එවැනි ඊගසින් පිරුණු කොපුව ඇති මිනිසා වාසනාවන්තයෙකි. ඔව්හු උසාවියේ දී සතුරන් සමඟ නඩු කියන විට පරාජයට පත් නොවන්නෝ ය.
යෙසායා 29:21 - Sinhala New Revised Version අනුන්ට වචනයෙන් නින්දා කරන අය ද අපරාධකාරයන් ලැබිය යුතු දඬුවමින් ඔවුන් වළක්වන අය ද අවංක අයට යුක්තිය නොලැබෙන සේ බොරු කියන අය ද දෙවිඳාණෝ විනාශ කරන සේක. Sinhala New Revised Version 2018 අනුන්ට වචනයෙන් නින්දා කරන අය ද අපරාධකාරයන් ලැබිය යුතු දඬුවමින් ඔවුන් වළක්වන අය ද අවංක අයට යුක්තිය නොලැබෙන සේ බොරු කියන අය ද දෙවිඳාණෝ විනාශ කරන සේක. Sinhala Revised Old Version ඔව්හු යම් කාරණයකදී මනුෂ්‍යයන් වරදටම පත්කොට දොරටුවේදී අවවාදකරන්නාට මලපතක් තබති, ප්‍රයෝගයෙන් ධර්මිෂ්ඨයාගේ යුක්තියද පෙරළති. |
එවැනි ඊගසින් පිරුණු කොපුව ඇති මිනිසා වාසනාවන්තයෙකි. ඔව්හු උසාවියේ දී සතුරන් සමඟ නඩු කියන විට පරාජයට පත් නොවන්නෝ ය.
මාගේ සෙනඟ පීඩනයට පමුණුවන නියමයන් නිකුත් කරන පිණිස අයුතු නීති පනවන නුඹලාට වන විපතක මහත!
ඔහු දුෂ්ට උපා යොදයි; බොරුවෙන් දුප්පත් අය විනාශ කරන්නත්, ඒ අයගේ අයිතිවාසිකම් ඔවුන්ගෙන් වළක්වන්නත් ඔහු උපා යොදයි.
නපුරට යහපත කියා ද යහපතට නපුර කියා ද කියන, එළිය අඳුරු බවටත් අඳුර එළිය බවටත් හරවන මිහිර තිත්ත බවටත් තිත්ත මිහිර බවටත් හරවන ඔබට වන විපතක මහත!
සැබෑකම දක්නට නැත; නපුර හෙළා දකින තැනැත්තා සොර මුළට ගොදුරක් වේ. සමිඳාණෝ මේ දේ දැක, යුක්තිය නුවූ බැවින් අප්‍රසන්න වූ සේක.”
එකල සෙනඟ පිළිතුරු දෙමින්, “එන්න, අපි ජෙරමියාට විරුද්ධ ව උපා යොදමු; අපට අනුශාසනා කිරීමට පූජකයන් ද උපදෙස් දීමට ප්‍රඥාවන්තයන් ද පණිවුඩ ප්‍රකාශ කිරීමට දිවැසිවරුන් ද නිතර ම සිටිනු ඇත. ඒ නිසා ජෙරමියා කියන දේට සවන් නොදී ඔහුට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් කරමු”යි කී හ.
“ජුදාහි ජෙහෝයාකිම් රජු ගැන මෙසේ කියන්නැ”යි ද සමිඳාණන් වහන්සේ ජෙරමියාට වදාළ සේක. “බබිලෝනියේ රජ අවුත් මේ දේශය විනාශ කර, මෙතැනින් මනුෂ්‍යයන් ද මෘගයන් ද පහ කරදමන්නේ ය කියා නුඹ මේ පොතෙහි ලියුවේ කුමක් නිසා දැ යි අසමින් නුඹ ඒ පොත පුළුස්සා දැමුවෙහි ය.
බොරු බස් අසන මාගේ සෙනඟට නුඹලා බොරු කීමෙන් ද මරණය විඳින්න සුදුසු නැති අය මරමින් ද ජීවත් වීමට සුදුසු නැති අයට ජීවත් වීමට ඉඩ දෙමින් ද නුඹලා යව අහුරු හා රොටි කෑලි ලබාගැනීමට මාගේ සෙනඟ අතරේ මා කෙලෙසුවහු ය.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම විනිශ්චය පිණිස නුඹලා ළඟට අවුත්, මන්ත්‍රකාරයන්ට ද කාමමිථ්‍යාචාරිකයන්ට ද බොරු සාක්ෂි දෙන්නන්ට ද කුලීකරුවන්ට පීඩා කරන්නන්ට ද වැන්දඹුවන්ට, අනාථයන්ට හා විදේශිකයන්ට අයුතු දේ කරන්නන්ට ද මට ගරුබිය නොදක්වන්නන්ට ද විරුද්ධ ව විගසින් සාක්ෂි දෙන්නෙමි.”
“ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක් දැ”යි ඇසී ය. ඔව්හු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ.
ඔබ සුවිශුද්ධ වූ ධර්මිෂ්ඨ වූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට මිනීමරුවෙකු මුදා දෙන මෙන් ඉල්ලා සිටියහු ය.
“ ‘ෂිබ්බොලෙත්’ කියා කියාපන්නැ”යි ඔව්හු ඔහුට කියති. ඔහුට එය හරියට උච්චාරණය නොකළ හැකි ව, ‘සිබ්බොලෙත්’ කියා කීවොත්, ඔව්හු ඔහු අල්ලා ජොර්දාන් තොටුපොළවල් ළඟ මරති. ඒ අයුරින් එප්‍රායිම්වරුන්ගෙන් සතළිස්දෙදහසක් මැරුම්කෑවෝ ය.