යොෂුවා 10:10 - Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් තැතිගැන්වූ සේක. ඉශ්රායෙල්වරු ගිබියොන් ළඟ දී ඔවුන් වනසා, බෙත්-හෝරොන්ට යන මාර්ගයෙහි ඔවුන් ලුහුබැඳ ගොස් අශේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් තැතිගැන්වූ සේක. ඉශ්රායෙල්වරු ගිබියොන් ළඟ දී ඔවුන් වනසා, බෙත්-හෝරොන්ට යන මාර්ගයෙහි ඔවුන් ලුහුබැඳ ගොස් අශේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් කලඹා විසුරුවා දැමූසේක. එබැවින් ඔව්හු මහත් මැරීමකින් ගිබියොන් ළඟදී ඔවුන් නසා, බෙත්-හෝරොන්ට නැගීයන මාර්ගයෙහි ඔවුන් ලුහුබඳවා ගොස්, අසේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහරදුන්නෝය. |
සමිඳාණන් වහන්සේ ආසා සහ ජුදාවරුන් ඉදිරියෙහි කුෂ්වරුන් පැරද වූ සේක. කුෂ්වරු පලා ගියෝ ය.
අමශියා තමා සමඟ යුද්ධයට නොයන පිණිස ආපසු හැරියා වූ හමුදාවේ භටයෝ සමාරියේ සිට බෙත්-හෝරොන් දක්වා ජුදාහි නුවරවලට වැද, එහි දී තුන්දහසකට පහර දී බොහෝ කොල්ලය ගත්තෝ ය.
ඔබේ සෙනඟ සතුරන් පරදා ජය කෙහෙලි නැංවූයේ, තමන්ගේ ම කඩු පහරින් හෝ බාහු බලයෙන් හෝ නොවේ; එසේ වූයේ, ඔබ ඔවුන්ට ප්‍රේම කළ නිසා ඔබේ ම සුරතිනි, බාහු බලයෙනි; ඔබ සහතික ලෙස ඔවුන් සමඟ වැඩ සිටි බැවිනි.
සව් බලැති දෙවිඳාණෝ සල්මොන් කන්ද පිට රජුන් විසුරුවා හැරිය සේක; එවිට ඔබ එහි හිම වැටෙන්නට සැලැසූ සේක.
එහි පෙර විසූ මිසදිටු ජාතීන් පන්නාදමා ඔවුන්ට ඒ රට උරුම කොට බෙදා දුන් සේක; ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්රායෙල් ගෝත්‍රයන් පදිංචි කරවූ සේක.
සමිඳාණෝ තමන් කරන්න අදහස් කළ පුදුම ක්‍රියා මෙන් පෙනෙන දේ ඉෂ්ට කරන පිණිස, පෙරාශිම් කන්දේ දී හා ගිබියොන් මිටියාවතේ දී සටන් කළාක් මෙන් සටන් කරන සේක. එය අබිරහස් ක්‍රියාවකි.
සමිඳාණන් වහන්සේ තමන්ගේ මහිමාන්විත හඬ සියල්ලන්ට ඇසෙන්නට සලස්වා තමන්ගේ උදහසේ තද පරුෂකම සියල්ලන්ට දැනෙන්නට සලස්වන සේක. එවිට ගිනි දලු ද ධාරානිපාත වර්ෂාව ද වැහි කුණාටු ද ගල් වර්ෂා ද ඇති වන්නේ ය.
ඒ අවස්ථාවේ දී බබිලෝනියේ රජුගේ සේනාව ජෙරුසලම් නගරයට පහර දෙමින් සිටියෝ ය. ජුදාවේ බලකොටු අතරෙන් අල්ලා නොගෙන තිබූ නගරවලින් ඉතිරි වූ ලාකීෂ්ට හා අසේකාට ද ඔව්හු පහර දෙමින් සිටියෝ ය.
සමිඳාණන් වහන්සේ ඉදිරියට ගොස් පසුගිය කාලයෙහි යුද්ධ කළ පරිදි ඒ ජාතීන්ට විරුද්ධ ව යුද්ධ කරන සේක.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ඔවුන් පාවා දෙනු ඇත. ඔවුන් නැත්තට ම නැති වන තෙක් මහා විපත්ති පමුණුවා ඔවුන් වනසාලන සේක.
තවද, ඔවුන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පලා යද්දී, අශේකා දක්වා බෙත්-හෝරොන් පල්ලමේ දී සමිඳාණන් වහන්සේ අහසෙන් විශාල ගල් ඔවුන් පිට හෙළූ සේක; එයින් ඔව්හු මැරුණෝ ය. ගල් වර්ෂාවෙන් නැසුණු අය, ඉශ්රායෙල්වරුන් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූ හ.
ඒ දවසේ ජෝෂුවා මක්කේදා නගරය අල්ලාගෙන, එයටත්, එහි රජුටත් කඩුවෙන් පහර දී, එක ද කෙනෙකු වත් ඉතිරි නොකර, එහි සිටි සියලු දෙනා ද මුළුමනින් ම විනාශ කරදමා, ජෙරිකෝවේ රජුට කළාක් මෙන් මක්කේදාහි රජුටත් කෙළේ ය.
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක. ඉශ්රායෙල්වරු ඔවුන් මහ සීදොන් දක්වා ද මිස්රෙපොත්-මායිම් දක්වා ද නැගෙනහිර තිබෙන මිශ්පාහි මිටියාවත දක්වා ද එළවාගෙන ගොස් ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොවන තුරු ඔවුන්ට පහර දුන්නෝ ය.
එතැනින් බස්නාහිරට ජප්ලේතිවරුන්ගේ සීමාවටත් පහළ බෙත්-හෝරොන් සීමාවටත්, ගෙශෙර්ටත් බැස ගොස්, මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.
එප්‍රායිම් පෙළපතේ සීමාව ඔවුන්ගේ පවුල් ගණන අනුව මෙසේ විය. නැගෙනහිරට ඔවුන්ගේ උරුමයේ සීමාව අතාරොත්-අද්දාර් පටන් ඉහළ බෙත්-හෝරොන් දක්වා ය;
කිබ්ශයිම් සහ ඒ අවට තණ බිම් ද බෙත්-හෝරොන් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතර ඔවුන්ට දුන්නෝ ය.
එවිට සමිඳාණන් වහන්සේ සිසෙරා හා ඔහුගේ සියලු රථ ද ඔහුගේ මුළු සේනාව ද බාරාක් ඉදිරියෙහි කඩුව ලෙලවා, ඔවුන් කලඹා විසුරුවාදැමූ සේක. සිසෙරා තමන්ගේ රථයෙන් බැස පයින් පලා ගියේ ය.
එහෙත්, බාරාක් රථ හා සේනාව පසුපස හරොෂෙත්-ගොයිම් දක්වා ලුහුබැඳ ගියේ ය. සිසෙරාගේ මුළු සේනාව කඩුවෙන් මරනු ලැබූ හ. එක් කෙනෙක් වත් ඉතුරු නො වී ය.
එක කණ්ඩායමක් බෙත්-හෙරොන්ට යන දිශාවට ගියේ ය. අනෙක් කණ්ඩායම පාළුකරයට සහ ශෙබොයිම් මිටියාවතට ඉහළින් තිබෙන දේශ සීමා දෙසට ගියේ ය.
පිලිස්තිවරු ජුදාහි නගරයක් වන සෝකෝ නම් ස්ථානයට යුද්ධය පිණිස රැස් වූ හ. ඔව්හු සෝකෝ නගරයටත්, අශේකා නගරයටත් අතරේ එපෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්හ.