ඔබේ දේශය පාළු වී ඇත; නගර ගිනිබත් වී ඇත. ඔබ බලා සිටිය දී විදේශිකයෝ ඔබේ දේශය නැතිනාස්ති කරති. එය සොදොම් මෙන් පාළු වී ඇත.
යෙසායා 62:8 - Sinhala New Revised Version සමිඳාණෝ, සුරත තබා, බාහු බලය මෙහෙයවා, පොරොන්දුවක් දෙමින්, “සැබැවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි. නුඹ දහඩිය මහන්සියෙන් ලබාගත් මිදියුස විදේශීහු නොලබන්නෝ ය. Sinhala New Revised Version 2018 සමිඳාණෝ, සුරත තබා, බාහු බලය මෙහෙයවා, පොරොන්දුවක් දෙමින්, “සැබැවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි. නුඹ දහඩිය මහන්සියෙන් ලබාගත් මිදියුස විදේශීහු නොලබන්නෝ ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ තමන්ගේ දකුණත සහ තමන්ගේ බලවත් හස්තය ගැන දිවුරමින්: සැබවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි; නුඹ වැඩකර ලබාගත් නුඹේ මුද්‍රිකයුෂ විදේශීහු නොබොන්නෝය. |
ඔබේ දේශය පාළු වී ඇත; නගර ගිනිබත් වී ඇත. ඔබ බලා සිටිය දී විදේශිකයෝ ඔබේ දේශය නැතිනාස්ති කරති. එය සොදොම් මෙන් පාළු වී ඇත.
මාගේ මුවින් ගිලිහෙන කිසිදු වචනයක් වෙනස් නොවේ; එය සත්‍යයකි. ‘සියලු දණ හිස් මට නැමෙන බව, සියලු දිව් මා ගැන දිවුරන බව සහතික ලෙස දිවුරා කියමි.’
“නෝවාගේ කාලයේ ඇති වූ ජලගැල්ම මට සිහි වේ. ඒ කාලයේ ඇති වූවාක් මෙන් නුඹ කෙරෙහි උදහස් නොවන බවටත්, නුඹට තරවටු නොකරන බවටත් මම දිවුරුම් දෙන්නෙමි.
කෑමක් නොවන දේට මුදල් ගෙවන්නේ කුමට ද? තෘප්තිය නොදෙන දේට වෙහෙස වන්නේ මන් ද? මා හට සවන් දී, මා කී දේ කර, හොඳ ම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීති වන්න.”
පීඩිතයන්ට උපකාර කිරීමට කිසිවෙකු නැති බව දැක එතුමාණෝ පුදුම වූ සේක. එබැවින් එතුමාණෝ ඔවුන් ගැළවීමටත්, ඔවුන්ට ජය අත්පත් කර දීමටත් සිය බලය මෙහෙයවන සේක.
නැවත නුඹලා සමාරියේ කඳුවල මිදි වැල් වවනු ඇත. වවන්නෝ ඒවා හිටවා ඒවායේ පල භුක්ති විඳින්නෝ ය.
ඔවුන් ඔබේ පුත්‍රයන් ද දූවරුන් ද ඔබේ අස්වැන්න ද ඔබේ ආහාර ද කාදමනු ඇත; ඔබේ බැටළුවන් ද ගවයන් ද කාදමනු ඇත; ඔබේ මිදි වැල් ද අත්තික්කා ගස් ද කාදමනු ඇත. ඔබේ විශ්වාසය තබා ඇති ඔබේ බලකොටු නගර ඔවුන් කඩුවෙන් නටබුන් කරනු ඇත.
ඔවුන්ට මෙසේ කියන්න: ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මා ඉශ්රායෙල් තෝරාගත් විට, ජාකොබ්ගේ වංශයට මම පොරොන්දුවක් වීමි.
මම ද නුඹලාට මේ දේ කරමි. නුඹලා අන්ධ කරවන, ජරාවට පත් කරවන මහත් ව්‍යසන වන භීතිය, අසාධ්‍ය ලෙඩ රෝග හා උණ සන්නිපාත නුඹලා වෙත පමුණුවන්නෙමි. නුඹලා බීජ වපුරන නමුත් ඒවා නිෂ්ඵල වනු ඇත. නුඹලාගේ සතුරෝ ඒවා කාදමන්නෝ ය.
මාගේ සෙනඟ යළි සිය රටට ගෙනෙමි, ඔව්හු නටබුන් නගර යළි ගොඩනඟා එහි ජීවත් වන්නෝ ය. ඔව්හු මිදි වතු වවා මිදියුස බොන්නෝ ය. ඔව්හු වතු ද වවා එහි පල කන්නෝ ය.
“ඔබ බිරිඳකට විවාහ ගිවිසුම් බස් දෙන නමුත්, වෙනත් මිනිසෙකු ඇය සමඟ සයනය කරනු ඇත. ඔබ ගෙයක් ගොඩනඟන නමුත්, එහි ඔබ පදිංචි නොවනු ඇත. ඔබ මිදි වත්තක් වවන නමුත්, එහි පල එකතු නොකරනු ඇත.
ඔබ බලා සිටිය දී ඔබේ ගොනා මරනු ලබන නමුත්, ඔබ උගේ මස් නොකන්නහු ය. ඔබ බලා සිටිය දී ඔබේ කොටළුවා බලහත්කාරයෙන් පැහැරගනු ලබන්නේ ය; ඔබට ආපසු ඌ නොලැබෙනු ඇත. ඔබේ බැටළුවෝ සතුරන් විසින් පැහැරගනු ලබන්නෝ ය. ඔබට උදව් දීමට කිසිවෙක් නොවන්නේ ය.
ඔබේ ශ්‍රමය සහ වතුපිටිවල පලදාව ඔබ නොහඳුනන ජාතියක් භුක්ති විඳින්නේ ය. ඔබ නිතර ම පීඩා කරනු ලැබ, තැළී පොඩි වී යන්නහු ය.