන්ගේ වීර පුරුෂයා වී යුද්ධයට පිටත් ව ගියේ ය. සමිඳාණන් වහන්සේ මෙසොපොතේමියේ රජ වූ කුෂාන්-රිෂාතයිම් ඔහු අතට පාවා දුන් සේක. ඔහු කුෂාන්-රිෂාතයිම් පරදවා ජය ගත්තේ ය.
‘ඔවුන් කොල්ලය සොයනු ඇත. තමන් අතරේ බෙදා ගැනීමට, එකිනෙකාට තරුණියන් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක්, වයිවර්ණ ගෙත්තම් වස්ත්‍රයක් ද මාගේ ගෙල වටා දැමීමට ගෙත්කම් කළ සළුවක් හෝ දෙකක් ද ඔවුන් රැගෙන එනු ඇත.’
සාවුල් සහ ඔහුගේ සේවකයා හෙල ළඟට පැමිණි කල, දිවැසිවර කණ්ඩායමක් සාවුල්ට හමු විය. දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහුට ආරූඪ විය. එවිට ඔහු, ඔවුන් සමඟ ධර්ම වාක්‍ය පැවසුවේ ය.
එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ කෙරෙහි බලවත් ලෙස ආරුඪ වනු ඇත. ඔබ ද ඔවුන් සමඟ ධර්ම වාක්‍ය පවසන්නෙහි ය. ඔබ අමුතු ම මිනිසෙක් වන්නෙහි ය.
සාවුල් මේ වචන ඇසූ විට දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි පිහිටිණි. ඔහු අතිශයෙන් කෝපාවිෂ්ට වුණේ ය.
මම ඌ පස්සේ ගොස්, ඌට පහර දී ඌගේ කටින් බැටළුවා ගළවාගන්නෙමි. ඌ මට කඩාපැන්න විට මම ඌ බෙල්ලෙන් අල්ලා ඌට පහර දී මරන්නෙමි.
සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කඳවුරට ගෙනෙනු ලැබූ කල මුළු ඉශ්රායෙල් ජනතාව පොළොව පුරා දෝංකාර දෙන මහත් ඝෝෂාවකින් මොරහඬ නැඟුවහු ය.