Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 28:30 - Sinhala New Revised Version

30 “ඔබ බිරිඳකට විවාහ ගිවිසුම් බස් දෙන නමුත්, වෙනත් මිනිසෙකු ඇය සමඟ සයනය කරනු ඇත. ඔබ ගෙයක් ගොඩනඟන නමුත්, එහි ඔබ පදිංචි නොවනු ඇත. ඔබ මිදි වත්තක් වවන නමුත්, එහි පල එකතු නොකරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 “ඔබ බිරිඳකට විවාහ ගිවිසුම් බස් දෙන නමුත්, වෙනත් මිනිසෙකු ඇය සමඟ සයනය කරනු ඇත. ඔබ ගෙයක් ගොඩනඟන නමුත්, එහි ඔබ පදිංචි නොවනු ඇත. ඔබ මිදි වත්තක් වවන නමුත්, එහි පල එකතු නොකරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 නුඹ භාර්යාවකට විවාහ බස් දෙන නුමුත් අනිකෙක් ඈ සමඟ සයනයකරන්නේය. නුඹ ගෙයක් ගොඩනගන නුමුත් එහි නොවසන්නෙහිය. නුඹ මිදිවත්තක් වවන නුමුත් ඒකේ ඵල භුක්තිනොවිඳින්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 28:30
19 හුවමාරු යොමු  

ඔබ දුප්පතුන් පාගාදමා, ඔවුන්ගෙන් අධික ධාන්‍ය කොටසක් බලයෙන් ගන්නහු ය. ඒ නිසා ඔබ කැපූ ගලින් තනාගත් මන්දිරවල වාසය කරන්නේ වත්, වගා කළ සරු මිදි වතුවලින් මිදියුස බොන්නේ වත් නැත.


එබැවින් ඔවුන්ගේ භාර්යාවන් අන්‍යයන්ට ද ඔවුන්ගේ කෙත් ඒවා අල්ලාගන්න අයට ද දෙන්නෙමි. මන්ද, ලොකු කුඩා අය සැවොම අයුතු ලාභ ගැනීමට කෑදර වෙති; දිවැසිවරුන් පටන් පූජකයන් දක්වා සියල්ලෝ ම වංචාකම් කරති.


මාගේ ම බිරිඳ අන් කෙනෙකුට බැල මෙහෙවර කරා වා! අන් පුරුෂයෝ ඇය සමඟ සයනය කරත් වා!


ඔවුන්ගේ වස්තුව කොල්ලකනු ලැබේ; ඔවුන්ගේ ගෙවල් පාළුකරනු ලැබේ; ඔවුන් ගෙවල් ගොඩනඟන නමුත්, ඒවායේ වාසය කරන්නේ වත් මිදි වතු වවන නමුත්, ඒවායින් මිදියුස බොන්නේ වත් නැත.”


නුඹලා වපුරන නමුත්, අස්වැන්න කපා නොගන්නහු ය. ඔලීව පල මඩින නමුත්, තෙල ඇඟ ගල්වා නොගන්නහු ය. මිදි පල මිරිකන නමුත්, මිදියුස නොබොන්නහු ය.


බොරු දිවිරීම ද බොරු කීම ද මිනීමැරීම ද සොරකම ද කාමමිථ්‍යාචාරය ද මිස වෙන කිසිවක් නැත. ඇත්තේ ලේ වැගිරීම් පිට ලේ වැගිරීම් ය.


අපේ උරුමය අන්‍යයන්ටත්, අපේ ගෙවල් විදේශීන්ටත් අයිති වී තිබේ.


මාගේ සෙනඟ තිරිඟු වපුළ නමුත්, කටු ගස් කපාගත්හ; බොහෝ වෙහෙස වූ නමුත්, ඔව්හු ප්‍රතිඵල නොලැබූ හ. සමිඳුන්ගේ බලවත් උදහස නිසා ඔවුන්ගේ අස්වැන්න නිෂ්ඵල වී ඇත.”


සිරකරුවන් හට සොහොනෙහි සාමය ඇත; අණ දෙන නිලධාරීන්ගේ කට හඬ දැන් ඇසෙන්නේ නැත.


ඔබ බලා සිටිය දී ඔබේ ගොනා මරනු ලබන නමුත්, ඔබ උගේ මස් නොකන්නහු ය. ඔබ බලා සිටිය දී ඔබේ කොටළුවා බලහත්කාරයෙන් පැහැරගනු ලබන්නේ ය; ඔබට ආපසු ඌ නොලැබෙනු ඇත. ඔබේ බැටළුවෝ සතුරන් විසින් පැහැරගනු ලබන්නෝ ය. ඔබට උදව් දීමට කිසිවෙක් නොවන්නේ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹට විරුද්ධ ව නුඹේ ම පවුලෙන් විපත්තිය උපදවා, නුඹේ ඇස් ඉදිරියෙහි නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වැසියෙකුට දෙන්නෙමි. ඔහු එළිමහනෙහි නුඹේ භාර්යාවන් සමඟ සේවනයේ යෙදෙන්නේ ය.


ඔවුන්ගේ ගෙවල් ද වතුපිටි ද භාර්යාවන් ද අන්‍යයන්ට අයිති වනු ඇත. මේ දේශයේ සිටින සෙනඟට මම දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


ඔහු වැර වීරියෙන් ලබාගත් දේ භුක්ති නොවිඳ ඒවා ආපසු දෙන්නේ ය. ඔහු තම වැඩ කටයුතුවලින් ලබා ගත් ප්‍රතිඵලවල රස නොවිඳින්නේ ය.


සමිඳාණෝ, සුරත තබා, බාහු බලය මෙහෙයවා, පොරොන්දුවක් දෙමින්, “සැබැවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි. නුඹ දහඩිය මහන්සියෙන් ලබාගත් මිදියුස විදේශීහු නොලබන්නෝ ය.


සියොන්හි ස්ත්‍රීහුත්, ජුදාහි නගරවල කන්‍යාවෝත් බලහත්කාරකම් කරනු ලැබූ හ.


අත්තික්කා ගස පල නොදැරුවත්, මිදි වැල්වල පලදාව නොතිබුණත්, ඔලීව ගසේ පල හට නොගත්තත්, කෙත්වලින් අස්වැන්නක් නොලැබුණත්, ගාලෙන් බැටළු රැළ නැති වී ගියත්, ගව හල් සියල්ල හිස් ව ගියත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්