Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 10:11 - Sinhala New Revised Version

11 ඔවුන් විපත්තිය නමැති මුහුද මැදින් යන විට, මම මුහුදේ තරංගවලට පහර දෙන්නෙමි. එවිට නයිල් ගංගාවේ පත්ල වියළී යන්නේ ය. අසිරියාවේ අහංකාරය පහත් කරනු ලබන්නේ ය; මිසරයේ ජයකොන්තය නැති වී යන්නේ ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඔවුන් විපත්තිය නමැති මුහුද මැදින් යන විට, මම මුහුදේ තරංගවලට පහර දෙන්නෙමි. එවිට නයිල් ගංගාවේ පත්ල වියළී යන්නේ ය. අසිරියාවේ අහංකාරය පහත් කරනු ලබන්නේ ය; මිසරයේ ජයකොන්තය නැති වී යන්නේ ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 විපත්තිය නැමති මුහුද මැදින් එන විට උන්වහන්සේ මුහුදේ රැළවලට ගසනවා ඇත, නයිල් ගංගාවේ සියලු ගැඹුරු තැන්ද හිඳීයනවා ඇත. අෂූර්හි උඩඟුකම පහත්වී, මිසරයේ ජයකොන්තයද පහවෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 10:11
25 හුවමාරු යොමු  

මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම දේව රූප නැති කොට, මෙම්පීස් දේශයේ පිළිම පහකරන්නෙමි. අධිපතියෙකු මිසර දේශයෙන් තවත් නොවනු ඇත. තවද, මම මිසර දේශයෙහි භීතිය හටගන්වන්නෙමි.


නුඹලා ගැඹුරු ජලය මැදින් යන විට මම නුඹලා සමඟ සිටින්නෙමි. නුඹලා ගංගා මැදින් එතෙර වන විට ජලය නුඹලා යට නොකරන්නේ ය. නුඹලා ගිනි මැදින් යන විට දැවී යන්නේ නැත.


සවැන්නා තමාගේ පාත්‍රය යුප්‍රටීස් නම් මහා ගංගාව පිට වැගිරෙව්වේ ය. එවිට පෙරදිගින් එන රජවරුන්ට මාර්ගයක් පෑදෙන පිණිස එහි වතුර සිඳී ගියේ ය.


සමිඳාණන් වහන්සේ සිය බලය මෙහෙයවා උතුරෙහි ඇති අසිරියාව විනාශ කොට, නිනිවය කාන්තාරයක් මෙන් දිය සීරාව නැති පාළුකරයක් කරනු ඇත.


ඉතා ගැඹුරු මහ මුහුද හින්දවා, මිදීම ලත් සෙනඟට එතෙර වීමට ගැඹුරු මුහුදේ මාර්ගයක් සැදුවේත් ඔබ නොවන සේක් ද?


මාගේ ඉශ්රායෙල් දේශයේ මම අසිරියන්වරුන් විනාශ කොට මාගේ කඳු පිට ඔවුන් පයින් පාගාදමන්නෙමි. මාගේ සෙනඟ අසිරියාවේ වහල්කමෙන් ද ඔවුන් පිට පටවන ලද බරෙන් ද නිදහස් කරන්නෙමි.


එම්බා රතු මුහුද! නුඹ පලා යන්නේත්, ජොර්දාන් ගඟ, නුඹේ ගැලීම නැවතුණේත් නුඹලාට කුමක් සිදු වූ නිසා ද?


රතු මුහුද එය දැක පලා ගියා ය; ජොර්දාන් ගඟ ආපසු ගලා යෑම නැවතුණේ ය.


ඔව්හු මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් හරසරින් පැවැත්වූ හ. මන්ද, දෙවියන් වහන්සේගේ එනම්, ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩට ඔවුන් දිරි ගන්වන අසිරියාවේ රජුගේ සිත ඔවුන්ට ප්‍රියමනාප වන ලෙස වෙනස් කිරීමෙන් සමිඳාණන් වහන්සේ ඔවුන් ප්‍රීතියෙන් පිනවූ සේක.


ඉන්පසු එලිෂා ජොර්දානය අද්දර සිට, එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන, “එලියාගේ දෙවි සමිඳාණන් වහන්සේ කොතැන ද,” කියා වතුරට ගැසී ය. ඔහුත් වතුරට ගැසූ විට එය දෑතට බෙදී ගියේ ය. එලිෂා එගොඩ විය.


එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන, අකුළා වතුරට ගැසී ය. වතුර දෑතට බෙදී ගියේ ය. ඒ දෙදෙනා වියළි බිම පිට එගොඩ වූ හ.


සමිඳුනි, පිබිදෙන්න; අපට පිහිට වන්න. අතීත පරපුරේ සමයයන්හි මෙන් අවදි වන්න. පුරාණයේ දී ඔබ කළාක් මෙන් ඔබේ බලවත් හස්තයෙන් අප ගළවාගන්න. රාහාබ් නම් දිය රකුසා ද මකරා ද කෑලිවලට කැපුවේ ඔබ නොවන සේක් ද?


දෙවියන් වහන්සේ නෝවා ද, ඔහු සමඟ නැවේ සිටි සියලු වන මෘගයන් හා ගවමහිෂයන් ද සිහි කර, පොළොව මත සුළඟක් හමන්නට සැලැසූ සේක. ගංවතුර ක්‍රමයෙන් බැස ගියේය.


සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට දඬුවම් කරන්න අත ඔසවා ඇති බව ඔවුන් දුටු විට, මිසරයේ සෙනඟ ස්ත්‍රියක මෙන් බයාදුකමින් තැති ගැනී වෙවුළන්නෝ ය.


මාගේ වචනයේ බලයෙන් මුහුද වියළී යන්නේ ය. ‘වියළී යව’යි මුහුදට අණ කරන්නේත් මම ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්