එවිට මිහිකත සෙලවී කම්පා වූවා ය; කඳුවල පදනම් දෙදරා සෙලවුණේ ය; මන්ද, එතුමාණෝ උදහස් වූ සේක.
යෙසායා 42:15 - Sinhala New Revised Version මම කඳු හා හෙල් පාළු කර, එහි සියලු පලා ජාති වේළී යන්න සලස්වන්නෙමි. ගංගා වැලිකතර කරන්නෙමි. සියලු පොකුණු හිඳී යන්න සලස්වන්නෙමි. Sinhala New Revised Version 2018 මම කඳු හා හෙල් පාළු කර, එහි සියලු පලා ජාති වේළී යන්න සලස්වන්නෙමි. ගංගා වැලිකතර කරන්නෙමි. සියලු පොකුණු හිඳී යන්න සලස්වන්නෙමි. Sinhala Revised Old Version මම කඳු සහ හෙල් පාළුකර, ඒවායේ සියලු පලාජාති වියළවන්නෙමි, ගංගා ගොඩකර, පොකුණු හින්දවන්නෙමි. |
එවිට මිහිකත සෙලවී කම්පා වූවා ය; කඳුවල පදනම් දෙදරා සෙලවුණේ ය; මන්ද, එතුමාණෝ උදහස් වූ සේක.
මම නුඹලා මුවහත්, අලුත් දැති ඇති මඬින යන්ත්‍රයක් මෙන් කරන්නෙමි. නුඹලා කඳු මැඬ, පොඩිකර, හෙල් බොල් වී මෙන් කරන්නහු ය.
ගළවන්න මා ආ විට, කිසිවෙකු නොසිටියේත්, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු නුදුන්නේත් මන් ද? ඔවුන් ගළවා ගැනීමට මට ශක්තිය නැද් ද? ඔවුන් මිදීමට මා තුළ බලය නැද් ද? මෙය සිතට ගන්න. මාගේ ආඥාවකින් මුහුද වියළවා යවන්නත්, ගංගාව කාන්තාරයක් බවට හරවන්නත් මට හැකි ය. වතුර නැති නිසා එහි සිටින මසුන් පිපාසයෙන් මැරී ගඳ ගසනු ඇත.
මන්ද, මාගේ උදහසින් ද මාගේ කෝපාග්නියෙන් ද මෙසේ කියමි. සැබැවින් ම ඒ කාලයේ දී ඉශ්රායෙල් රටෙහි මහා කම්පාවක් ඇති වන්නේ ය.
මුහුදේ මත්ස්‍යයෝ ද ආකාශයේ පක්ෂීහු ද වනයේ මෘගයෝ ද භූමියෙහි බඩගාන සියලු ම සත්ත්වයෝ ද භූමිය මතුපිට සිටින සියලු මනුෂ්‍යයෝ ද මා ඉදිරියෙහි වෙවුළන්නෝ ය. කඳු හෙළා දමනු ලබන්නටත්, උස් තැන් වැටෙන්නටත්, සියලු පවුරු බිම වැටෙන්නටත් යෙදෙනු ඇත.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නොබෝ කලකින් මම අහස සහ පොළොවත්, මුහුද සහ ගොඩබිමත් සොලවන්නෙමි. සියලු ජාතීන් ද සොලවන්නෙමි. ඔවුන්ගේ වස්තුව මෙහි ගලා එන්නේ ය.
ඔවුන් විපත්තිය නමැති මුහුද මැදින් යන විට, මම මුහුදේ තරංගවලට පහර දෙන්නෙමි. එවිට නයිල් ගංගාවේ පත්ල වියළී යන්නේ ය. අසිරියාවේ අහංකාරය පහත් කරනු ලබන්නේ ය; මිසරයේ ජයකොන්තය නැති වී යන්නේ ය;
ඒ ඇසිල්ලෙහි ම මහා භූමිකම්පාවක් ඇති විය. නුවරෙන් දසයෙන් කොටසක් බිඳ වැටිණි. භූමිකම්පාවෙන් මනුෂ්‍යයෝ සත් දහසක් මළහ. ඉතිරි අය බියෙන් ඇලළී ස්වර්ගයේ දෙවියන් වහන්සේට ගෞරවය පිරිනැමූ හ.
සවැන්නා තමාගේ පාත්‍රය යුප්‍රටීස් නම් මහා ගංගාව පිට වැගිරෙව්වේ ය. එවිට පෙරදිගින් එන රජවරුන්ට මාර්ගයක් පෑදෙන පිණිස එහි වතුර සිඳී ගියේ ය.
විදුලිය කෙටීම් ද ශබ්ද ද හෙණ හඬ ද විය. මහා භූමිකම්පාවක් ද විය. පොළොවේ මනුෂ්‍යයන් බිහි වූ දා පටන් ඒ සා බලවත්, මහා භූමිකම්පාවක් ඇති නො වී ය.
තවද, විශාල ධවල සිංහාසනයක් ද, එහි වැඩහුන් තැනැන් වහන්සේ ද දිටිමි. උන් වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලා ගියේ ය. ඒවායේ ලකුණක් වත් ඉතිරි නො වී ය.