Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 26:16 - Sinhala New Revised Version

16 මම ද නුඹලාට මේ දේ කරමි. නුඹලා අන්ධ කරවන, ජරාවට පත් කරවන මහත් ව්‍යසන වන භීතිය, අසාධ්‍ය ලෙඩ රෝග හා උණ සන්නිපාත නුඹලා වෙත පමුණුවන්නෙමි. නුඹලා බීජ වපුරන නමුත් ඒවා නිෂ්ඵල වනු ඇත. නුඹලාගේ සතුරෝ ඒවා කාදමන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 මම ද නුඹලාට මේ දේ කරමි. නුඹලා අන්ධ කරවන, ජරාවට පත් කරවන මහත් ව්‍යසන වන භීතිය, අසාධ්‍ය ලෙඩ රෝග හා උණ සන්නිපාත නුඹලා වෙත පමුණුවන්නෙමි. නුඹලා බීජ වපුරන නමුත් ඒවා නිෂ්ඵල වනු ඇත. නුඹලාගේ සතුරෝ ඒවා කාදමන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 මමද නුඹලාට මෙසේ කරන්නෙමි: මම නුඹලා කෙරෙහි භය එනම් ඇස් ක්ෂය කරන්නාවූ, ප්‍රාණය හීනකරන්නාවූ, ක්ෂයරෝගයද උණද පමුණුවන්නෙමි. නුඹලා නිෂ්ඵලයේ බීජ වපුරන්නහුය, මක්නිසාද නුඹලාගේ සතුරෝ ඒවා කන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 26:16
35 හුවමාරු යොමු  

“දේශයෙහි සාගතයක් හෝ වසංගතයක් හෝ ගොයම් වියළී යාම හෝ ගොයම් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් හෝ ඇති වූ විට ද ඔවුන්ගේ දේශයේ නගරවල ඔවුන් සිටින විට ඔවුන්ගේ සතුරන් ඔවුන් වැටලූ අවස්ථාවක දී, යම්කිසි පීඩාවක් හෝ රෝගයක් හෝ ඇති වූ විට ද


භීතිය සැම’ තින් ඔහු බිය ගන්වයි; ඔහුගේ පාද ළඟින් ම එය ඔහු ලුහුබැඳ එයි.


ඊතලය ඔහුගේ සිරුර පසා කර, එහි දිළිසෙන තුඩ ඔහුගේ පිත්තාශයෙන් පිට කරන්නේ ය. භීතිය ඔහුගේ හදවත විනිවිද යයි.


මා වවන දෙයෙහි පලදාව අනිකෙක් අනුභව කරා වා! මාගේ කෙතේ අස්වැන්න නැති නාස්ති වේ වා!


මාගේ සතුරාට විරුද්ධ ව කුරිරු විනිශ්චයකරුවෙකු පත් කළ මැනව. ඔහුගේ ම සතුරෙකු පැමිණිලිකරුවෙකු මෙන් ඉදිරිපත් කළ මැනව.


ඔව්හු සැණෙකින් වැනසී යන්නෝ ය. තැතිගෙන අන්ත විනාශයට ම වැටී යන්නෝ ය.


එබැවින් එතුමාණෝ ඔවුන්ගේ ජීවිත කාලය හුමාලයක් මෙන් නැතිවන්න සැලැසූ සේක. ඔවුන්ගේ ආයු කාලය බියෙන් ගෙවී යන්න සැලැසූ සේක.


උන් වහන්සේ ඔවුන් අමතමින්, “නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන් දී උන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි ව තිබෙන දේ කොට, උන් වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන් වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නෙහි නම්, මිසර වාසීන් පිට මා පැමිණවූ ලෙඩ රෝග එකක් වත් නුඹලා පිට නොපමුණුවමි. මන්ද, නුඹලාට සුවය දෙන සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.


දුදනන්ගේ මන්දිර මත සමිඳුන්ගේ සාපය වැටෙනු ඇත; සුදනන්ගේ නිවෙස්වලට එතුමාණෝ ආසිරි දෙන සේක.


නුඹලා යුද්ධයේ දී මැරුම් කන්නහු ය. නැත්නම්, සිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය. මේ සියල්ල ම සිදු වුවත් සමිඳුන්ගේ උදහස සංසිඳී නැත. දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.


සමිඳාණෝ, සුරත තබා, බාහු බලය මෙහෙයවා, පොරොන්දුවක් දෙමින්, “සැබැවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි. නුඹ දහඩිය මහන්සියෙන් ලබාගත් මිදියුස විදේශීහු නොලබන්නෝ ය.


සිරියාවේ හමුදා ඉශ්රායෙල් දේශයට පිවිස සිටින බව ජුදාවේ රජුට දන්වන ලදී. එවිට රජ ද සෙනඟ ද සුළඟට සැලෙන ගස් මෙන් චංචල වූ හ.


මාගේ සෙනඟ තිරිඟු වපුළ නමුත්, කටු ගස් කපාගත්හ; බොහෝ වෙහෙස වූ නමුත්, ඔව්හු ප්‍රතිඵල නොලැබූ හ. සමිඳුන්ගේ බලවත් උදහස නිසා ඔවුන්ගේ අස්වැන්න නිෂ්ඵල වී ඇත.”


ඔවුන් විනාශ කිරීමට මාරක සතරක් ස්වාමීන් වන මා නියම කර ඇත. එනම්, මරාදමන පිණිස කඩුව ද ඉරාදමන පිණිස බල්ලෝ ද කාදමා නැති කරන පිණිස අහසේ පක්ෂීහු හා පොළොවේ මෘගයෝ ද යන සතර ය.


මම වැන්දඹුවන්ගේ ගණන මුහුදේ වැලිවලටත් වඩා වැඩි කෙළෙමි. ජීවිතයේ ඉර මුදුන් වේලාවේ මම නුඹලාගේ තරුණයන්ගේ මවුවරුන්ට සිත් වේදනාව ද භීතිය ද හදිසියේ ඇති වන්නට සැලසුවෙමි.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරා ඇත: මම නුඹත්, නුඹේ මිත්‍රයනුත් අධික භීතියකට පත්වන්නට සලස්වන්නෙමි. ඔව්හු තමන්ගේ සතුරන්ගේ කඩුවෙන් මැරුම් කන්නෝ ය. නුඹ එය නුඹේ ම ඇස්වලින් දකින්නෙහි ය. මම මුළු ජුදා දේශය බබිලෝනි රජුගේ අතට පාවා දෙන්නෙමි. ඔහු ඔවුන් බබිලෝනියට ගෙන ගොස් කඩුවෙන් මරන්නේ ය.


ඔවුන් ඔබේ පුත්‍රයන් ද දූවරුන් ද ඔබේ අස්වැන්න ද ඔබේ ආහාර ද කාදමනු ඇත; ඔබේ බැටළුවන් ද ගවයන් ද කාදමනු ඇත; ඔබේ මිදි වැල් ද අත්තික්කා ගස් ද කාදමනු ඇත. ඔබේ විශ්වාසය තබා ඇති ඔබේ බලකොටු නගර ඔවුන් කඩුවෙන් නටබුන් කරනු ඇත.


නුඹලාගේ ජටාව නුඹලාගේ හිස්වල ද නුඹලාගේ පා වහන් නුඹලාගේ පාදවල ද වන්නේ ය. නුඹලා විලාප කියන්නේ වත්, අඬන්නේ වත් නැත; නුඹලාගේ අයුතුකම්වලින් නුඹලා ක්ෂය වී ගොස්, එකිනෙකා දෙස බලා සුසුම්ලනු ඇත.


සමිඳාණන් වහන්සේ තවදුරටත් මෙසේ වදාළ සේක: “තවද, මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයට මෙසේ කියන්න: ‘අපේ වරද සහ අපේ පාප ද අප කෙරෙහි තිබී, අප එයින් ක්ෂය වී යද්දී, අප ජීවත් වන්නේ කොහොම දැ’යි නුඹලා කියන්නහු ය.


ඔබ දුප්පතුන් පාගාදමා, ඔවුන්ගෙන් අධික ධාන්‍ය කොටසක් බලයෙන් ගන්නහු ය. ඒ නිසා ඔබ කැපූ ගලින් තනාගත් මන්දිරවල වාසය කරන්නේ වත්, වගා කළ සරු මිදි වතුවලින් මිදියුස බොන්නේ වත් නැත.


නුඹලා වපුරන නමුත්, අස්වැන්න කපා නොගන්නහු ය. ඔලීව පල මඩින නමුත්, තෙල ඇඟ ගල්වා නොගන්නහු ය. මිදි පල මිරිකන නමුත්, මිදියුස නොබොන්නහු ය.


නුඹලා බොහෝ සේ වපුළ නමුත්, ලබාගත් අස්වැන්න සුළු ය. කන නමුත් තෘප්තියක් නුඹලාට නැත; බොන නමුත්, සෑහීමක් නැත. අඳින නමුත්, උණුසුමක් නැත. මුදල් හම්බ කරන්නා එය හම්බ කරන්නේ හිල් ඇති පසුම්බියකට දමන්නට ය.


ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන සකල ජාතීන් කෙරෙහි වසංගතයක් සමිඳාණන් වහන්සේ පමුණුවන සේක. ඔවුන් සිටගෙන සිටිය දී ඔවුන්ගේ මාංස කුණු වී යන්නේ ය. ඔවුන්ගේ ඇස් ද දිව් ද ජරාපත් වන්නේ ය.


මම නුඹලාගේ දරු සම්පත වළක්වන්නෙමි. නුඹලාගේ මුහුණු පිට කසළ එනම්, මංගල්‍ය පූජා පිණිස ගෙනෙන සතුන්ගේ කසළ තවරා, ඒ සමඟ නුඹලා ඉවතට හෙළන්නෙමි.


ඔව්හු ඔබ වැනසී යන තුරු ඔබේ ගොවිසම්පත ද ගෙවතුවල පලදාව ද කාදමන්නෝ ය. ඔබට ධනධාන්‍ය හෝ මිදියුස හෝ තෙල් හෝ එළු බැටළු පැටවුන් හෝ ගව පට්ටි හෝ ඉතිරි නොකරන්නෝ ය.


වීදිවල යුද්ධය ඇති වෙයි; ගෙවල භීතිය ඇති වෙයි. තරුණ තරුණියෝ නැසී යති; කිරි දරුවෝ ද මහල්ලෝ ද වැනසී යති.


ජීවමාන දෙවියන් වහන්සේගේ අත්වලට අසු වීම භයංකර දෙයකි.


සමිඳාණන් වහන්සේගේ දූතයා පැමිණ අබියෙශ්‍රීය ජෝවාෂ්ට අයත් ඔප්‍රාහි තිබෙන ආලෝන අරඹ යට හිඳ ගත්තේ ය. ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඬිමින් සිටියේ ය.


එසේ වූවත් මට පූජකයෙකු ලෙස සේවය කරන පිණිස නුඹේ පරපුරෙන් එක් කෙනෙකු මම ඉතිරි කරගනිමි. එහෙත්, ඔහු අන්ධ වන්නේ ය; ඔහුගේ සියලු බලාපොරොත්තු නැති වී යන්නේ ය. නුඹේ වංශයෙන් පැවතෙන සියල්ලන් කඩු පහරින් මැරෙනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්