Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 10:28 - Sinhala New Revised Version

28 ඒ දවසේ ජෝෂුවා මක්කේදා නගරය අල්ලාගෙන, එයටත්, එහි රජුටත් කඩුවෙන් පහර දී, එක ද කෙනෙකු වත් ඉතිරි නොකර, එහි සිටි සියලු දෙනා ද මුළුමනින් ම විනාශ කරදමා, ජෙරිකෝවේ රජුට කළාක් මෙන් මක්කේදාහි රජුටත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඒ දවසේ ජෝෂුවා මක්කේදා නගරය අල්ලාගෙන, එයටත්, එහි රජුටත් කඩුවෙන් පහර දී, එක ද කෙනෙකු වත් ඉතිරි නොකර, එහි සිටි සියලු දෙනා ද මුළුමනින් ම විනාශ කරදමා, ජෙරිකෝවේ රජුට කළාක් මෙන් මක්කේදාහි රජුටත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 ඒ දවසේ යෝෂුවා මක්කේදා අල්වා ඊටත් එහි රජුටත් කඩු මුවහතින් පහරදී, එකද කෙනෙක්වත් ඉතුරු නොකර, ඔවුන්ද එහි සිටිය සියලු ප්‍රාණීන්ද මුළුමනින්ම විනාශකරදමා, යෙරිකෝවේ රජුට කළාක් මෙන් මක්කේදාහි රජුටත් කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 10:28
19 හුවමාරු යොමු  

ඔව්හු පුරුෂයන් හා ස්ත්‍රීන් ද බාලයන් හා මහල්ලන් ද ගවයන් ද බැටළුවන් ද කොටළුවන් ද යන නුවර සිටි සියල්ලන් කඩු පහරින් සහමුලින් ම විනාශ කරදැම්මෝ ය.


මන්ද, දෙවියන් වහන්සේ සියලු සතුරන් උන් වහන්සේගේ පාද යට දමන තුරු ක්‍රිස්තුන් වහන්සේ රජකම් කළ යුතු ම ය.


එසේ වුව ද මා තමන් කෙරේ රජකම් කරනවාට කැමැති නුවූ මේ මාගේ සතුරන් මෙ‍හි ගෙනවුත් මා ඉදිරියෙහි ම මරා දමන්නැ’යි කීවේ ය.”


ගෙදේරොත් ද බෙත්-දාගොන් ද නාමා ද මක්කේදා ද යන නගර දහසය සහ ඒවායේ ගම් ද යන මේවා ය.


එය සහ එහි රජු ද එයට අයිති සියලු නගර ද අල්ලාගෙන, කඩුවෙන් පහර දී, එක් කෙනෙකු වත් ඉතිරි නොකර එහි සිටි සියලු දෙනාත් මුළුමනින් විනාශ කරදැමුවේ ය. ඔහු හෙබ්‍රොන්ට කළාක් මෙන් ද ලිබ්නාටත් එහි රජුටත් කළාක් මෙන් ද දෙබීර්ටත් එහි රජුටත් කෙළේ ය.


එය අල්ලාගෙන එයටත්, එහි රජුටත්, ඊට අයිති සියලු නගරවලටත්, එහි විසූ සියලු දෙනාටත් කඩුවෙන් පහර දී, එග්ලොන් නගරයට කළාක් මෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොකර, එය ද එහි සිටි සියලු දෙනා ද මුළුමනින් ම විනාශ කරදැමුවේ ය.


ඔව්හු ඒ දවසේ දී ම එය අල්ලාගෙන, එයට කඩුවෙන් පහර දී ලාකීෂ් නගරයට කළාක් මෙන් එහි සිටි සියලු දෙනා ඒ දවසේ දී මුළුමනින් විනාශ කරදැමුවෝ ය.


සමිඳාණන් වහන්සේ ලාකීෂ් නගරය ද ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දුන් සේක. ජෝෂුවා දෙ වන දවසේ දී එය අල්ලාගෙන ලිබ්නාට කළාක් මෙන් එහි සිටි සියලු දෙනාටත් කඩුවෙන් පහර දුන්නේ ය.


සමිඳාණන් වහන්සේ ඒ නගරයත්, එහි රජුත් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දුන් සේක. ජෝෂුවා එහි සිටි එක් කෙනෙකු වත් ඉතිරි නොකොට ඒ නගරයටත්, ඒ නගරයේ විසූ සියලු දෙනාටත් කඩුවෙන් පහර දී ජෙරිකෝවේ රජුට කළාක් මෙන් ලිබ්නාහි රජුටත් කෙළේ ය.


නුඹ ජෙරිකෝවටත් එහි රජුටත් කළාක් මෙන් ආයි නගරයටත්, එහි රජුටත් කරන්න. එහි වස්තුව හා ගවයන් නුඹලාට කොල්ලයක් වශයෙන් ගන්න. නගරයට එහායින් රහසේ රැක සිටින සේනාවක් සූදානම් කර තබන්නැ”යි වදාළ සේක.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පාවා දෙන සියලු සෙනඟ වනසා දැමිය යුතු ය. ඔබ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොදැක්විය යුතු ය. ඔවුන්ගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් නොකළ යුතු ය. එසේ කළොත්, එය ඔබට මලපතක් වනු ඇත.


උන් වහන්සේ ඔබට ඔවුන් පාවා දුන් පසු ඔබ ඔවුන්ට පහර දී සහමුලින් ම ඔවුන් වැනසිය යුතු ය. ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කර නොගත යුතු ය. ඔවුන්ට දයාවක් නොපෙන්විය යුතු ය.


සමිඳාණෝ මා සමිඳුන්ට කතා කොට, “මා නුඹේ සතුරන් නුඹේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්නැ”යි වදාළ සේක.


ඒ දවස්හි අපි ඔහුගේ සියලු නගර අල්ලාගෙන, ඒවා සියල්ලෙහි ම විසූ ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය ද සිඟිති දරුවන් ද සම්පූර්ණයෙන් ම වනසා දැම්මෙමු. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොකෙළෙමු.


එහෙත්, ගිබියොන් වැසියන් ජෝෂුවා ජෙරිකෝවටත්, ආයි නගරයටත් කළ දේ ඇසූ විට,


ලිබ්නාහි රජ; අදුල්ලහි රජ;


මක්කේදාහි රජ; බෙතෙල්හි රජ;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්