Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 7:18 - Sinhala New Revised Version

18 එහෙත්, යමෙකු සහභාගිකමේ පූජාව වශයෙන් පුදන සතාගේ මාංසය තුන් වන දවසේ දී වැළඳුවහොත්, ඔහුගේ පූජාව නොපිළිගනු ලැබේ. පූජාව පුදන තැනැත්තාට එයින් වන ආනිශංසයක් නැත. එය පිළිකුලක් වනු ඇත. එයින් වළඳන තැනැත්තා එය ගැන වගකිව යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එහෙත්, යමෙකු සහභාගිකමේ පූජාව වශයෙන් පුදන සතාගේ මාංසය තුන් වන දවසේ දී වැළඳුවහොත්, ඔහුගේ පූජාව නොපිළිගනු ලැබේ. පූජාව පුදන තැනැත්තාට එයින් වන ආනිශංසයක් නැත. එය පිළිකුලක් වනු ඇත. එයින් වළඳන තැනැත්තා එය ගැන වගකිව යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 ඔහුගේ ශාන්ති පූජාවල යාගයේ මාංසයෙන් කිසිවක් තුන්වෙනි දවසෙහි කෑවොත් එය පිළිගනු ලැබීමවත් එය පූජාකරන තැනැත්තාගේ ගණනට තබනු ලැබීමවත් නොවිය යුතුය. එය පිළිකුලක් වන්නේය, එයින් කන තැනැත්තේද තමාගේ අයුතුකම දරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 7:18
31 හුවමාරු යොමු  

දුදනන්ගේ පුද පූජා සමිඳුන්ට පිළිකුලකි; සුදනන්ගේ යැදුම් එතුමන්ට සතුටකි.


ඔව්හු සොහොන්වල වාසය කරති; ඔව්හු ඌරු මස් කති; පිළිකුල් කෑම ඔවුන්ගේ භාජනවල තිබේ.


සෙනඟ තමන් කැමැති සේ ක්‍රියා කරති. පූජා කරන පිණිස ගොනෙකු මරන සේ ඔව්හු මිනිසුන් මරති. බැටළු පැටවෙකු පූජා කරන්න මරන සේ බල්ලෙකුගේ බෙල්ල කඩති. ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නා වැනි ය. තුවරලා දවමින් සිහි කිරීමේ පූජාවක් පිදීම පිළිමයකට බුහුමන් කිරීමක් වැනි ය. ඔව්හු හිතුමතේ කරන පිළිකුල් සහිත පූජාවලට ප්‍රිය වෙති.


මේ සෙනඟ ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඔවුන් තමන්ගේ පාද හසුරුවා නොගෙන මුළා වී යන්න මෙපමණ ප්‍රිය වූ බැවින් මම ඔවුන් කෙරෙහි අප්‍රසන්න ව සිටිමි. මම ඔවුන්ගේ අපරාධ සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම් කරන්නෙමි.”


ඒ වෙනුවට කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මම ඔවුන් විනාශ කරන්නෙමි.”


පව් කරන පුද්ගලයා ම නසිනු ඇත. පුත්‍රයා පියාගේ අදමිටුකමට වගකිවයුත්තෙක් නොවේ; පියා ද පුත්‍රයාගේ අයුතුකමට වගකිවයුත්තෙක් නොවේ. ධර්මිෂ්ඨයා සිය ධර්මිෂ්ඨකමේ පල විපාකත්, දුෂ්ටයා සිය දුෂ්ටකමේ ප්‍රතිවිපාකත් විඳින්නේ ය.


මාංස පූජා කිරීමටත්, පූජා කරන මස් කෑමටත් ඔව්හු කැමැති ය. එහෙත්, සමිඳාණෝ එය ප්‍රිය නොකරන සේක. දැන් උන් වහන්සේ ඔවුන්ගේ අයුතුකම් සිහි කොට, ඔවුන්ගේ පාපවලට නිසි දඬුවම් දෙන සේක. ඔවුන් ආපසු මිසර දේශයට යනු ඇත.


“ඔබ පාප පූජාවට ගත් සතා ශුද්ධස්ථානයේ දී නොවැළඳුවේ මන් ද? සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කමාවේ පිළිවෙත ඉටු කරමින්, ජනතාවගේ පාපවලට කමාව දෙන පිණිස උන් වහන්සේ එය ඔබට දුන් සේක, එය අතිශුද්ධ ය.


එවිට ආරොන් ද මෝසෙස්ට උත්තර දෙමින්, “බලන්න, මෙදින සෙනඟ තමන්ගේ පාප පූජාව සහ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔප්පු කළ නමුත්, මට මෙයාකාර දේවල් සිදු වී ඇත. හොඳයි, පාප පූජාව සඳහා පිදූ සතාගේ මාංසය මම අද වැළඳුවෙම් නම්, එය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න දෙයක් වන්නට තිබුණේ දැ”යි ඇසී ය.


“බිම බඩගා යන සියලු සත්තු පිළිකුල් ය. උන් නොකෑ යුතු ය.


ඔහු ඇඳුම් සෝදාගෙන ජලස්නානය නොකළොත්, තමාගේ වරද ගැන වගකිව යුතු ය.’ ”


“නුඹලා සමිඳාණන් වහන්සේට සහභාගිවීමේ පූජාවක් ඔප්පු කරන්නහු නම්, නුඹලා පිළිගනු ලබනු පිණිස එය නිසි ලෙස පුදන්න.


“යම් මිනිසෙකු තම පියාගේ දුව හෝ තම මවගේ දුව වන තමාගේ සහෝදරිය හෝ පාවාගෙන ඇගේ නිරුවත අනාවරණය කළොත්, එය දුෂ්ටකමකි. ඔවුන් ප්‍රසිද්ධියේ නින්දාවට පත් කර තම සෙනඟ අතරෙන් නෙරපනු ලැබිය යුතු ය. ඔහු තම සොහොයුරියට නින්දා කළ බැවින්, ඒ දුෂ්ටකම ගැන වගකිව යුතු ය.


“යමෙකු තම මවගේ සොහොයුරියගේ හෝ තම පියාගේ සොහොයුරියගේ හෝ නිරුවත අනාවරණය නොකළ යුතු ය. මෙවැන්නක්, තම කිට්ටු නෑයන්ට කරන නින්දාවකි. ඔවුන් තමන්ගේ නපුරුකම ගැන වගකිව යුතු ය.


අවසර නොලත් අයට ඒ ශුද්ධ පඬුරු අනුභව කිරීමට ඉඩ දීමෙන්, ඒ අය දඬුවම් ලැබීමට සුදුසු වරදකරුවන් වනු ඇත. ඒවා කැප කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.”


එහෙත්, ස්වේච්ඡා පූජාවක් ලෙස අසාමාන්‍ය අවයවයක් ඇති ගොනෙකු හෝ බැටළුවෙකු පුද කළ හැකි ය. බාරයක් ඉටු කිරීම සඳහා නම් එවැන්නක් පිළිගනු නොලැබේ.


“මෙවැනි සතෙකු නුඹ විදේශිකයෙකුගේ අතින් වත් ගෙන, ආහාර පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට ඔප්පු නොකළ යුතු ය. එවැනි ශාරීරික දෝෂ, කැළැල් වන බැවින් නුඹ උදෙසා උන් නොපිළිගනු ලැබේ.”


“මෙලෙස යමෙකු සමිඳාණන් වහන්සේගේ ආඥාවලින් තහනම් කරන ලද යමක් නොදැනුවත්කමින් හෝ කළොත්, ඔහු වරදකරුවෙක් වේ, කළ වරද ගැන ඔහු වගකිව යුතු ය.


අපවිත්‍ර යමකට ස්පර්ශ වන ඒ මාංසය නොවැළඳිය යුතු අතර එය ගින්නේ දැවිය යුතු ය. “ඉතිරි මාංසය ආගමික චාරිත්‍ර අනුව පවිත්‍ර ව සිටින සෑම කෙනෙකුට ම වැළඳිය හැක.


නුඹලා දවන යාග පූජා ද ආහාර පූජා ද මට ඔප්පු කරන නමුත්, මම ඒවා නොපිළිගනිමි. සහභාගිකමේ පූජා වශයෙන් මට ඔප්පු කරන පිණිස නුඹලා තර කළ සතුන් මම නොපිළිගනිමි.


‘අහෝ! මාගේ පූජාසනය පිට නිෂ්ඵල ලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසා තබන එක් කෙනෙකු නුඹලා අතරේ ඇත්නම් කොපමණ හොඳ ද? නුඹලා ගැන මට සතුටක් නැත; නුඹලා ගෙනෙන පූජාවක් මම භාර නොගනිමි.


‘මේ මොන කරදරයක් දැ’යි කියමින් නුඹලා මට අවමන් කරන්නහු ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. “සොරාගත්තා වූ නොහොත් කොර වූ හෝ ලෙඩ වූ හෝ සතුන් පූජාවන් වශයෙන් නුඹලා ගෙනෙන්නහු ය. නුඹලාගේ අතින් මා ඒවා පිළිගන්නවා ඇතැ යි නුඹලා සිතන්නහු ද?


කමතේ ධාන්‍ය ප්‍රමාණයට නැතහොත් මිදි පැසේ මිදිපැන්වල ප්‍රමාණයට නුඹේ විශේෂ පඬුරු ද තක්සේරු කළ යුතු ය.


එවිට උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක. “ඔබ නම් මිනිසුන් ඉදිරියෙහි ඔබගේ ම දමිටුකම ගැන පාරට්ටු කරගන්නා අය ය; එහෙත් දෙවියන් වහන්සේ ඔබගේ සිත් දන්නා සේක. මනුෂ්‍යයන් විශිෂ්ට යයි සලකනු ලබන දෙය දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිළිකුලකි.


ඔහු චර්මඡේදනය පසුව ලැබුවේ, චර්මඡේදනය නොලබා සිටි අවස්ථාවේ දී, ඔහුගේ ඇදහිල්ල දමිටුකම වශයෙන් දෙවියන් වහන්සේ පිළිගත් බව සහතික කිරීමේ සලකුණක් වශයෙනි. මෙසේ ඔහු එක අතකින් ඇදහිල්ල නිසා දමිටු කරනු ලැබූ අය වශයෙන්, දෙවියන් වහන්සේ පිළිගත්, චර්මඡේදනය නොලැබූ අයගේ පියාණෝ ය.


බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණිස එක ම වරක් ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ සේක. තවද, පාපය දුරු කරන පිණිස නොව, උන් වහන්සේගේ ආගමනය බලා සිටින්නන්ට ගැළවීම දෙන පිණිස, උන් වහන්සේ දෙ වන වර ප්‍රකාශ වන සේක.


පාපවලට අප නැසී, දැහැමි ජීවිතයක් ගත කරන පිණිස, උන් වහන්සේ ම තමන්ගේ ශරීරයෙන් කුරුසිය මත අපගේ පාප ඉසුලූ සේක. ඔබ සුව කරනු ලැබුවේ උන් වහන්සේගේ තුවාළ නිසා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්