Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 9:2 - Sinhala New Revised Version

2 අහෝ! මාගේ සෙනඟ අත්හැර මා ඔවුන්ගෙන් ඈත් වී සිටින්නට මට පාළුකරයෙහි වාසස්ථානයක් ඇත්නම්! මාගේ සෙනඟ කාමමිථ්‍යාචාරිකයෝ ය; ද්‍රෝහිකාර පිරිසක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 අහෝ! මාගේ සෙනඟ අත්හැර මා ඔවුන්ගෙන් ඈත් වී සිටින්නට මට පාළුකරයෙහි වාසස්ථානයක් ඇත්නම්! මාගේ සෙනඟ කාමමිථ්‍යාචාරිකයෝ ය; ද්‍රෝහිකාර පිරිසක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 අහෝ මාගේ සෙනඟ අත් හැර ඔවුන් වෙතින් යන පිණිස ගමන් කාරයන්ගේ නවාතැනක් කාන්තාරයෙහි මට ඇත්නම්! මක්නිසාද ඔවුන් සියල්ලෝම කාමමිථ්‍යාචාරිකයෝය, ද්‍රෝහිකාරසභාවක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 9:2
24 හුවමාරු යොමු  

නුඹලාගේ අත්වල ලේ තැවරී ඇත. නුඹලාගේ ඇඟිලි අපරාධවලින් කිළුටු වී ඇත; තොල්වලින් නුඹලා බොරු කියා ඇත; දිවෙන් නුඹලා නපුරු දේ පවසා ඇත.


ඔබට මාගේ නඩුව ඉදිරිපත් කරන විට, සමිඳුනි, ඔබ සාධාරණය, යුක්තිය පිළිබඳ කරුණු ගැන ඔබෙන් ප්‍රශ්න කරන්නට කැමැත්තෙමි. දුදනන්ට සැප සම්පත් අත්වන්නේ මන් ද? ද්‍රෝහීන් සඵල වන්නේ මන් ද?


නුඹේ සහෝදරයෝ, නුඹේ ම පවුලේ අය, නුඹට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය. ඔව්හු නුඹ ප්‍රසිද්ධියේ විවේචනය කළෝ ය. ඔවුන් නුඹ සමඟ හොඳින් කතා කළත් ඔවුන් විශ්වාස නොකරන්න.”


ඔබට මෙසේ සිදු වන්නේ මන්දැ යි, ඔබේ ඇඳුම් ගලවාදැමූ විට ඔබට නින්දාවක් නැත්තේ මන්දැ යි ඔබ මෙනෙහි කර බැලූ විට ඔබේ අපරාධ ඉමහත් නිසා යයි ඔබට පෙනී යනු ඇත.


මන්ද, දේශය කාමමිථ්‍යාචාරිකයන්ගෙන් පිරී ඇත; සාපයක් නිසා දේශය වැලපෙයි; පාළුකරයේ තණ බිම් වියළී ඇත; ඔවුන්ගේ හැසිරීම නපුරු ය. ඔව්හු සිය බලය වැරදි ලෙස භාවිත කරති.


සමිඳාණන් වහන්සේ කතා කොට, “මාගේ සෙනඟ අඥාන ය; ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවන් වැනි ය; ඔවුන්ට කිසි තේරුමක් නැත; නපුරු දේ කිරීමට ඔව්හු දක්ෂ ය, එහෙත්, යහපත කිරීමට ඔව්හු නොදනිති”යි වදාළ සේක.


ජෙරුසලම් ජනයෙනි, වීදිවල ඔබමොබ දුව ගොස් බලන්න; ප්‍රසිද්ධ තැන්වල සොයා දැනගන්න. යුක්තිය කරන, සත්‍යය සොයන එක ද මිනිසෙක් වත් ඇද්දැ යි සොයා බලන්න. එවැන්නෙක් ඇත්නම්, සමිඳාණන් වහන්සේ ජෙරුසලමට කමා වනු ඇත.


ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය මට විරුද්ධ ව බොහෝ සේ ද්‍රෝහිකම් කර ඇත. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.”


ඔවුන්, ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන නමුත්, ඇත්තෙන් ම ඔවුන් දිවුරන්නේ බොරුවට ය.


බොරු දිවිරීම ද බොරු කීම ද මිනීමැරීම ද සොරකම ද කාමමිථ්‍යාචාරය ද මිස වෙන කිසිවක් නැත. ඇත්තේ ලේ වැගිරීම් පිට ලේ වැගිරීම් ය.


ඔව්හු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කළහ. අවජාතක දරුවෝ ඔවුන්ට ඉපදී සිටිති. එබැවින් විනාශකයා ඔවුන්ගේ වතුපිටි සමඟ ඔවුන් විනාශ කරන්නේ ය.


“ඉශ්රායෙල් සෙනඟ සමඟ අද්මා නම් ස්ථානයේ දී මා කළ ගිවිසුම ඔව්හු කඩ කළෝ ය. ඔව්හු මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය.


ඔව්හු සියල්ලෝ ම කාමමිථ්‍යාචාරය කරන්නෝ ය. ඔව්හු වනාහි පාන් පුළුස්සන්නා රත් කළ, ඇනූ පිටි පිපෙන තුරු ගිනියම් වෙමින් පවතින ගිනි උදුනට සමාන ය.


ධනපතීහු දුප්පතුන් සූරා කති. එහි වැසියෝ බොරු කියති. ඔවුන්ගේ කතාව වංචනික ය.


එහි සිටින දිවැසිවරයෝ අහංකාර ද්‍රෝහි මනුෂ්‍යයෝ ය. පූජකයෝ ශුද්ධ දේ කෙලෙසති; ව්‍යවස්ථාව තමන්ගේ වාසියට පෙරළා ගනිති.


ජුදාහි සෙනඟ දෙවියන් වහන්සේට ඔවුන් දුන් පොරොන්දුව කඩ කර, ඉශ්රායෙල්හි ද ජෙරුසලමේ ද භයානක පිළිකුල් ක්‍රියා කර ඇත. දෙවියන් වහන්සේ ප්‍රේම කරන ශුද්ධස්ථාන පූජා කෙලෙසා ඇත. ඔව්හු විදේශීය දෙවිවරුන්ට නමස්කාර කරන ස්ත්‍රීන් සරණ පාවාගෙන සිටිති.


උන් වහන්සේ ඔබේ පූජාවන් නොපිළිගන්නේ මන්දැ යි ඔබ අසන්නහු ය. එයට හේතුව, ඔබ තරුණ කාලයෙහි විවාහ කරගත් භාර්යාවට දුන් පොරොන්දුව කඩ කර තිබෙන බව උන් වහන්සේ දැනගෙන සිටීම ය. ඔබේ සහකාරී වූ ඈට පක්ෂපාත ව සිටින බවට දෙවියන් වහන්සේට ඔබ පොරොන්දු වූ නමුත් ඈට දුන් පොරොන්දුව ඔබ කඩ කර ඇත.


අවිශ්වාසී ජනයෙනි, ලෝකය සමඟ මිතුරුකම, දෙවිඳුන් සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද් ද? එබැවින් කවරෙක් වුවත් ලෝකය හා මිත්‍ර වන්නට කැමැත්තේ නම්, ඔහු දෙවිඳුන්ට සතුරෙක් වන්නේ ය.


ඒ මුළු පරම්පරාව ද මියගොස් ඔවුන්ගේ පියවරුන්ගේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබූ හ. ඔවුන්ට පසු නැඟී ආ පරම්පරාව සමිඳාණන් වහන්සේ වත්, ඉශ්රායෙල් උදෙසා උන් වහන්සේ කළ ක්‍රියා වත් නොදත්තෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්