ලෙවී කථාව 7:17 - Sinhala New Revised Version එහෙත් ඌගේ මාංසයෙන් ඉතිරි වන කොටස තුන් වන දවසේ දී ගින්නේ දැවිය යුතු ය. Sinhala New Revised Version 2018 එහෙත් ඌගේ මාංසයෙන් ඉතිරි වන කොටස තුන් වන දවසේ දී ගින්නේ දැවිය යුතු ය. Sinhala Revised Old Version එහෙත් තුන්වෙනි දවස දක්වා පූජාවේ මාංසයෙන් ඉතුරුවෙන ඒවා ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය. |
උදය කාලය දක්වා ඉන් කිසිවක් ඉතිරි නොකළ යුතු ය. උදය කාලය දක්වා යමක් ඉතිරි වී නම්, එය ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය.
තුන් වන දවසට සූදානම් ව සිටිය යුතුයි. තුන් වන දවසේ දී මුළු සෙනඟ බලාගෙන සිටින විට සමිඳාණන් වහන්සේ වන මම සීනයි කන්ද මත බැස එන්නෙමි.
එහෙත්, ගව නාම්බාගේ මස් ද උගේ හම හා ගොම ද කඳවුරින් පිටත ගින්නෙන් පිළිස්සිය යුතු ය. එය පාප නසන පූජාවකි.
පූජකවරය දීමේ දී ගත් මස්වලින් හා රොටිවලින් කිසිවක් උදය දක්වා ඉතිරි වුවහොත්, එය ගින්නෙන් පිළිස්සිය යුතු වේ. ඒවා ශුද්ධ බැවින් නොවැළඳිය යුතු වේ.
දෙදිනකට පසු උන් වහන්සේ අප ප්‍රාණවත් කරන සේක; තුන් වන දා අප නැඟුටුවන සේක. එවිට අපි උන් වහන්සේ ඉදිරියෙහි ජීවත් වන්නෙමු.
මෝසෙස් පාප පූජාව සඳහා පිදූ එළුවා ගැන විමසූ විට, පුදුමයකි! ඌ දවා තිබිණි. එවිට ඔහු ආරොන්ගේ පුත්‍රයන් අතර ජීවත් ව සිට එලෙයාසර් සහ ඊතාමාර් සමඟ කිපී:
සතා මැරූ දවසේ ම නැතහොත් පසු දින උගේ මස් අනුභව කළ යුතු ය. තුන් වන දින දක්වා යමක් ඉතිරි වුවහොත්, එය ගින්නේ දැවිය යුතු ය.