යෙසායා 59:3 - Sinhala New Revised Version නුඹලාගේ අත්වල ලේ තැවරී ඇත. නුඹලාගේ ඇඟිලි අපරාධවලින් කිළුටු වී ඇත; තොල්වලින් නුඹලා බොරු කියා ඇත; දිවෙන් නුඹලා නපුරු දේ පවසා ඇත. Sinhala New Revised Version 2018 නුඹලාගේ අත්වල ලේ තැවරී ඇත. නුඹලාගේ ඇඟිලි අපරාධවලින් කිළුටු වී ඇත; තොල්වලින් නුඹලා බොරු කියා ඇත; දිවෙන් නුඹලා නපුරු දේ පවසා ඇත. Sinhala Revised Old Version මක්නිසාද නුඹලාගේ අත් ලෙයින්ද නුඹලාගේ ඇඟිලි අපරාධකමෙන්ද කිලුටුවී තිබේ; නුඹලාගේ තොල් බොරු කීවේය, නුඹලාගේ දිව් දුෂ්ටකම් නික්මවන්නේය. |
මට අයැදින පිණිස නුඹලා අත් ඔසවන කල එය නොදකින ලෙස මම මාගේ ඇස් වසාගන්නෙමි. නොකඩවා යාච්ඤා කළත් කිසිසේත් සවන් නොදෙන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී ඇත.
අහෝ, විශ්වාසවන්ත ව සිටි නුවර දැන් වෙසඟනක වී සිටින හැටි! එදා එහි සිටියෝ යුක්තිය ඉටුකළ දැහැමියෝ ය; අද සිටින්නෝ මිනීමරුවෝ ය.
ඔබ මරණය සමඟ ගිවිසුමක් කර ඇතැ යි ද පාතාල ලෝකය සමඟ එකඟත්වයකට පත්වී ඇතැ යි ද පාරට්ටු කරගන්නහු ය. ඔබේ ආරක්ෂාව සඳහා ඔබ බොරුවත්, වංචාවත් කෙරෙහි විශ්වාසය තබා ඇති බැවින් විපත්ති පැමිණෙන විට එයින් ඔබ බේරෙනු ඇතැ යි ඔබ සිතන්නහු ය.
සැබැවින් ම ජෙරුසලම නැති නාස්ති වී ඇත. ජුදා වැටී ඇත. කුමක් නිසා ද ඔවුන් කරන කියන හැම දේ සමිඳුන්ට විරුද්ධ වේ. ඔව්හු දෙවිඳුන්ගේ මහිමය හෙළා දකිති.
ඔව්හු හැම වේලේ ම දෙවිඳුන්ට විරුද්ධ ව කැරලි ගසති; හැම වේලේ ම බොරු කියති; හැම වේලේ ම සමිඳුන්ගේ ඉගැන්වීම්වලට සවන් දෙන්න අකමැති වෙති.
ඔහු කරන දේ ගඟට ඉණි කැපීමක් වැන්න. ඔහු රැවටී, මුළා වී සිටින බැවින්, ඔහු අතින් අල්ලාගෙන සිටි දේව රූපය කිසි සේත් දෙවි කෙනෙකු නොවන බව ඔහුට තේරුම්ගත නොහැකි ය.
අපි ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබ ප්‍රතික්ෂේප කර අපේ දෙවිඳුන්ගේ මාර්ගයෙන් හැරී ගියෙමු. අපි අනුන්ට පීඩා කර ඔබට විරුද්ධ ව කැරලි ගැසීමු. අපේ සිතුවිලි වංක ය; අපේ වචන බොරු ය.
එවිට මම මෙසේ කීමි: “අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.”
හිස යන්නෙන් අදහස් කරන්නේ වයස්ගත ගරුකටයුතු අය ය; වල්ගය යන්නෙන් අදහස් කරන්නේ මුසාවාදී දිවැසිවරු ය.
මා නුඹලාගේ දරුවන්ට දඬුවම් කළ නමුත්, එයින් යහපතක් නො වී ය. නුඹලා දැනුමැතිකම් පිළිගන්නේත් නැත. වනසාදමන සිංහයෙකු සේ ඔව්හු කඩුවෙන් දිවැසිවරුන් මරාදැමූ හ.
එහෙත්, නුඹේ නෙතත්, සිතත් ආත්මාර්ථයට පමණක් යොමු වී ඇත. නුඹ අහිංසකයන් මරන්නෙහි ය; සෙනඟට සැහැසිකම් හා පීඩා කරන්නෙහි ය. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.”
අහෝ! මාගේ සෙනඟ අත්හැර මා ඔවුන්ගෙන් ඈත් වී සිටින්නට මට පාළුකරයෙහි වාසස්ථානයක් ඇත්නම්! මාගේ සෙනඟ කාමමිථ්‍යාචාරිකයෝ ය; ද්‍රෝහිකාර පිරිසක් ය.
මේ නිසා සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම ඔවුන් ලෝහ මෙන් උණු කර, පිරිසිදු කර පරීක්ෂා කර බලන්නෙමි. මාගේ සෙනඟ සම්බන්ධයෙන් මම වෙන කුමක් කරම් ද?
“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලා නිෂ්ඵල දේ කියන්නටත්, බොරු දර්ශන දකින්නටත් යෙදුණ නිසා, මෙන්න, මම නුඹලාට විරුද්ධ ව සිටිමි.
“මනුෂ්‍ය පුත්‍රය, නුඹ විනිශ්චය කරන්න සූදානම් ද? ලෙයින් පිරි නගරය විනිශ්චය කරන්න, නුඹ සූදානම් ද? එසේ නම් ඇගේ සෑම පිළිකුල් ක්‍රියා ඈට දන්වමින් මෙසේ කියන්න:
මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ වදාරන්නෙමි: මම නුඹ මරණයට සූදානම් කරන්නෙමි; මරණය නුඹ ලුහුබැඳ එන්නේ ය. නුඹ මිනී මැරීමට විරුද්ධ නොවූ බැවින් මරණය නුඹ ලුහුබැඳ එන්නේ ය.
“සියල්ල වියවුල් ය. මන්ද, දේශය මිනීමැරීමේ අපරාධයෙන් පිරී තිබේ. නුවරත් බලහත්කාරකම්වලින් පිරී තිබේ.
එවිට උන් වහන්සේ උත්තර දෙමින්, “ඉශ්රායෙල් සහ ජුදා සෙනඟගේ අපරාධ ඉමහත් ය; දේශය ලෙයින් පිරී තිබේ. නුවර ද අයුක්තියෙන් පිරී තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ දේශය අත්හැරිය සේක’ කියා ද ‘උන් වහන්සේ නොදක්නා සේක’ කියා ද ඔව්හු කියති.
බොරු දිවිරීම ද බොරු කීම ද මිනීමැරීම ද සොරකම ද කාමමිථ්‍යාචාරය ද මිස වෙන කිසිවක් නැත. ඇත්තේ ලේ වැගිරීම් පිට ලේ වැගිරීම් ය.
“ඔවුන් මාගෙන් පලා ගිය නිසා, ඔවුන්ට වන විපතක මහත! ඔවුන් මට විරුද්ධ ව කැරලිගැසූ නිසා ඔවුන්ට වන විනාශයක මහත! මම ඔවුන් මුදාගන්න කැමැති වීමි; එහෙත්, ඔව්හු මට විරුද්ධ ව බොරු කී හ.
එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට මොරගසන්නෝ ය. එහෙත්, උන් වහන්සේ ඔවුන්ට පිළිතුරු නොදෙන සේක. බොහෝ නපුරු ක්‍රියා කර තිබෙන බැවින් උන් වහන්සේ ඒ කාලයේ දී ඔවුන් දෙස නොබලන සේක.
දේශයේ කිසි ම අවංක මිනිසෙකු වත්, දේව භක්තිය ඇති කෙනෙකු වත් ඉතිරි වී නැත. සෑම දෙනා ම මිනීමැරීමට බලා සිටිති. එක එකා තම තමාගේ සහෝදරයා දැලකින් අසු කරගන්නට මාන බලයි.
“නිදොස් කෙනෙකු මරණයට පාවා දීමෙන් මම පව් කෙළෙමි”යි කී ය. එහෙත් ඔව්හු, “එයින් අපට කමක් නැත, ඔබ ම එය බලාගන්නැ”යි කී හ.